සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (20) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට තවත් දුක්බර පරාජයක් උරුම කරදෙමින්.
ශ්‍රී ලංකාව වැඩි ගෞරවය දිනා ගෙන ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ මෙම තරගයෙන්, අවසන් මොහොතේ දී කඩුලු 3කින් ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනේ 2-0ක් ලෙස තරගාවලිය ද ජයග්‍රහණය කරමිනි.
මේ ලබා ගත් සුපිරි ජයග්‍රහණයත් සමඟ ICC එක්දින සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 10ක් එකතු කර ගත් ඉන්දියාව එහි තුන්වැනි ස්ථානය දක්වා පියවර දෙකක් ඉදිරියට පැමිණීමට සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමින් ඉසුරු උදාන වෙනුවට, කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබුණා. ඉන්දීය කණ්ඩායම මේ තරගයට අවතීර්ණ වුනේ පළමු තරගයට ක්‍රීඩා කළ ජයග්‍රාහී කණ්ඩායමම සමඟයි
දෙවන එක්දින තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,
ශ්‍රී ලංකාව – Avishka Fernando, Minod Bhanuka(w), Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Lakshan Sandakan, Kasun Rajitha
ඉන්දියාව – Prithvi Shaw, Shikhar Dhawan(c), Ishan Kishan(w), Manish Pandey, Suryakumar Yadav, Hardik Pandya, Krunal Pandya, Deepak Chahar, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Kuldeep Yadav
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැංවීමේ දී 23 හැවිරිදි චරිත් අසලංක සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මංගල අර්ධ ශතකය ලබා ගන්නා විට, 23 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තා.
ඔවුන් දෙදෙනා ලබා ගත් අර්ධ ශතක සවියක් කරගනිමින් ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු ප්‍රමාණය සඳහා වැඩි වටිනාකමක් එකතු කළ 25 හැවිරිදි චාමික කරුණාරත්න පන්දු 33ක් තුල නොදැවී ලකුණු 43*ක් ලබා ගනිමින් පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු සටහන 275/9ක් දක්වා යම් සාර්ථක අවසානයකට රැගෙන ගියා.
එයට පිළිතුරු දීම වෙනුවෙන් පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වුනු නායක Shikhar Dhawan සහ Prithvi Shaw පළමු පන්දුවාර දෙක තුල ලකුණු 26ක් ලබා ගනිමින් පළමු තරගයේ දී මෙන් ප්‍රහාරාත්මක ලෙස ලකුණු රැස් කළ අතර වහාම ක්‍රියාත්මක වුනු ශානක වනිඳු හසරංග පන්දු යැවීම සඳහා කැඳවනු ලැබුවා.
වනිඳු ක්‍රියාත්මක කළ සිය පළමු පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ලකුණු 13ක් ලබා සිටි Prithvi Shawගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වුනු පළමු කඩුල්ල ඉක්මනින්ම දවා දුන්නා.
තවත් ක්‍රිකට් පුවත්:
- ප්‍රිත්වි, ධවාන් සහ කිෂාන්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට පරාජය
- ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කරයි
- ශ්‍රී ලංකාව හා සටනට අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාව
වනිඳු හසරංග සහ කසුන් රාජිත ශ්‍රී ලංකාවට අවශ්‍යවම තිබූ පළමු කඩුලු 3 වුනු, පළමු තරගයේ දී ලකුණු අතරට පැමිණි Prithvi Shaw, Shikhar Dhawan සහ Ishan Kishanගේ කඩුලු දවා ගත් නමුත් කඩුලු වැටීම පීඩනයක් කර නොගෙන සුපුරුදු රිද්මයෙන්ම ලකුණු රැස් කිරීමට Suryakumar Yadav සහ Krunal Pandya සමත් වුනා.
ලකුණු 116කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් 6 වැනි කඩුල්ල සඳහා Suryakumar සහ Krunal එක්ව පන්දු 54ක දී ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැංවූවා.
ලකුණු 53ක් ලබාගෙන සිය මංගල එක්දින අර්ධ ශතකය ලබාගෙන ඉතාමත් විශ්වාසයෙන් පන්දුවට පහර දෙමින් සිටි Suryakumar Yadavගේ කඩුල්ල ලක්ෂාන් සඳකැන් විසින් දවා ගත් නමුත්, එතැන් සිට ඔහුට සිය පන්දුවේ පාලනය එක ඉලක්කයක පවත්වා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.
එවැනි පසුබිමක් තිබිය දී ඉන්දීය පසුපෙළ පිතිකරුවන් සඳකැන් යොමු කළ බහුතරයක් දුර්වල පන්දුවලට ලකුණු ලබා ගනිමින් කඩුලු දැවීමෙන් ඇති වුණු පීඩනය ශ්‍රී ලංකාව වෙතම යොමු කළා. මෙහි පුදුම වීමට කාරණය නම් දිගින් දිගටම ප්‍රහාරයට ලක්වුණු සඳකැන් පන්දුවාර 10ම ක්‍රියාත්මක කිරීමයි.
ඔහුගේ නියමිත පන්දුවාර ප්‍රමාණයෙන් තරමක් අඩුකර ධනංජය ද සිල්වා හට හෝ චාමික කරුණාරත්න හට ලබා දීමට අවස්ථාවක් තිබුණු නමුත් එම අවස්ථාවේ දී ශානක ලබා ගත් තීරණය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි වනිඳු හසරංගගේ පන්දුවාර තුල ආරක්ෂාකාරිව පන්දුවට පහර දුන් Deepak Chahar සහ Bhuvneshwar Kumar ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 10 ඉතාමත් හොඳින් සැලසුම් කරමින් දුර්වල පන්දු තෝරා බේරාගනිමින් පන්දුවට පහර දුන්නේ 8 වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 84*ක සබඳතාවයක් ගොඩනංවමිනි.
අවසානයේ දී ශ්‍රී ලංකාව සතුව තිබෙන අත්දැකීම් මදි බව නිසාවෙන් ශ්‍රී ලංකාව අතේ තිබූ ජයග්‍රහණය අනෙක් කණ්ඩායම වෙත බන්දේසියක තබා පිදීමට සිදු වුනේ ශ්‍රී ලංකා තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට දැඩි පහරක් එල්ල කරමින් බවට කිසිදු සැකයක් නැහැ.
Photos: India tour of Sri Lanka 2021 – 2nd ODI
ඉන්දියාවට සුපිරි ජයක් ලබා දුන් Deepak Chahar සිය පළමු එක්දින අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 82ක් තුල නොදැවී ලකුණු 69*ක් ලබා ගත්තේ 4 පහර 7ක් සහ 6 පහරක් එල්ල කරමිනි. Bhuvneshwar Kumar නොදැවී ලකුණු 19*ක් ලබා ගත්තා. අවසානයේ දී ඔවුන්ට ලැබුණු ලකුණු 276 ඉලක්කය කඩුලු 7ක් දැවී තවත් පන්දු 5ක් පමණක් ඉතිරිව තිබිය දී හඹා යාමට ඉන්දියාව සමත් වුනා.
2017 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැලේ දී පැවති දෙවන එක්දින තරගය ද මෙය හා සමාන තරගයක් වුනු අතර එම තරගයේ දී ද 8 වැනි කඩුල්ල වෙනුවෙන් MS Dhoni සහ Bhuvneshwar එක්ව නොදැවුණු ලකුණු 100*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට හිමිවීමට වැඩි ඉඩක් තිබුණු තරග ජය ඔවුන් සතුකර ගත්තා. අද කොළඹ පැවති තරගයේ දී ද වුනේ එදා වුනු සිදුවීම හා සමාන සිදුවීමකි.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 37කට කඩුලු 3ක් දවාගෙන සුපිරි දස්කම් අතරට පැමිණියා.
- තරගයේ වීරයා – Deepak Chahar (ඉන්දියාව)
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: controllers/Embed.php
Line Number: 86
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
A PHP Error was encountered
Severity: Warning
Message: Invalid argument supplied for foreach()
Filename: embed/match_result.php
Line Number: 115
Backtrace:
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view
File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 23 වැනිදා මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. ඒ තරගයේ විස්තර ඇතුළු සියලු ක්‍රීඩා පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<