Ingram සහෝදරයෝ ශ්‍රී ලංකාව දිනවයි

IMC Over 50s World Cup

4
IMC Over 50s World Cup

වයස අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් ද පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (10) සමත් වුනා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 154ක් පමණයි. එම ඉලක්කය 22 වැනි පන්දුවාරයේ දී කඩුලු ද්විත්වයක පමණක් අහිමි කර ගනිමින් සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

ශේන් ප්‍රනාන්දු (නායක), ඉන්දික ද සේරම්, ), සමන් ජයන්ත, Rory Ingram, Russell Ingram, රේණුක නෝනිස්, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, සුවන්ජි මදනායක, ප්‍රියන්ත රාජපක්ෂ, රවී පෙරේරා, චමින්ද රාජපක්ෂ, දමින්ද විජේසේකර.

සිම්බාබ්වේ වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

Brian Goodwin (නායක), Richard Jarvis, James Whyte,  Jason Oates, Emlyn Kuhn, Gavin Lindsay, නාලක ප්‍රනාන්දු,  Stuart Kaschula, Darshan Vaghmaria, Malcolm Jones (කඩුලු රකින්නා),  Craig Parsons.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 35ක් එක් කරමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට Richard Jarvis සහ James Whyte සමත් වුනා.

ඒ අතුරින් James Whyte පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී පළමුවෙන් ම දැවී යනවා. අනතුරු ව පිටියට පිවිසි පිතිකරුවන් 5 දෙනෙක් ම අඩු ලකුණු සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා.

නමුත් Darshan Vaghmaria පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් සහ Stuart Kaschula පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගනිමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී දමින්ද විජේසේකර ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී නායක ශේන් ප්‍රනාන්දු, සමන් ජයන්ත සහ සුවන්ජි මදනායක කඩුලු ද්විත්වය බැගින් ද රවී පෙරේරා කඩුල්ලක් ද දවා ගන්නවා.

හඹායන ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලුල වෙනුවෙන් පන්දු 22ක දී ලකුණු 37ක් එක් කිරීමට ඉන්දික ද සේරම් සහ සමන් ජයන්ත සමත් වෙනවා. ඒ අතුරින් සමන් ජයන්ත පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා.

අනතුරු ව ලකුණු පුවරුව ලකුණු 53ක් වෙද්දී ඉන්දික ද සේරම් ද දැවී යනවා. ඔහු ලබා ගත් ලකුනු සංඛ්‍යාව 25ක්. ඊට පන්දු 16ක් ඇතුලත් ව තිබූ අතර හතරේ පහර 5ක් ඊට ඇතුලත් වුනා.

අනතුරු ව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමට Rory Ingram සහ Russell Ingram සමත් වෙනවා. තරගය අවසන් වෙද්දී ඔවුන් දෙදෙනා විසින් 3 වැනි කඩුල්ලට පන්දු 87ක දී ලකුණු 103ක් එක් කරනවා.

ඒ අතුරින් වැඩිම ලකුණුලාභියා වූයේ Russell Ingram. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුනු 62ක් ලබා ගන්නවා. ඊට අමතර ව Rory Ingram පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගන්නවා.

කඩුලු ලබා ගැනීමේ දී Stuart Kaschula සහ Emlyn Kuhn කඩුල්ල බැගිනි බිඳ හෙළනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සිම්බාබ්වේ වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 154 (43.5) Richard Jarvis 42, James Whyte 20, Stuart Kaschula 24, Darshan Vaghmaria 31, සුවන්ජි මදනායක 2/26, දමින්ද විජේසේකර 3/17, සමන් ජයන්ත 2/10, ශේන් ප්‍රනාන්දු 2/06

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 156 (21.5) ඉන්දික ද සේරම් 25, සමන් ජයන්ත 20, Rory Ingram නොදැවී 35, Russell Ingram නොදැවී 62, Stuart Kaschula 1/50

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය

Pool A

  • බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර කොළඹ,CCC ක්‍රීඩාංගණයේ දී.

බටහිර ඉන්දීය කොදෙව් – කඩුලු 8ක් දැවී 164 (45.0)

ඉන්දියාව – කඩුලු 4ක් දැවී 165 (31.5)

ඉන්දීය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

  • වේල්සය සහ කැනඩාවඅතර කොළඹ 7, Bloomfieldක්‍රීඩාංගණයේ දී.

වේල්සය – සියලුම දෙනා දැවී 189 (43.1)

කැනඩාව – සියලුම දෙනා දැවී 137 (34.4)

වේල්ස වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 52ක ජයක්.

Pool B

  • පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ 7, NCC ක්‍රීඩාංගණයේ දී.

පාකිස්තානය – සියලුම දෙනා දැවී 208 (40.1)

ඕස්ට්‍රේලියාව – කඩුලු 2ක් දැවී 212 (40.3)

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • නවසීලන්තය සහ ඇමෙරිකාව අතර බණ්ඩාරගම PUSA ක්‍රීඩාංගණයේ දී.

නවසීලන්තය – සියලුම දෙනා දැවී 211 (40.0)

ඇමෙරිකාව – කඩුලු 5ක් දැවී 213 (42.3)

ඇමෙරිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයීයක්‍රීඩාංගණයේ දී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – කඩුලු 6ක් දැවී 192 (45.0)

නැමීබියාව – සියලුම දෙනා දැවී 113 (35.0)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 79ක ජයක්.

අද නිමා වූ තරගවල දී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ Stev Mace (108) මෙවර තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කිරීමට සමත් වූනා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<