ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඔට්ටු තැබීමේ ජාවාරමක නිරත වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ මොහාලි ප්‍රාන්ත පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ හදිසි වැටලීමක දී එම තරගාවලිය සංවිධානය කරන ලද පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
බොරු ඌව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ වැඩක් ද?
කොරෝනා වසංගත තත්වයෙන් පසුව ශ්‍රී ලංකාව තුල නැවතත් ක්‍රිකට් ආරම්භ වන බවට පවසමින් මෙලෙස ව්‍යාජ ක්‍රිකට් තරගයක් පවත්වා එය සමාජ මාධ්‍ය සහ විවිධ වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ සජීව ලෙස විකාශනය කර ඇත්තේ බුකීකරුවන්ගේ උවමනාව සඳහා බව වාර්තා වේ. ඉන්දියාව තුල දැනට තිබෙන නීති රීති අනුව මුදල් සඳහා ඔට්ටු ඇල්ලීම ඉතාමත් බරපතළ වරදක් බව AFP වෙබ් අඩවිය වෙත අදහස් පළ කළ මොහාලි පොලිසියේ ඉහළ පෙළේ නිලධාරියෙක් සඳහන් කර ඇත.
ජුනි 29 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා පැවැත්වෙනවා යැයි ප්‍රචාරය කර තිබූ මෙම ව්‍යාජ තරගාවලිය සම්බන්ධව ප්‍රචාරය ලබා දුන් ඉන්දීය වෙබ් අඩවි ඒ සඳහා කණ්ඩායම් හතරක් සහභාගී වන බවට දක්වා තිබූ අතර එම කණ්ඩායම් නම් කර තිබුණේ මොනරාගල හොනට්ස්, මහියංගණය යුනිලයන්ස්, වැල්ලවාය වයිපර්ස් සහ බදුල්ල සී ඊගල්ස් ලෙසිනි. එහි නායකයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් වන තිලකරත්න ඩිල්ශාන්, අජන්ත මෙන්ඩිස්, ෆර්වීස් මහරූෆ් සහ තිලිණ තුෂාර නම් කර තිබුණි.
The UVA Premier League T20 launches in Sri Lanka, starting 29th June 2020, with a total of 14 matches being played with 4 iconic international players namely Tilakratne Dilshan ,Parvez Maharoof, Ajanta Mendis and Tilan Tushara…
? ?️https://t.co/MLCfHyJTX3 pic.twitter.com/17nNiukXYm
— Cricket World (@Cricket_World) June 26, 2020
ඌව ප්‍රිමියර් ලීග් නමැති මෙම ව්‍යාජ ක්‍රිකට් තරගාවලිය බදුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැත්වෙන බවට සඳහන් කරමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක් ඉකුත් ජුනි මස 29 වැනි දින ලකුණු පුවරුවක් පවා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබූ නමුත්, ඒ ආකාරයේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජූලි 1 වැනිදා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ඔවුන් ක්‍රීඩා පිටියේ අවට ප්‍රදේශය ශ්‍රී ලංකාව තුල තිබෙන ඉහළ පෙළේ වෙළඳ නාම කිහිපයක් සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් අන්තර්ජාලය හරහා තරග නරඹන්න සහ මුදලට ඔට්ටු අල්ලන පුද්ගලයින් හට මේ තරගාවලිය පිළිබඳව සැකයක් ඇති නොවන ආකාරයට සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තරගාවලිය සඳහා සම්බන්ධ වනවා යැයි ප්‍රචාරය කරන ලද ඉදිරිපෙළ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එවැනි ආකාරයක තරගාවලියක් සඳහා ඔවුන් සහභාගී නොවන බව පවසමින් සිය සමාජ මාධ්‍ය ජාලා හරහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු දීමත් සමඟම මේ පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු විය.
ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සවාරා යන ගම්මානය ආශ්‍රිතව තිබෙන කුඩා ක්‍රිකට් පිටියක සංවිධානය කර තිබූ මේ තරගාවලිය පිළිබඳව එම ක්‍රීඩා පිටියේ බලධාරීන් මෙසේ සිය අදහස් ප්‍රකාශ කර සිටියේය.
එංගලන්ත සුක්කානම අලුත් ක්‍රීඩකයෙකුට
“තරගාවලි සංවිධායකයින් අපිට කිව්වා ඔවුන් පොඩි ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරනවා කියලා. කොරෝනා වසංගත තත්වය නිසා ඒ තරගාවලිය බලන්න මිනිස්සු ගෙන්න ගන්නේ නැති නිසා තරග ටික ඔක්කොම සජීව ලෙස පෙන්නනවා කියලත් ඔවුන් අපිව දැනුවත් කළා. හැබැයි අපි ඇත්තටම හිතුවේ නැහැ ඔවුන් මේ තරගාවලිය තිබ්බේ බුකීකරුවන්ගේ අවශ්‍යතාවය සඳහා කියලා. එක එක ටෙන්ට්ස් සහ වෙළඳ දැන්වීම් ගහලා ක්‍රීඩා පිටිය වටේම ආවරණය කළා.”
කෙසේ නමුත් මේ තරගාවලිය අන්තර්ජාලය හරහා කොපමණ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් නැරඹුවා ද, කොපමණ මුදල් ප්‍රමාණයක් මේ සඳහා බුකීකරුවන් විසින් යොදවා තිබෙනවා ද යන්න තවමත් නිසි ලෙස අනාවරණය නොවී තිබෙන නමුත් මොහාලි පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.
AFP ඇසුරෙනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<