9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 3 වැනි දිනය වූ ඔක්තෝබර් 05 වැනිදා නිමා වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන අවදානමට ලක් කරමින්. ඔවුන් හා ඔස්ට්‍රේලියානුවන් අතර පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.
මේ අතර පැවැති අනෙක් තරගයේ දී බංග්ලාදේශයට එරෙහි ව එංගලන්තය ලකුණු 21ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙනවා.
එම තරග නිමාවත් සමඟින් A කාණ්ඩයෙන් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත 2.900ක අගයක් ගත් නවසීලන්තය තව දුරටත් පළමු ස්ථානයේ ම රැඳී සිටින අතර එතෙක් 2 වැනි ස්ථානයේ සිට පාකිස්තානය (1.550) තෙවැනි තැනට ඇද දමමින් ඔස්ට්‍රේලියාව (1.908) 2 වැනි ස්ථානයට පත් වුනා. ශ්‍රී ලංකාව (-1.667) සහ ඉන්දියාව (-2.900) සුපුරුදු ලෙසින් ම තව දුරටත් එම අසුන් මත ම රැදී සිටිනවා.
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ එතෙක් පළමු ස්ථානයේ රැඳී සිටි බංග්ලාදේශය (-0.125) ලත් පරාජයත් සමඟින් 3 වැනි ස්ථානය දක්වා පහත වැටුණ අතර එම ලැයිස්තුවේ පළමු ස්ථානයට එංගලන්තය (1.050) පැමිණියා. සුපුරුදු ලෙසින් ම එහි 2 වැනි ස්ථානය තව දුරටත් තමන් සන්තකයේ තබා ගැනීමට දකුණු අප්‍රිකාව (0.773) සමත් වෙනවා. අනෙකුත් ස්ථාන හිමිකර ගෙන සිටි බටහිර ඉන්දීය කොදෙව්වන් (-0.773) සහ ස්කොට්ලන්තය (-0.800) තව දුරටත් එම ස්ථානවල ම රැඳී සිටිනවා.
5 වැනි තරගය
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – ශ්‍රී ලංකාව
- තරගයේ වීරයා – Megan Schutt (ඔස්ට්‍රේලියාව)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 93 (20.0) හර්ෂිතා සමරවික්‍රම 23, නිලක්ෂිකා සිල්වා නොදැවී 29, අනුශ්කා සංජීවනී 16, Megan Schutt 3/12, Sophie Molineux 2/20
ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 94 (14.2) Beth Mooney නොදැවී 43, Ellyse Perry 17, සුගන්දිකා කුමාරි 1/16
ඔස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- ලෝක ශූරියන් ආසියානු ශූරියන් පරාජය කරයි
- ඔක්තෝබර් 04 වැනිදා
- පාකිස්තානයට පරාජය වීමෙන් ඉනික්බිතිව
- 9 වැන්නේ සිට T20 අතීතය විමසමු
- T20 ලෝක කුසලානයට හැප්පෙන අපේ සිහ දෙනුන්
6 වැනි තරගය
එංගලන්තය සහ බංග්ලාදේශය අතර Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – එංගලන්තය
- තරගයේ වීරයා – Danni Wyatt-Hodge (එංගලන්තය)
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 118 (20.0) Maia Bouchier 23, Danni Wyatt-Hodge 41, Nahida Akter 2/32, Fahima Khatun 2/18, Ritu Moni 2/24
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 97 (20.0) Sobhana Mostary 44, Nigar Sultana 15, Linsey Smith 2/11, Charlie Dean 2/22
එංගලන්තයට ලකුණු 21ක ජයක්.
මේ අතර ඔක්තෝබර් 06 වැනිදා ඉන්දියාව සහ පාකිස්තානය අතරත් සහ ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරත් තරග Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<