එංගලන්තයට 3 වැනි ස්ථානය

SLC Major Club 3 Day Tournament

59

වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 3 වැනි ස්ථානයට පත් කණ්ඩායම බවට පත් වීමට එංගලන්තය අද (22) සමත් වුනා.

පසුගිය වසරේ ශූරයන් වූ එංගලන්ත ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් අපරාජිත ව පළමු කාණ්ඩයේ ශූරයන් වූව ද ඔවුන් අවසන් පූර්ව වටයේ දී පාකිස්තානය වෙතින් පරාජය වීමට සිදු වෙනවා.

එම පරාජයත් සමඟින් ඔවුන් එක් අන්තයකින් තෙවැනි ස්ථානය තෝරා ගන්නා තරගයට සුදුසුකම් ලබා ගත් අතර අනෙක් අවසන් පූර්ව වටයේ තරගයට එක් වූයේ 50න් ඉහළ ලෝක කුසලාන තරගමාලාවේ ආරම්භක වසරේ ශූරයන් වූ ඕස්ට්‍රේලියාව සහ මෙවර සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්. එම තරගයෙන් පරාජයට පත් වෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවැනි ස්ථානය තෝරා ගන්නා තරගයේ අනෙක් කණ්ඩායම බවට පත් වෙනවා.

ඒ අනුව කොළඹ NCC පිටියේ දී පැවැති මෙම තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ මෙම ස්ථානයට පත් වෙනවා.

මේ අතර අද පැවැති තරග අතුරින් වේල්සය සහ ඉන්දියාව අතර පැවැති තරගයේ දී වේල්සයේ Ali Bukhari පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ දී වාර්තා වූ 10 වැනි ශතකයයි.

ඊට අමතර ව අද නිමා වූ තරගවල දී නවසීලන්තයේ Colin Owens, ඇමෙරිකාවේ සංජීව වීරසිංහ, නැමීබියාවේ Leon Fleming, සිම්බාබ්වේ Jason Oates සහ Brian Goodwin, දකුණු අප්‍රිකාවේ Dave Bakker, වේල්සයේ Iwan Rees, ඉන්දියාවේ Sohail Masood අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට සමත් වුනා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

3 වැනි ස්ථානය සඳහා තරගය  

  • ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
    • ඕස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 88 (32.1)  
    • එංගලන්තය – කඩුලු 2ක් දැවී 89 (14.0)  
    • එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 11ක ජයක්.  

(4 වැනි ස්ථානය ඕස්ට්‍රේලියාවට) 

5 වැනි ස්ථානය සඳහා තරගය  

  • ඉන්දියාව සහ වේල්සය අතර කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
    • ඉන්දියාව – කඩුලු 5ක් දැවී 299 (45.0)  
    • වේල්සය – කඩුලු 7ක් දැවී 288 (45.0)  
    • ඉන්දීය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 11ක ජයක්.  

(6 වැනි ස්ථානය වේල්සයට) 

7 වැනි ස්ථානය සඳහා තරගය 

  • ඇමෙරිකාව සහ නවසීලන්තය අතර බණ්ඩාරගම, PUSA ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
    • ඇමෙරිකාව – කඩුලු 9ක් දැවී 254 (45.0) 
    • නවසීලන්තය – කඩුලු 8ක් දැවී 255 (44.0)  
    • නවසීලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 2ක ජයක්. 

(8 වැනි ස්ථානය ඇමෙරිකාවට) 

9 වැනි ස්ථානය සඳහා තරගය 

  • දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
    • දකුණු අප්‍රිකාව – සියලුම දෙනා දැවී 258 (45.0)  
    • බටහිර ඉන්දීය කොදෙව් – සියලුම දෙනා දැවී 199 (36.3) 
    • දකුණු අප්‍රිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 59ක ජයක්. 

(10 වැනි ස්ථානය බටහිර ඉන්දීය කොදෙව්වන්ට) 

11 වැනි ස්ථානය සඳහා තරගය 

  • කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර කටුනායක FTZ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
    • කැනඩාව – සියලුම දෙනා දැවී 207 (43.2) 
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියලුම දෙනා දැවී 192 (42.4) 
    • කැනඩා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 15ක ජයක්. 

(එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 12 වැනි ස්ථානය) 

13 වැනි ස්ථානය සඳහා තරගය 

  • නැමීබියාව සහ සිම්බාබ්වේ අතර රත්මලාන NS ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
    • නැමීබියාව – කඩුලු 8ක් දැවී 177 (45.0) 
    • සිම්බාබ්වේ – කඩුලු 5ක් දැවී 180 (24.0) 
    • සිම්බාබ්වේ වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්. 

(නැමීබියාවට 14 වැනි ස්ථානය) 

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 23 වැනි ඉරිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<