රුවින් පීරිස් ඇමෙරිකාව අමාරුවේ දමයි

IMC Over 50s World Cup

17
IMC Over 50s World Cup

වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (9) සමත් වුනා.

හැව්ලොක් පෙදෙස Colts ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇමෙරිකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

 ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

ශේන් ප්‍රනාන්දු (නායක), ප්‍රියන්ත රාජපක්ෂ (කඩුලු රකින්නා), සමන් ජයන්ත, රුවින් පීරිස්, ඉන්දික ද සේරම්, දුමින්ද සෝමවීර, ඩිල්ශාන් අමරසිංහ, රේණුක නෝනිස්, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, සුවන්ජි මදනායක, පූජිත උඩුවන, ඩිලන් ප්‍රනාන්ඩස්

ඇමෙරිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

සංජීව වීරසිංහ (නායක), Monappa Mathanda Uthaiai, Fazal Alam, නවීන් පීරිස්, සජිත් ප්‍රනාන්දු, Paresh Deshmukh, සුසන්ත ද මෙල්, Mohsin Khan, Arun Tholudur, Parak Ananta (කඩුලු රකින්නා)

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇමෙරිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුයේ සජිත් ප්‍රනාන්දු. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක සංජීව වීරසිංහ ද පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් එක් කළා. ඔවුන් දෙදෙනාට අමතර ව නවින් පීරිස් ද පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී සුවන්ජි මදනායක සහ රේණුක නෝනිස් කඩුලු ද්විත්වය බැගින් ද, සමන් ජයන්ත, ඩිලන් ප්‍රනාන්ඩස්, පුජිත උඩුවන සහ පුඤ්ඤකාන්ත අබේගුණසේකර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ප්‍රියන්ත රාජපක්ෂ සහ සමන් ජයන්ත ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 38ක සබඳතාවක් එක් කළා. එහි දී පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ ප්‍රියන්ත රාජපක්ෂ. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟන් ලකුණු 12ක් ලබා ගත්තා.

ඊට පසුව ඔහුගේ අඩු ව පිරවීමට පිටියට පිවිසියේ රුවින් පීරිස්. සමන් ජයන්ත සහ රුවින් පීරිස් 2 වැනි කඩුල්ලට පන්දු 51ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කරනවා. සමන් ජයන්ත පන්දු 41කට මුහුණ දී සිටිය දී ලකුණු 58කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ද ඇතුලත් වුනා.

අනතුරු ව ඉන්දික ද සේරම් ලකුණු 2කට දැවී ගිය අතර ඉන් පසුව දුමින්ද සෝමවීර හා එක් වූ රුවින් පීරිස් 4 වැනි කඩුල්ලට පන්දු 73ක දී ලකුණු 92ක සබඳතාවක් එක් කරනවා. එවර දැවී යන්දේ දුමින්ද සෝමවීර. ඔහු දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී රුවින් පීරිස් පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහ 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 93ක් ලබා සිටියා. ඊට අමතර ව අනෙක් අන්තයේ සිටි ඩිල්ශාන් අමරසිංහ නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 2ක්.

කඩුලු දවා ගැනීමේ දී Himanshu Patadia සහ Sanjay Pandya කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ඇමෙරිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 209 (45.0) නවීන් පීරිස් 36, සංජීව වීරසිංහ 46, සජිත් ප්‍රනාන්දු නොදැවී 69, සුවන්ජි මදනායක 2/37, රේණුක නෝනිස් 2/44

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 210 (31.0) සමන් ජයන්ත 58, රුවින් පීරිස් නොදැවී 93, දුමින්ද සෝමවීර 34, Sanjay Pandya 2/50, Himanshu Patadia 2/46

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය

Pool A

  • එංගලන්තය සහ සිම්බාබ්වේ අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.

සිම්බාබ්වේ – කඩුලු 6ක් දැවී 220 (45.0)

එංගලන්තය – කඩුලු 3ක් දැවී 223 (36.1)

එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රීඩාංගණයේ දී.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යය – සියලුම දෙනා දැවී 152 (37.1)

නවසීලන්තය – කඩුලු 3ක් දැවී 153 (227.4)

නවසීලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Pool B

  • දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණය

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී 199 (45.0)

දකුණු අප්‍රිකාව – සියලුම දෙනා දැවී 181 (42.0)

බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

  • පාකිස්තානය සහ වේල්සය අතර කොළඹ 7, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

පාකිස්තානය – සියලුම දෙනා දැවී 261 (45.0)

වේල්සය – කඩුලු 8ක් දැවී 258 (45.0)

පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 3ක ජයක්.

  • ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර කොළඹ 6, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී 191 (45.0)

ඕස්ට්‍රේලියාව – කඩුලු 7ක් දැවී 194 (44.0)

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

අද නිමා වූ තරගවල දී සිම්බාබ්වේ කණ්ඩායමේ Jason Oates (107) සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Anthony Sahadeo (101) ශතක ලබා ගැනීමට සමත් වූවා. පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාවේ Wiaan Smit කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<