ජගත් ක්‍රිකට් කරලියේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමක් ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි ඉන්දීය කණ්ඩායම අද (26) නවසීලන්ත සංචාරයේ දෙවැනි කඩයිමත් ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් විය. ඒ සත්කාරක නවසීලන්ත පිළ තම මව්බිමේදීම කඩුලු 7කින් පරාජය කරමිනි. මේ අනුව තරග 5කින් සමන්විත T20 තරගාවලියේ 2-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවයි.
නවසීලන්තයේ ලකුණු 203 ඉන්දියාව පන්දුවාර 19න් හඹායයි!
ඉන්දීය පිළේ නවසීලන්ත සංචාරය අරඹමින් පැවති පළමු T20 තරගයෙන්ම කඩුලු 6ක සුවිශේෂී ජයක් වාර්තා කර ගන්නට…..
ඕක්ලන්ඩ් හිදීම පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූයේ නවසීලන්තයයි. කෙසේවෙතත් ඔවුන් මුලින් පිතිකරණයේ යෙදෙන්නට ගත් තීරණය එතරම් සුබවාදී වූයේ නැත. ඒ ඉන්දීය පිළ සීමිත පන්දුවාර තරග වලදී මට්ටු කරන්නට නම් ඔවුන්ව මුලින් පන්දුවට පහර දීමට පොළඹවාගෙන අඩු ලකුණු ගණනකට දවා ගැනීමට අවශ්‍ය වන බැවිනි.
පසුගිය තරගයේ දී මෙම ක්‍රීඩාංගණයේදීම ලකුණු 203ක් රැස්කළ නවසීලන්තයට අද දිනය එතරම් වාසනාවන්ත නොවූ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ඔවුන් රැස්කර ගත්තේද ලකුණු 132ක් පමණි. එහිදී කිසිදු පිතිකරුවෙකු අර්ධ ශතකයක් කරා නොගිය අතර බොහෝ පිතිකරුවෝ ලබාගත් ආරම්භය අතරමැද දමා ක්‍රීඩාගාරයට හැරී ගියහ. එහිදී මාර්ටින් ගප්ටිල් පන්දු 20කට මුහුණ දී ලකුණු 33ක් සහ ටිම් සයිෆට් පන්දු 26කට මුහුණ දී නොදැවී ලකුණු 33ක් රැස් කළහ.
මීට අමතරව ගප්ටිල්ගේ සහය ආරම්භක පිතිකරු කොලින් මන්රෝ ද ලකුණු 26ක් ලබාගෙන පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක් එක් කළද එහි ප්‍රතිඵල නෙලා ගැනීමට නවසීලන්ත පිළට හැකි නොවීය. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා නැවතත් සාර්ථක වෙමින් පන්දුවාර 4ටම ලකුණු 18ක් පමණක් ලබාදී කඩුලු 2ක් බිඳ හෙලීය. මීට අමතරව ශාදුල් තකූර්, බුම්රාහ් සහ ශිවාම් ඩුබේ කඩුලු බිඳ දැමූ අතර ශාදුල් තකූර්ගේ පන්දුවාර 2ට නවසීලන්ත පිළ ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූහ.
අප්‍රිකානු බිමක දී නැවතත් පෙරළියක් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්…..
ඕක්ලන්ඩ් තණතිල්ලේ මෙම ලකුණු සංඛ්‍යාව හඹායාම පහසු ඉලක්කයක් බව වටහා ගත් ඉන්දීය පිළ ජයග්‍රහණය තහවුරු කර ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දුවාර 17.3ක් පමණි. එහිදී මේ දිනවල හොඳින් ලකුණු අතර සිටින ලෝකේෂ් රාහුල් සහ ශ්‍රෙයාස් අයර් සාර්ථක වීම පමණක් ඔවුන්ට තවත් විස්සයි විස්ස තරග ජයක් සඳහා ප්‍රමාණවත් විය. අලංකාර ඉනිමක් ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල් පන්දු 50කදී ලකුණු 57ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟයි.
මීට අමතරව පසුගිය තරගයේ වීරයා බවට පත්වූ ශ්‍රෙයාස් අයර් නැවතත් එම ගෞරවය දිනා ගැනීමේ අටියෙන් ලකුණු 44ක් ලබා ගත්තේය. ඒ හයේ පහර 3ක් සහ එක් හතරේ පහරක් සමඟයි. කෙසේවෙතත් මෙවර එම සම්මානය දිනා ගැනීමට සමත් වූයේ විස්සයි විස්ස තරග පිටියේ නොකඩවා සාර්ථක වෙමින් සිටින ලෝකේෂ් රාහුල්ටයි.
කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!
2020 වර්ෂය සඳහා පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලින් සැනසිලිදායක…..
T20 තරග වලද ලකුණු 50කට වැඩි අසාමාන්‍ය ලකුණු සාමාන්‍යයක් පවත්වාගෙන යන විරාත් කෝලි අද ලකුණු 11කට දැවී ගියද මෙම පිතිකරුවන් දෙදෙනාගේ දස්කම් ඉන්දියාවට තවත් පහසු ජයක් උරුම කර දුන්නේය. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 2ක් බිඳ හෙලද්දී ඉශ් සෝඩි එක් කඩුල්ලකට හිමිකම් කීවේය. දෙරට අතර මීලඟ T20 තරගය ලබන 29 වැනිදා හැමිල්ටන් හිදී පැවැත්වීමට නියමිතව ඇත.
නවසීලන්තය – කඩුලු 5ක් දැවී ලකුණු 132 (පන්දුවාර 20) මාර්ටින් ගප්ටිල් 33, ටිම් සයිෆට් 33, කොලින් මන්රෝ 26, රොස් ටේලර් 18, කේන් විලියම්සන් 14, රවින්ද්‍ර ජඩේජා 2/18, ශිවාම් ඩුබේ 1/16, ජස්ප්‍රිට් බුම්රාහ් 1/21.
ඉන්දියාව – කඩුලු 3ක් දැවී ලකුණු 135 (පන්දුවාර 17.3) ලෝකේෂ් රාහුල් 57*, ශෙයාර් අයර් 44, විරාත් කෝලි 11, ටිම් සවුති 2/20, ඉශ් සෝඩි 1/33.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<