9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි දිනය වූ ඔක්තෝබර් 08 වැනිදා නිමා වෙන්නේ A කාණ්ඩයෙන් එතෙක් පළමු වැනියා ව සිටි නවසීලන්තය තමන්ගේ ස්ථානය ඔස්ට්‍රේලියාව වෙත ප්රදානය කරමින්.
ඊයේ පැවැතියේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පමණයි. එම තරගයේ දී මෙතෙක් ක්‍රියාත්මක මෙම තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරගය බවට මෙය පත් වූවා. එමෙන් ම මෙම තරගයේ දී නවසීලන්තය ලකුණු 88කට දැවී යන අතර එය මෙවර තරගාවලියේ කණ්ඩායමක සියලුම දෙනා දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණය ද වූවා.
නිමා වූ එම තරගයත් සමඟින් ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 4ක් (දළ ලකුණු 2.524) ලබා ගනිමින් A කාණ්ඩයෙන් පෙරමුණ ගත් අතර එතෙක් පළමු ස්ථානයේ රැඳී සිටි නවසීලන්තයට (-0.050) 3 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදු වූවා. ලැයිස්තුවේ 2 වැනියා බවට පත් වූයේ දළ ලකුණු 0.555ක් ලබා සිටින පාකිස්තානයයි. සුපුරුදු ලෙසින් ම ඉන්දියාව (-1.217) සිව් වැනි ස්ථානයේත් සහ ශ්‍රී ලංකාව (-1.667) අවසන් ස්ථානයටත් පිළිවෙලින් ලැයිස්තු ගත වුනා.
පෙර දිනයේ B කාණ්ඩයේ තරග නොතිබූ බැවින් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු පුවරුවේ වෙනසක් සිදු නොවන අතර ඒ අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු 4ක් (දළ ලකුණු 0.653) ලබා ගනිමින් පළමු වැනි ස්ථානයේ ද සහ බටහිර ඉන්දීය කොදෙව්වන් (1.154), දකුණු අප්‍රිකාව (0.245), බංග්ලාදේශය (-0.125) සහ ස්කොට්ලන්තය (-0.189) සෙසු ස්ථානවලිනුත් පිළිවෙලින් ලැයිස්තු ගත ව සිටිනවා.
- ආසියානු ශූරියන් සහ අනුශූරියන්ගේ ගැටුමට පෙර
- ඔක්තෝබර් 07 වැනිදා
- ඔක්තෝබර් 06 වැනිදා
- ඔක්තෝබර් 05 වැනිදා
- ඔක්තෝබර් 04 වැනිදා
10 වැනි තරගය
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර Sharjah ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
o කාසියේ වාසිය – ඔස්ට්‍රේලියාව
o තරගයේ වීරයා – Megan Schutt (ඔස්ට්‍රේලියාව)
ඔස්ට්‍රේලියාව – කඩුලු 8ක් දැවී 148 (20.0) Alyssa Healy 26, Beth Mooney 40, Ellyse Perry 30, Rosemary Mair 2/22, Amelia Kerr 4/26, Brooke Halliday 2/16
නවසීලන්තය – සියලුම දෙනා දැවී 88 (19.2) Suzie Bates 20, Amelia Kerr 29, Megan Schutt 3/03, Sophie Molineux 2/15, Annabel Sutherland 3/12
ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 60ක ජයක්.
මේ අතර අද (ඔක්තෝබර් 09 වැනිදා) දහවලේ දී B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන ස්කොට්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයත් සහ රාත්‍රීයේ දී A කාණ්ඩයෙන් තරගාවලියට එක් ව සිටින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරත් තරගයත් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<