ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු එක්දින තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායමට තරග ආදායමෙන් 20%ක දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දීර්ඝ තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය පසුගිය 27 වනදා සිඩ්නි හිදී පැවැත්විනි.
මෙම තරගය සඳහා තරග තීරකවරයා ලෙස David Boon මහතා කටයුතු කළේය. තරගය අවසන් වීමෙන් පසුව පන්දුවාර ක්‍රියාත්මක කිරීමට අදාළව ගත වූ කාලය පිළිබඳව විමර්ශනය කළ David Boon මහතා ඉන්දීය කණ්ඩායම අදාළ කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා එක් පන්දුවාරයක් අඩුවෙන් ක්‍රියාත්මක කර ඇති බව තහවුරු කර ඇත. ඒ අනුව විරාත් කෝලි ප්රමුඛ ඉන්දීය කණ්ඩායමට මෙලෙස 20%ක දඩ මුදලක් නියම කිරීමට ඔහු තීරණය කර තිබේ.
තරගය සඳහා විනිසුරුවන් ලෙස ක්‍රියා කළ Rod Tucker සහ Sam Nogajski මෙන්ම රූපවාහිනී විනිසුරු වූ Paul Reiffel සහ සිව්වන විනිසුරු වූ Gerard Abood මෙම දඩ මුදල තහවුරු කර තිබේ.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉන්දීය නායක විරාත් කෝලි හට දන්වා ඇති අතර එහිදී ඔහු තම වරද පිළිගෙන තිබේ. මේ නිසා තවදුරටත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය නොමැති බව විනිසුරුවරුන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා තිබේ.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- LPL සැණකෙළියට Russellගෙන් ගිනිකෙළි
- දඹුල්ල ආරම්භක පිතිකරුවාට ආබාධයක්!
- ඩක්වර්ත් ලුවිස් න්‍යායයෙන් දඹුල්ලට තියුණු ජයක්
- අවිශ්කගේ ඉවසිල්වන්ත පිතිකරණයෙන් Jaffna Stallionsට ජය
- LPL මංගල තරගයම සුපිරි පන්දුවාරයෙන් කෙළවර වෙයි; වීරයා චන්දි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයේ 2.22 ඡේදයට අදාළව දක්වා ඇති පරිදි, පවත්වා ගත යුතු පන්දුවාර වේගය පිළිබඳව දක්වා ඇති අතර එම පන්දුවාර සංඛ්‍යාවට වඩා අඩුවන එක් පන්දුවාරයක් සඳහා 20%ක දඩ මුදලක් අයකර ගත යුතු බව ද දන්වා තිබේ. එනම් අදාළ පන්දුවාර සංඛ්‍යාවට වඩා එක් පන්දුවාරයක් අඩුවෙන් ක්‍රියාත්මක කර ඇත්නම් 20%ක මුදලක්ද, පන්දුවාර දෙකක් අඩුවෙන් ක්‍රියාත්මක කර ඇත්නම් 40%ක දඩ මුදලක්ද වශයෙන් අයකර ගැනීමේ බලය එම තරගය සඳහා කටයුතු කළ විනිසුරුවන්ට ලබා දී තිබේ.
ඉන්දීය – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Aaron Finch සහ සුපිරි පිතිකරු Steve Smith ශතක වාර්තා කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ දී ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව ලකුණු 374ක් බවට පත්ව තිබිනි. ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 308ක් පමණක් වාර්තා කර ගැනීමට සමත් විය.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (29) දින පැවති දෙවන එක්දින තරගය ද ජයග්‍රහණය කරමින් තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම තරගයේ දීද Steve Smith ශතකයක් වාර්තා කළ අතර ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 50 සීමාව පසුකර යාමට සමත් වීම විශේෂත්වයකි.
තරගාවලියේ තුන්වන තරගය එළඹෙන දෙසැම්බර් 02 වනදා පැවැත්වීමට නියමිතය.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<