9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 13 වැනි දිනය වූ ඔක්තෝබර් 15 වැනිදා නිමා වෙන්නේ B කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසීමේ කණ්ඩායම් අතරට බටහිර ඉන්දීය කොදෙව්වෝ සුදුසුකම් ලබා ගනිමිනුයි.
ඊයේ දිනය වෙද්දී එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයේ රැඳී සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ, පළමු ස්ථානයේ රැඳී සිටි එංගලන්තය සමඟ පැවැති තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පිවිසෙන අතර ලැබූ පරාජයත් සමඟ එංගලන්තයට සිදු වෙන්නේ එම ලැයිස්තුවේ 3 වැනි ස්ථානය දක්වා පහත බසිමින් අවසන් පූර්ව වටය ද අහිමි කර ගැනීමටයි.
තියුණු මුහුණුවරක් ගත් මෙම කාණ්ඩයේ පළමු ස්ථාන ත්‍රිත්වයට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව සහ එංගලන්ත තරගාවලිය නිමා කරන්නේ තරග 4න් තරග 3ක් ජයග්‍රහණය කරමින් සහ තරගයක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු 6ක් බැගින් ලබා ගනිමිනුයි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රසාද ලකුණු පුවරුවේ ලැයිස්තුව සැකසෙන්නේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි.
ඒ අනුව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව සැකසෙන්නේ මේ අයුරිනුයි.
Teams | Mat | Won | Lost | Tied | NR | Point | NRR | |
1 | බ. ඉ. කොදෙව් | 4 | 3 | 1 | 0 | 0 | 6 | 1.536 |
2 | දකුණු අප්‍රිකාව | 4 | 3 | 1 | 0 | 0 | 6 | 1.382 |
3 | එංගලන්තය | 4 | 3 | 1 | 0 | 0 | 6 | 1.091 |
4 | බංග්ලාදේශය | 4 | 1 | 3 | 0 | 0 | 2 | -0.844 |
5 | ස්කොට්ලන්තය | 4 | 0 | 4 | 0 | 0 | 0 | -3.129 |
- අහිමි කිරුළක පරාජිත ගමනාන්තය
- පාකිස්තාන පිතිකරණය ඉන්දීය සිහින බොඳ කරයි
- ඔක්තෝබර් 13 වැනිදා
- ශ්‍රී ලංකාවට අවාසනාවන්ත අවසානයක්
- 9 වැන්නේ සිට T20 අතීතය විමසමු
20 වැනි තරගය
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
o කාසියේ වාසිය – බටහිර ඉන්දීය කොදෙව්
o තරගයේ වීරයා – Qiana Joseph (බටහිර ඉන්දීය කොදෙව්)
තරගයේ කෙටි ලකුණු පුවරුව
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 141 (20.0) Nat Sciver-Brunt 57, Heather Knight 21, Hayley Matthews 2/35, Afy Fletcher 3/21
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම කඩුලු 4ක් දැවී 144 (18.0) Hayley Matthews 50, Qiana Joseph 52, Deandra Dottin 27, Sarah Glenn 1/20
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
මෙම තරගයේ නිමාවත් සමඟින් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වන අතර ඒ අනුව A කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද සහ B කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්වෝ සහ දකුණු අප්‍රිකාව ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව මේ මස 17 වැනිදා (හෙට) තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඒ සඳහා ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සහභාගී වීමට නියමිතයි.
තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය මේ මස 18 වැනිදා Sharja ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ එක් වෙනවා.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<