2009 සහ 2010 එක ළඟ වසර දෙකක දී ද අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඒ සෑම වසරක දී ම අනුශූරතාවෙන් සෑහීමකට පත් වෙමින් ඊට වසර 14කට පසු එළැඹි 2024 ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන්ට එතෙක් නොවිඳි ලෝක කුසලාන ශූරතාවේ පහස විඳ ගැනීමට හැකි වුනා.
Sophie Devine ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයට එක්දින ශූරතාවලියට අමතර ව විස්සයි විස්ස ශූරතාවකුත් එක් වෙනවා.
ඔවුන් මෙම තරග ජයග්‍රහණයට පෙර 2000 වසරේ දී එක්දින ලෝක ශූරියන් බවට පත් ව සිටියා. ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් මෙතෙක් නිමා වූ ලෝක කුසලාන තරගාවලියන් හී 4 වැනි ශූරියන් ලෙසින් නවසීලන්තය ඉතිහාසයට එක් වීමට සමත් වුනා. එහි 6 වරක් ඔස්ට්‍රේලියාව ශූරියන් වූ අතර 2009 ආරම්භක වසරේ දී එංගලන්තය ද සහ 2016 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වෝ ද ශූරියන් ලෙසින් අභිශේක ලබා තිබෙනවා.
පළමු වටයේ තරගවල දී නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා සමඟ තරගය පරාජය වෙමින් අනෙකුත් තරග ජයග්‍රහණ කරමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසියා. ඔවුන් පළමු වටයේ දී ආසියානු ශූර ශ්‍රී ලංකාව, ආසියානු අනුශූර ඉන්දියාව මෙන් ම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් සිවු දෙනාගේ වටයට නියෝජනය කළ පාකිස්තානය ද පරාජය කරනවා.
අවසන් පූර්ව වටයේ දී ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරන ලද අතර අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූ දකුණු අප්‍රිකානුවෝ, මෙතෙක් වැඩිම ලෝක ශූරතා ප්‍රමාණයක් දිනා සිටින ඔස්ට්‍රේලියානුවෝ අවසන් පූර්ව වටයේ දී ගෙදර යැවීමට සමත් වීම කැපී පෙණුනා.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵලය | ක්‍රීඩාංගණය | තරගයේ වීරයා | |
1 | ඉන්දියාව | නවසීලන්තයට ලකුණු 58ක ජයක්. | Dubai | Sophie Devine |
2 | ඔස්ට්‍රේලියාව | ඔස්ට්‍රේලියාවට ලකුණු 60ක ජයක්. | Sharjah | Megan Schutt |
3 | ශ්‍රී ලංකාව | නවසීලන්තයට කඩුලු 8ක ජයක්. | Sharjah | Georgia Plimmer |
4 | පාකිස්තානය | නවසීලන්තයට ලකුණු 54ක ජයක්. | Dubai | Eden Carson |
අවසන් පූර්ව තරගය | ||||
5 | බ. ඉ. කොදෙව් | නවසීලන්තයට ලකුණු 8ක ජයක්. | Sharjah | Eden Carson |
අවසන් මහා තරගය | ||||
6 | දකුණු අප්‍රිකාව | නවසීලන්තයට ලකුණු 32ක ජයක්. | Dubai | Amelia Kerr |
නවසීලන්තය ලත් මේ ජයග්‍රාහී ගමනේ දී පිතිකාරිනියන් අතුරින් කණ්ඩායම වෙනුවෙන් වැඩිම මෙහෙවරක නිරත වූයේ Suzie Bates සහ Georgia Plimmer. ඔවුන් දෙදෙනා ලකුණු 150ක් බැගින් ලබා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දැක් වූවා.
Suzie Bates
එම දක්ෂතා අතුරින් Suzie Bates ගේ දක්ෂතා ලෝක කුසලානයේ සුවිශේෂී කඩඉම් අතරට ද එක් වුනා. නිමා වූ එම තරගයත් සමඟින් ඇයගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවිය තරග 171ක් ලෙසත් සහ එක්දින ජාත්‍යන්තර තරග දිවිය තරග 163ක් ලෙසත් සටහන් වුනා. ඒ අනුව ඇය මේ වන විට ජාත්‍යන්තර තරග 334කට ක්‍රීඩා කර ඇති අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රිකට් ක්‍රීඩිකාවක විසින් සහභාගී වූ වැඩිම තරග ප්‍රමාණය බවට පත් වූවා.
ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ ඉන්දියාවේ Mithali Raj විසිනුයි. ඇය ටෙස්ට් තරග 12ක්, එක්දින ජාත්‍යන්තර තරග 232ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 89ක් ලෙසින් ජාත්‍යන්තර තරග 333කට දායකත්වය දක්වා තිබුණා.
- චරිත් – නිශාන් යුගලය පළමු තරගයේ ජය තහවුරු කරයි
- නවසීලන්තය ලෝක ශූර කිරුළ පළඳී
- නවසීලන්තය කොදෙව්වන් පරාජය කරමින් අවසන් මහා තරගයට
- 2023 වාඩුව ගත් දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට
- කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය අද සිට
Amelia Kerr
නවසීලන්තය වෙනුවෙන් කඩුලු ලබා ගැනීමේ දී Amelia Kerr පළමු ස්ථානයට පත් වෙන්නේ තරගාවලියේ ද වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය බවට ද පත් වෙමිනුයි. ඇය තරග 6ක දී කඩුලු 15ක් දවා ගනිමින් එම ලැයිස්තු ද්විත්වයේ පළමු වැනියා බවට පත් වෙනවා.
ඇය පන්දු යවන්නියකට අමතර ව පිතිකාරිනියක ලෙසින් ද මෙම තරගවල දී ලකුණු 135ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඒ හේතුවෙන් ම ඇය තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩිකාව ලෙසින් ඇගයීමට ද ලක් වෙනවා.
24 වැනි වියේ පසුවෙන Amelia Kerr ගේ මෙම දක්ෂතා ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් කිහිපයක ම ඉහළින් ම සටහන් වූවා. ඒ අතර මෙවර තරගාවලියේ දී ලබා ගත් කඩුලු 15 ලැයිස්තු ගත වූයේ එක් ලෝක කුසලාන තරගාවලියක දී පන්දු යවන්නියක විසින් දවා ගත් වැඩිම කඩුලු ප්‍රමාණය ලෙසින් ඉතිහාසයට එක් වෙමින්.
ඊට පෙර මෙම වාර්තාව සතුව තිබුණේ එංගලන්තයේ දකුණතින් මඳ වේග පන්දු යවන Anya Shrubsole (2014) සහ ඔස්ට්‍රේලියාවේ Megan Schutt (2020) සතුවයි. ඔවුන් දෙදෙනා ලබා සිටි කඩුලු ප්‍රමාණය 13ක්.
පිතිකාරිනියක් ලෙසින් ද දක්ෂතා දැක් වූ Amelia Kerr අවසන් මහා තරගයේ දී ලකුණු 43ක් ලබා ගැනීමෙන් නොනැවතී පන්දු යැවීමේ දී ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නවා. ඒ අනුව ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් මහා තරගයක දී ලකුණු 40ක් සහ කඩුලු 3ක් දවා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද ඇය සමත් වෙනවා.
නවසීලන්ත දිනවීමේ පන්දු යැවීමේ දක්ෂතා අතර Amelia Kerr ට පළමු ස්ථානය හිමි වෙද්දී ඊට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යැවූ Rosemary Mair කඩුලු 10ක් ද, දකුණතින් පිට දඟ පන්දු යැවූ Eden Carson කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ 2 වැනි සහ 3 වැනි ස්ථාන දිනා ගත්තා.
Sophie Devine
9 වැනි විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සඳහා පිටියට පිවිසෙද්දී නවසීලන්ත නායිකා Sophie Devine ට වයස අවුරුදු 35කුත් දින 49ක් ගතව තිබුණා. ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ මෙන් ම එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ ද වයස් ගත ම ජයග්‍රාහී නායිකාව ලෙසින් ඇය ඉතිහාසයට එක් වුනා.
ඊට පෙර එක්දින තරග ඉතිහාසයේ මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි ව තිබුණේ 2005 වසරේ දී ජයග්‍රාහී ඔස්ට්‍රේලියා කණ්ඩායමට නායකත්වය දුන් Belinda Clark වෙතයි. ඇය ලෝක කුසලාන දිනා ගනිද්දී වයස අවුරුදු 34කුත් දින 212ක් ගත කර තිබුණා.
විස්සයි විස්ස තරග පිටියේ දී මෙම වාර්තාව මෙතෙක් හිමිකර ගෙන සිටියේ 2023 වසරේ ජයග්‍රාහී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ Meg Lanning. එම ජයග්‍රහණය ලබද්දී ඇයට වයස අවුරුදු 30කුත් දින 338ක්.
Sophie Devine මෙවර තරගාවලියේ නවසීලන්තය ජයග්‍රාහී කණ්ඩායම කරා මෙහෙයවීමේ දී සුවිශේෂී අත්දැකීම් සම්භාරයක් ද විඳ තිබුණා. ඒ අතර ඇය නවසීලන්තය අනුශූරියන් වූ 2009 සහ 2010 වසර ද්විත්වයේ දී ද කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසින් කටයුතු කළා.
එතැන් සිට සෑම ලෝක කුසලානයකට ක්‍රීඩා කළ අතලොස්සක් වූ ක්‍රීඩිකාවන් අතර එක් වූ ඇය 38 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන තරගයේ දී පළමු වරට තම මව්බිමට ලෝක ශූරතාවලියක් ලබා දීමට පෙරමුණ ගන්නවා.
වයස අවුරුදු 17 දී ක්‍රිකට් පිටියට පිවිසි ඇය 2020 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති 7 වැනි ලෝක කුසලාන තරගාවලියට එක් වෙන්නේ කණ්ඩායම් නායිකාව ලෙසයි. එම තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව තම මංගල ලෝක කුසලාන ශතකය වාර්තා කිරීමට ඇය සමත් වෙනවා. එම ඉනිමත් සමඟින් ඇය ලෝක කාන්තා සහ පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට ඉනිම් 5ක දී ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 5ක් වාර්තා කළ පළමු වැන්නිය බවට පත් වීමට සමත් වෙනවා. එම ඉනිමෙන් අනතුරු ව ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගයේ දී ද අර්ධ ශතකයක් ලබා ගන්නා ඇය එකී වාර්තාව අවස්ථා 6ක් දක්වා දීර්ඝ කරනවා.
මෙම දක්ෂතාවලට අමතර ව නවසීලන්ත පන්දු යවන්නියෝ විසින් ද සුවිශේෂී වාර්තාවක් තැබීමට මෙවර තරගාවලියේ දී සමත් වෙනවා. ඒ ඔවුන් එක් ව ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ප්‍රතිවාදීන් පිරිසක් දවාගත් කණ්ඩායම ලෙසයි. ඔවුන් මෙවර තරග 6ක දී ප්‍රතිවාදී කඩුලු 48ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කිව්වා.
ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය තිබුනේ ඔස්ට්‍රේලියාව සතුවයි. ඔවුන් 2019 වසරේ දී තරග 6ක දී කඩුලු 46ක් දවා ගනිමින් මෙම වාර්තා ව සතු කරගෙන සිටියා.
නවසීලන්ත පන්දු යවන්නියෝ එලෙසින් දක්ෂතා දක්වද්දී නවසීලන්ත පිතිකාරිනියෝ ද මෙවර තරගාවලියේ දී සුවිශේෂී කඩඉමකට ළඟා වූවා. ඒ ඔවුන් විසින් අවසන් මහා තරගයේ දී කඩුලු 5කට වාර්තා කරන ලද ලකුණු 158යි. එය ලෝක කුසලාන වාර්තා පොත් අතර එක් වූයේ අවසන් මහා තරගයක දී කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් ලකුණු පුවරුව ලෙසයි.
එහි පළමු ස්ථානයේ මේ දක්වා ම රැඳී සිටින්නේ ඔස්ට්‍රේලියාවයි. ඒ 2020 ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි ව කඩුලු 4කට ලබා ගත් ලකුණු 184ත් සමඟිනුයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.