වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා වෙන්නේ පාකිස්තානය ශූරයන් ලෙසත් සහ ශ්‍රී ලංකාව අනුශූරයන් ලෙසිනුත් අභිශේක ලබා ගනිමිනුයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
ප්‍රතිවාදීන් | ක්‍රීඩාංගණය | ප්‍රතිඵලය | |
1 | ඇමෙරිකාව | කොළඹ, Colts | ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්. |
2 | සිම්බාබ්වේ | කොළඹ, MCA | ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. |
3 | UAE | බණ්ඩාරගම, PUSA | ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්. |
4 | නැමීබියාව | කොළඹ, BRC | ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. |
5 | එංගලන්තය | කොළඹ, Colts | එංගලන්තයට කඩුලු 9ක ජයක්. |
6 | නවසීලන්තය | කොළඹ, NCC | ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක්. |
අවසන් පූර්ව වටය | |||
7 | ඕස්ට්‍රේලියාව | කොළඹ, MCA | ශ්‍රී ලංකාවට ලකුණු 124ක ජයක්. |
අවසන් මහා තරගය | |||
8 | පාකිස්තානය | කොළඹ, P Sara Oval | පාකිස්තානයට කඩුලු 6ක ජයක් |
තරගාවලියේ දක්ෂතම පිතිකරුවෝ
ශ්‍රී ලංකාවේ මෙන් ම තරගාවලියේ ද වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ සමන් ජයන්ත. ඔහු මෙම තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුනු 360ක් ලබා ගන්නවා.
එම ලකුණු අතර නවසීලන්තයට එරෙහි ව පන්දු 82කින් ලබා ගත් ලකුණු 114ක් ද සහ ඇමෙරිකාවට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ අවසන් මහා තරගයේ දී පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතක ද ඇතුලත්.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් 2 වැනි ස්ථානය හිමි වෙන්නේ Rory Ingram ට. ඔහු මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ශතකය වාර්තා කළ පිතිකරු බවට ද පත් වුනා. ඔහු තරගාවලිය අවසන් කරන විට ඉනිම 7ක දී ලකුණු 292ක් ලබා ගෙන සිටියා. එහි සාමාන්‍ය 97.33ක් ලෙසින් රඳවා ගැනීමට ද ඔහු සමත් වෙනවා.
ඒ අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව පන්දු 93කට මුහුණ දෙමින් නොදැවී ලබා ගත් ලකුණු 102යි. ඊට අමතර ව නැමීබියාවට එරෙහි ව ලබා ගත් අර්ධ ශතකයක් ද ඒ තුළ ඇතුලත්.
මෙම ලැයිස්තුවේ 3 වැනි අසුනට හිමිකම් කියන්නේ රුවින් පීරිස්. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 280ක් ලබා ගන්නවා. එම ලකුණු අතර ඕස්ට්‍රේලියාවට එරෙහි ව පන්දු 100ක දී ලබා ගත් ලකුණු 107ක් සහ ඇමෙරිකාව සහ නවසීලන්තයට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක 2ක් ද ඇතුලත්.
එම ලැයිස්තුවේ 4 වැනි ස්ථානය ශ්‍රී ලංකා නායක ශේන් ප්‍රනාන්දු සතු කර ගන්නවා. ඔහු මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ ඉනිම 4ක දී ලබා ගන්නා ලකුණු 163ක් සමඟිනුයි. එම ඉනිම් අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව පන්දු 83ක දී නොදැවී ලබා ගන්නා ලද ලකුණු 83යි.
මේ අතර මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය ඉන්දික ද සේරම් සතු කර ගන්නවා. ඔහු තරග 7ක දී ලකුණු 105ක් ලබා ගනිමින් මෙම අසුනට හිමිකම් කීවා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවෝ
Mat | inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | ||
1 | සමන් ජයන්ත | 7 | 7 | 0 | 360 | 114 | 51.43 | 1 | 3 | 52 | 7 |
2 | Rory Ingram | 7 | 7 | 4 | 292 | 102* | 97.33 | 1 | 1 | 35 | 1 |
3 | රුවින් පීරිස් | 6 | 6 | 1 | 280 | 107 | 70.00 | 1 | 2 | 25 | 8 |
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා ඒ ලෙසින් සටහන් වෙද්දී මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර 2 වැනි ස්ථානය හිමි කර ගැනීමට වේල්සයේ Simon Holliday සමත් වෙනවා. ඔහු ඉනිම 6ක දී ලකුණු 352ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ 80.92ක සාමාන්‍යයක් ද තබා ගනිමින්.
ඔහුගේ මෙම ලකුණු අතරට ඇමෙරිකාවට එරෙහි ව පන්දු 108කට මුහුණ දෙමින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 114ක් සහ පාකිස්තානයට සහ ඉන්දියාවට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතක ද්විත්වයක් ද ඇතුලත්.
එමෙන් ම මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය එංගලන්තයේ Giles Ecclestone සතු කර ගන්නවා. ඔහු ඉනිම 6කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 349ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය 174.5ක් වන අතර එලෙසින් ඉහළ අගයක් රඳවා ගැනීමට ඔහු සමත් වෙන්නේ ඉනිම 4ක් ම නොදැවී පිටියේ රැඳී සිටිමිනුයි.
ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ ඇමෙරිකාවට එරෙහි ව පන්දු 101ක දි නොදැවී ලබා ගන්නා ලද ලකුණු 109 වන අතර ඊට අමතර ව සිම්බාබ්වේට සහ ශ්‍රී ලංකාවට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතක ද්විත්වයක් ද ඇතුලත්.
තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරු බවට පත් වූයේ ඉන්දියාවේ Fakir Dungaria. ඔහු කැනඩාවට එරෙහි ව පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 124ක් ලබා ගනිමින් ඊට හිමිකම් කිව්වා.
- 50+ ලෝක කුසලානය පාකිස්තානයට
- දසුන් ශානකට දඩ!
- ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් සටනට
- සමන් ජයන්තත් ශතක සමාජයට
- Rory සහ පූජිත නැවතත් දක්ෂතා දක්වයි
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නෝ
ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ පූජිත උඩුවන. ඔහු තරග 6කට සහභාගී වෙමින් කඩුලු 12ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා. නමුත් ලෝක කුසලාන තරගාවලියේ දී පන්දු යවන්නන් අතුරින් ඔහුට හිමි වූයේ 12 වැනි ස්ථානයයි.
ඔහු මෙම තරගාවලියේ දී තමන් ගේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවයි. පන්දුවාර 9ක් යවන ඔහු නිලකුණු පන්දුවාර 2ක් ද සමඟින් ලකුණු 27කට කඩුලු 4ක් දවා ගන්නවා.
ඊට අමතර ව ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 45කට කඩුලු 4ක් ද සහ නැමීබියාවට එරෙහි ව ලකුණු 16කට කඩුලු 3ක් ද දවා ගන්නවා.
මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයත් සහ ලෝක කුසලාන ලැයිස්තුවේ 17 වැනි ස්ථානයත් හිමිකර ගන්නේ සමන් ජයන්ත. ඔහු තරගාවලිය නිමා කරන්නේ කඩුලු 11ක් දවා ගනිමිනුයි. එහි දී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහි ව ලකුණු 28කට දවා ගන්නා ලද කඩුලු 4යි.
ඊට අමතර ව ඔහු නවසීලන්තයට එරෙහි ව ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ද දක්ෂතා දක්වනවා.
අනතුරු ව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම දක්ෂතා දැක් වූ පන්දු යවන්නා බවට පත් වෙන්නේ සුවන්ජි මදනායක. ඔහු මෙරට ලැයිස්තුවේ 3 වැනියා බවට පත් වෙද්දී ලෝක කුසලාන ලැයිස්තුවේ පත් වෙන්නේ 37 වැනියාටයි.
ඉනිම 7ක දී කඩුලු 8ක් දවා ගන්නා ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ සිම්බාබ්වේට එරෙහි ව ලකුණු 26කට දවා ගත් කඩුලු 2යි.
ඔවුන්ට කඩුලු 6ක් දවා ගත් දමින්ද විජේසේකර 4 වැනියා ලෙසත් සහ කඩුලු 4ක් දවා ගත් ශේන් ප්‍රනාන්දු 5 වැනියා ලෙසත් ශ්‍රී ලංකා කඩුලුලාභීන්ගේ ලැයිස්තුව හා එක් වුනා.
තරගාවලියේ වැඩිම කඩුලුලාභි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ
Players | Mat | inns | O | M | Runs | Wkts | Best | Avg | 4 | |
1 | පූජිත උඩුවන | 6 | 6 | 44.0 | 3 | 179 | 12 | 4/27 | 14.92 | 2 |
2 | සමන් ජයන්ත | 6 | 6 | 52.0 | 2 | 153 | 11 | 4/28 | 14.18 | 1 |
3 | සුවන්ජි මදනායක | 8 | 7 | 51.0 | 1 | 236 | 8 | 2/26 | 29.5 | 0 |
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා එලෙසින් වෙද්දී ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ වේල්සයේ Ali Bukhari. ඔහු තරග 8ක දී කඩුලු 21ක් දවා ගනිමින් එම ලැයිස්තුවේ පළමු අසුන හිමිකර ගන්නවා.
එහි 2 වැනි ස්ථානය තරග 7ක දී කඩුලු 18ක් දවා ගත් දකුණු අප්‍රිකාවේ Wiaan Smit ද සහ 3 වැනි ස්ථානය තරග 7ක දී කඩුලු 14ක් දවා ගත් පාකිස්තානයේ Rehan Rauf සතු වෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.