අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (18) නිමා වූ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයේ දී සමන් ජයන්ත ශතකයක් ලබා ගත්තා.
මෙය මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කරන ලද 2 වැනි ශතකයයි.
කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබා ගත් අතර එම ඉලක්කය 30 වැනි පන්දුවාරයේ දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම
ශේන් ප්‍රනාන්දු (නායක), සමන් ජයන්ත, Russell Ingram, රුවින් පීරිස්, Rory Ingram (කඩුලු රකින්නා), සුවන්ජි මදනායක, ප්‍රියන්ත රාජපක්ෂ, උපුල් චන්දන, රවී පෙරේරා, ඉන්දික ද සේරම්, Dillon Fernandez, දමින්ද විජේසේකර.
නවසීලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම
Adil Somani (නායක), Andrew Hore, Mason Robinson (කඩුලු රකින්නා), Robbie Frew, Craig Foster, John Garry, Simon Murphy, Damian Grant, Darren Sears, Vishal Dube, Ben Homan, Lee Borcoski
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු කඩුල්ලේ සිට ම තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුනා.
ඉනිම ආරම්භ කළ Andrew Hore සහ Mason Robinson පළමු කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Andrew Hore පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39කට දැවී යෑමත් සමඟයි.
අනතුරු ව Mason Robinson ද ඒ කිට්ටුව ම දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
නවසීලන්ත ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවක් එක් කිරීමට Craig Foster සහ John Garry සමත් වුනා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Craig Foster ගේ දැවී යෑමත් සමඟයි. ඔහු දැවී යන විට පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට John Garry පත් වූ අතර ඔහු පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක Adil Somani පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද සහ Damian Grant පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සමන් ජයන්ත ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රුවින් පීරිස්, උපුල් චන්දන, සුවන්ජි මදනායක සහ දමින්ද විජේසේකර කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 224ක් හඹා යන ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූයේ සමන් ජයන්ත සහ Russell Ingram. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 94ක් එක් කරනවා. Russell Ingram පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව පිටියට එක් වෙන්නේ රුවින් පීරිස්. සමන් ජයන්ත සහ රුවින් පිරිස් එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් එක් කරනවා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ පන්දු 69ක් පමණයි.
එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ සමන් ජයන්ත දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 114ක් ලබා සිටියා.
තරගය අවසන් වන විට රුවින් පීරිස් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 64ක් ද සහ Rory Ingram පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නවසීලන්තය – කඩුලු 7ක් දැවී 224 (45.0) Andrew Hore 39, Mason Robinson 23, Craig Foster 25, John Garry 51, Adil Somani 31, Damian Grant නොදැවී 23, සමන් ජයන්ත 3/41
ශ්‍රී ලංකාව – කඩුලු 2ක් දැවී 228 (29.5) සමන් ජයන්ත 114, Russell Ingram 25, රුවින් පීරිස් නොදැවී 64, Rory Ingram නොදැවී 15, Vishal Dube 1/57
ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
- ඇමෙරිකාවට කඩුලු 9ක ජයක්
- රොෂාන් පිට පිට 4 වැනි ශතකයත් වාර්තා කරයි
- එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවේ අපරාජිත බව ගිලිහෙයි
- සංගාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Masters සංචිතය නම් කරයි
- ලංකාවේ වැඩ පෙන්වූ Kuhnemannගේ ඉරියව්ව ගැන සැකයක්!
අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය
- කැනඩාව සහ දකුණු අප්‍රිකාවඅතර කොළඹ, CCCක්‍රීඩාංගණයේ දී.
කැනඩාව – සියලුම දෙනා දැවී 185 (39.4)
දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී 187 (37.5)
දකුණු අප්‍රිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
- පාකිස්තානය සහ ඉන්දියාව අතරබණ්ඩාරගම PUSAක්‍රීඩාංගණයේ දී.
පාකිස්තානය – සියලුම දෙනා දැවී 226 (44.3)
ඉන්දියාව – සියලුම දෙනා දැවී 225 (39.1)
පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණක ජයක්.
- බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.
ඕස්ට්‍රේලියාව – කඩුලු 8ක් දැවී 261 (45.0)
බටහිර ඉන්දීය කොදෙව් – සියලුම දෙනා දැවී 210 (41.5)
ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 50ක ජයක්.
- නැමීබියාව සහ එංගලන්තය අතර කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
එංගලන්තය – කඩුලු 3ක් දැවී 414 (45.0)
නැමීබියාව – සියලුම දෙනා දැවී 86 (27.0)
එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 328ක ජයක්.
- ඇමෙරිකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
සිම්බාබ්වේ – කඩුලු 7ක් දැවී 178 (45.0)
ඇමෙරිකාව – කඩුලු 3ක් දැවී 182 (26.1)
ඇමෙරිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 7ක් ජයක්.
අද නිමා වූ තරග අතුරින් එංගලන්ත කණ්ඩායම නැමීබියාවට එරෙහි ව කඩුලු 3ක් දැවී ලකුණු 414ක් රැස් කිරීමට සමත් වූ අතර එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා. එමෙන් ම එම තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 328ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ද සමත් වුනා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.