50 කොල්ලන්ගේ වර්ල්ඩ් කප් එක හෙට සිට

IMC Over 50s World Cup

26
IMC Over 50s World Cup

3 වැනි වරටත් පැවැත්වෙන වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (9) සිට මෙරට දී ආරම්භ වීමට නියමිතයි. රටවල් 14ක කණ්ඩායම් සහභාගී වෙන මෙම තරගාවලිය මේ මස 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට තරග 56ක් ඇතුලත්.

කාණ්ඩ 2ක් යටතේ පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් එක් වීමට නියමිතයි. තරගාවලියේ පළමු වටයේ තරග මේ මස 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර 20 වැනිදා එක් එක් කාණ්ඩයේ ප්‍රසාද ලකුණු මත ලැයිස්තු ගත වෙන සියලු කණ්ඩායම් අතර තරග පැවැත්විමට නියමිතයි.

එදින පැවැත්වෙන තරග අතුරින් ප්‍රසාද ලකුණු පුවරුව අනුව එක් එක් කාණ්ඩයේ පළමු සහ 2 වැනි ස්ථානවලට පත් කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර එම තරග මේ මස 22 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ සමඟම තරගාවලියේ අනෙක් ස්ථානවලට පත් කණ්ඩායම් තෝරා ගැනීම සඳහා තරග ද එදින ම පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි මස 23 වැනි ඉරිදා පෙරවරු 10ට කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

Pool A

එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමෙරිකාව, නැමීබියාව

Pool B

දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, වේල්සය සහ ඉන්දියාව, කැනඩාව

2018 වසරේ දී ප්‍රථම වරට ආරම්භ වූ මෙම තරගාවලියේ මංගල ලෝක ශූරයන් වෙන්නේ ඕස්ට්‍රේලියාවයි. ඊට පසුව 2023 වසරේ දී පැවැති 2 වැනි ලෝක කුසලානයේ ශූරයන් ලෙසින් එංගලන්තය අභිශේක ලබනවා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 3 වැනි වරටයි.

තරග කාලසටහන

පෙබරවාරි 9 වැනිදා

Pool A

  • එංගලන්තය සහ සිම්බාබ්වේ අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.
  • නවසීලන්තය සහ එක්සත් එමීර් රාජ්‍යය අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රීඩාංගණයේ දී.
  • ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර කොළඹ 5, Colts ක්‍රීඩාංගණයේ දී.

Pool B

  • දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණය
  • පාකිස්තානය සහ වේල්සය අතර කොළඹ 7, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
  • ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර කොළඹ 6, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

පෙබරවාරි 10 වැනිදා

Pool A

  • නවසීලන්තය සහ ඇමෙරිකාව අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.
  • සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රීඩාංගණයේ දී.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නැමීබියාව අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණය

Pool B

  • පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී.
  • බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර කොළඹ 7, CCC ක්‍රීඩාංගණයේ දී.
  • වේල්සය සහ කැනඩාව අතර කොළඹ 7, Bloomfield ක්‍රීඩාංගණයේ දී.

පෙබරවාරි 12 වැනිදා

Pool A

  • එංගලන්තය සහ ඇමෙරිකාව අතර ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
  • නැමීබියාව සහ සිම්බාබ්වේ අතර කොළඹ 7, CCC ක්‍රීඩාංගණයේ දී.
  • ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.

Pool B

පෙබරවාරි 13 වැනිදා

Pool A

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එංගලන්තය අතර කොළඹ 7, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
  • නවසීලන්තය සහ සිම්බාබ්වේ අතර කොළඹ 5, Colts ක්‍රීඩාංගණයේ දී.
  • ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර කොළඹ 5, BRC ක්‍රීඩාංගණයේ දී.

Pool B

  • වේල්සය සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
  • ඉන්දියාව සහ කැනඩාව අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.

පෙබරවාරි 15 වැනිදා

Pool A

  • නැමීබියාව සහ නවසීලන්තය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.
  • ඇමෙරිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොළඹ 5, BRC ක්‍රීඩාංගණයේ දී.
  • ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ 5, Colts ක්‍රීඩාංගණයේ දී.

Pool B

  • දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර කොළඹ 7, ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
  • කැනඩාව සහ පාකිස්තානය අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • වේල්සය සහ ඕස්ට්‍රේලියාව අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.

පෙබරවාරි 17 වැනිදා

Pool A

  • නැමීබියාව සහ ඇමෙරිකාව අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කොළඹ 5, Colts ක්‍රීඩාංගණයේ දී.
  • නවසීලන්තය සහ එංගලන්තය අතර ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.

Pool B

  • දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.
  • කැනඩාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී.
  • වේල්සය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර කොළඹ 7, CCC ක්‍රීඩාංගණයේ දී.

පෙබරවාරි 18 වැනිදා

Pool A

  • ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී.
  • සිම්බාබ්වේ සහ ඇමෙරිකාව අතර කොළඹ 5, BRC ක්‍රීඩාංගණයේ දී.
  • නැමීබියාව සහ එංගලන්තය අතර කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Pool B

  • බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ 7, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
  • පාකිස්තානය සහ ඉන්දියාව අතර බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.
  • දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර කොළඹ 7, CCC ක්‍රීඩාංගණයේ දී

පෙබරවාරි 20 වැනිදා

අවසන් පූර්ව වටයේ තරග

  • කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී
  • කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.
  • කටුනායක, FTZ ක්‍රීඩාංගණයේ දී
  • කොළඹ 7, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී.
  • කොළඹ 5, BRC ක්‍රීඩාංගණයේ දී

පෙබරවාරි 22 කාණ්ඩ අවසන් තරගය

  • කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී
  • කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • බණ්ඩාරගම, PUSA ක්‍රීඩාංගණයේ දී.
  • කටුනායක, FTZ ක්‍රීඩාංගණයේ දී
  • කොළඹ 5, BRC ක්‍රීඩාංගණයේ දී
  • රත්මලාන, වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී

පෙබරවාරි 23 ශූරතා අවසන් මහා තරගය

  • කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

මෙම තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශේන් ප්‍රනාන්දු හට හිමි ව ඇති අතර රුවින් පීරිස් උප නායකත්වයේ කටයුතු කරයි. ඔවුන්ට අමතර ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ උපුල් චන්දන, ඉන්දික ද සේරම් සහ සමන් ජයන්ත ද මෙම කණ්ඩායමට ඇතුලත්. ඊට අමතර නිමා වූ ආසන්නත ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ සුවන්ජි මදනායක ද මෙම කණ්ඩායමට ඇතුලත්.

නම් කරන ලද කණ්ඩායමේ ශ්‍රී ලාංකීය විදෙස් ගත ක්‍රීඩකයන් 5 දෙනෙක් ද ඇතුලත් අතර තරග තීරක වෙන්ඩල් ලැබ්රෝයි ද මෙම කණ්ඩායමට ඇතුලත්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් කණ්ඩායම

ශේන් ප්‍රනාන්දු (නායක), රුවින් පීරිස් (උප නායක), ඩිල්ශාන් අමරසිංහ, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, උපුල් චන්දන, ඉන්දික ද සේරම්, ඩිලෝන් ෆර්ඩිනැන්ඩස් (ඕස්ට්‍රේලියාව), රොරි ඉන්ග්‍රම් (එංගලන්තය), රසල් ඉන්ග්‍රම් (ඕස්ට්‍රේලියාව), සමන් ජයන්ත, වෙන්ඩල් ලැබ්රෝයි, සුවන්ජි මදනායක, කාමන් මාපටුන, රවී පෙරේරා (නවසීලන්තය), චමින්ද රාජපක්ෂ, දුමින්ද සෝමවීර, පූජිත උඩුවන, දමින්ද විජේසේකර (ඕස්ට්‍රේලියාව)

හර්ෂ ද සිල්වා (පුහුණුකරු – ඕස්ට්‍රේලියාව), ශාන්ත ගුණසේකර (කළමණාකරු – ඕස්ට්‍රේලියාව)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<