2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගවල දී අද (30) ශ්‍රී ලංකාවට හමුවෙන්නේ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්.
Dubai හි 7he Sevens Stadium හි දී පැවැති මෙම තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වෙනවා.
කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්ත ද ඔවුන්ට ප්‍රතිවාදී පන්දු යවන්නියන් ඉදිරියේ එහි වාසිය ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිම ලකුණු 58කට සීමා වෙනවා.
ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දු වාරයේ දී එක් ලකුණකට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීමත් සමඟින් මේ කඩා වැටීම සිදු වෙනවා. ඔවුන්ගේ ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව බවට පත් වෙන්නේ 5 වැනි කඩුල්ලට Sarah Bryce සහ Darcey Carter (4) එක් ව පන්දු 37ක දී එක් කළ ලකුණු 16යි.
ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිනි Sarah Bryce. ඇය 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Rachel Slater ඉනිම අවසන් වන විට පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනි ලකුණු 3කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී සචිනි නිසංසලා ද කඩුලු 2ක් දවා ගන්නවා.
ඊට අමතර ව ඉනෝෂි ප්‍රියදර්ශනී, ඉනෝකා රණවීර සහ අමා කාංචනා කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
- සනත් වසර කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට
- සුගන්දිකා කුමාරි ට කඩුලු ත්‍රිත්වයක්
- Semi Final දම්වැලක මුල් පුරුක “ගිහාන්”
- මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට
- කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ද කඩුලු 5ක් දවා ගැනීමට ප්‍රතිවාදී ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. අද තරගයේ දී නැවතත් සුපුරු ආරම්භක පිතිකාරීනියන් ලෙසින් විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු එක් වූව ද ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 3ක් පමණයි.
චමරි අතපත්තු ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම තම කඩුල්ල අහිමි කර ගන්නේ එක් ලකුණක් පමණක් තම ඉනිමට එකතු කර ගනිමින්. ඇයගේ දැවී යෑමෙන් පන්දු 4කට පසුව විශ්මි ගුණරත්න ද දැවී යනවා. ඒ වෙද්දී ඇය ලබා සිටියේ ලකුණු 2ක් පමණයි.
හර්ෂිතා සමරවික්‍රම පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 9කට දැවී යද්දී, ඇය කවීෂා දිල්හාරි සමඟ එකතු වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 29ක් එක් කළා. අනතුරු ව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 51ක් පවතිද්දී එතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා සිටි කවීෂා දිල්හාරි පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
ඇය ගේ නික්ම යෑමෙන් අනතුරු ව හසිනි පෙරේරා ද ලකුණු 7කට දැවී යන අතර ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා යද්දී අනුශ්කා සංජීවනී සහ අමා කාංචනා නොදැවී ලකුණු 4ක් බැගින් ලබා ගෙන තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී Katherine Fraser, Kathryn Bryce, Olivia Bell සහ Rachel Slater විසින් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 58 (19.0) Sarah Bryce 24, Rachel Slater නොදැවී 10, උදේශිකා ප්‍රබෝධනී 2/03, සචිනි නිසංසලා 2/10
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 59 (15.3) කවීෂා දිල්හාරි 27, Katherine Fraser 1/05
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 33ක ජයක්.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<