ඔක්තෝබර් 07 වැනිදා

118
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 5 වැනි දිනය වූ ඔක්තෝබර් 07 වැනිදා නිමා වෙන්නේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව නැවත වරක් වෙනස් කරමිනුයි.

එක් තරගයක් පමණක් පැවැති පෙර දිනයේ දී එතෙක් ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනියා ව සිටි එංගලන්තය, දකුණු අප්‍රිකාවට එරෙහි ව කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරමින් එතෙක් ඔවුන් රැදී සිටි අසුන තමන් සතු කර ගත්තා. ඒ අනුව මේ වන විට එංගලන්තය ප්‍රසාද ලකුණු 4ක් (දළ ලකුණු 0.653) ලබා ගනිමින් එහි ඉදිරියෙන් පසු වෙනවා.

ඔවුන් පළමු ස්ථානයට පැමිණ ප්‍රසාද ලකුණු පුවරුව එහාට මෙහාට කළ ද තව දුරටත් 2 වැනි අසුනට හිමිකම් කීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් ව සිටිනවා. ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 2 (දළ ලකුණු 1.154)ක්. පැවැති ආසන්නත ම තරගයෙන් පරාජයට පත් දකුණු අප්‍රිකාව (0.245) 3 වැනි ස්ථානයට පත් වූ අතර සුපුරුදු ලෙසින් ම තව දුරටත් සිව් වැනි ස්ථානය බංග්ලදේශයට (-0.125)ද සහ අවසන් ස්ථානය ස්කොට්ලන්ත (-1.897) ටද හිමි ව තිබෙනවා.

පෙර දිනයේ A කාණ්ඩයේ තරග නොතිබූ බැවින් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු පුවරුවේ වෙනසක් සිදු නොවන අතර ඒ අනුව නවසීලන්තය (2.900), ඔස්ට්‍රේලියාව (1.908), පාකිස්තානය (0.555), ඉන්දියාව (-1.217) සහ ශ්‍රී ලංකාව (-1.667) පිළිවෙලින් ලැයිස්තු ගත ව සිටියා.

9 වැනි තරගය

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර Sharjah ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව

o තරගයේ වීරයා – Sophie Ecclestone (එංගලන්තය)

දකුණු අප්‍රිකාව – කඩුලු 6ක් දැවී 124 (20.0) Laura Wolvaardt 42, Anneke Bosch 18, Marizanne Kapp 26, Annerie Dercksen නොදැවී 20, Sophie Ecclestone 2/15

 

එංගලන්තය – කඩුලු 3ක් දැවී 125 (19.2) Danni Wyatt-Hodge 43, Alice Capsey 19, Nat Sciver-Brunt නොදැවී 48, Marizanne Kapp 1/17

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

මේ අතර අද (ඔක්තෝබර් 08 වැනිදා) A කාණ්ඩයෙන් තරගාවලියට එක් ව සිටින ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<