ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායම අද (05) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
මෙම සංචිතයට පසුගිය කාලසීමාව තුළ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි KL Rahul නම් කර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර සිදු වූ ආබාධයක් නිසා ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ඔහු මෙවර ආසියානු කුසලානයේ සුපිරි වටයේ තරග සඳහා ඉන්දීය කණ්ඩායමට එක් කර තිබෙන අතර ඔහුගේ කැඳවීම නිසා Sanju Samsonට සිය ස්ථානය අහිමිව තිබෙනවා.
- KL Rahulට කොළ එළියක්
- Kohliට ගැටෙන්න Naveen නැති වීම ගැන හතරවටින් කනගාටුව!
- 26 වසරකට පසුව ඉන්දු – පාකිස්තාන තරගයක් ජය පරාජයෙන් තොරයි
- සදීර, අසලංක සහ මතීෂ ශ්‍රී ලංකාව දිනවයි
Rohit Sharma නායකත්වය දරන මෙම සංචිතය සඳහා පිතිකරුවන් ලෙස Shubman Gill, Virat Kohli, Shreyas Iyer සහ Suryakumar Yadav එක්ව තිබෙන අතර අමතර කඩුලු රකින පිතිකරු ලෙස Ishan Kishan එක්ව සිටිනවා.
ලෝක කුසලානයට නම් කළ ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස Hardik Pandya, Ravindra Jadeja, Axar Patel සහ Shardul Thakur එක්ව තිබෙන අතර පන්දු යවන්නන් ලෙස Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Shami සහ Mohammed Siraj කණ්ඩායම නියෝජනය කරනවා.
- ලෝක කුසලානය සඳහා නම් කළ ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Ishan Kishan, Suryakumar Yadav, Hardik Pandya, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Jasprit Bumrah, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj.
තරගාවලිය සඳහා සියලු සංචිත අද (05) දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබා දිය යුතු අතර සැප්තැම්බර් 28 වැනිදා දක්වා එහි වෙනස්කම් සිදු කිරීමට අවස්ථාව හිමි වෙනවා.
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සඳහා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<