9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි දිනය වූ ඔක්තෝබර් 04 වැනිදා නිමා වෙන්නේ B කාණ්ඩයෙන් තරග කළ දකුණු අප්‍රිකාවට සහ A කාණ්ඩයෙන් තරග කළ නවසීලන්තයට ජයග්‍රහණ හිමි කර දෙමින්.
එම තරගවල දී පරාජය වෙන්නේ පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාවයි.
එම තරග නිමාවත් සමඟන් A කාණ්ඩයෙන් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත 2.900ක අගයක් ගත් නවසීලන්තය පළමු ස්ථානයට පත් වෙද්දී, පාකිස්තානය (1.550), ශ්‍රී ලංකාව (-1.550) සහ ඉන්දියාව (-2900)ක් ලබා ගනිමින් පිළිවෙලින් ඉතිරි ස්ථානවලට තේරි පත් වුනා.
B කාණ්ඩයෙන් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත 0.800ක් ලබා සිටින බංග්ලාදේශය පෙරමුණ ගනිද්දී, දකුණු අප්‍රිකාව (0.773), බටහිර ඉන්දීය කොදෙව්වන් (-0.773) සහ ස්කොට්ලන්තය (-0.800)ක් ලබා ගනිමින් පිළිවෙලින් ඉතිරි ස්ථානවලට තේරී පත් වුනා.
3 වැනි තරගය
දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව
- තරගයේ වීරයා – Nonkululeko Mlaba (දකුණු අප්‍රිකාව)
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 118 (20.0) Stafanie Taylor 44, Shemaine Campbelle 17, Nonkululeko Mlaba 4/29, Marizanne Kapp 2/14
දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කිසිවෙක් නොදැවී 119 (17.5) Laura Wolvaardt නොදැවී 59, Tazmin Brits නොදැවී 57
දකුණු අප්‍රිකාවට කඩුලු 10ක ජයක්.
4 වැනි තරගය
නවසීලන්තය සහ ඉන්දියාව අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- කාසියේ වාසිය – නවසීලන්තය
- තරගයේ වීරයා – Sophie Devine (නවසීලන්තය)
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 160 (20.0) Sophie Devine 57, Georgia Plimmer 34, Suzie Bates 27, Renuka Singh 2/27
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 102 (19.0) Harmanpreet Kaur 15, Rosemary Mair 4/19, Lea Tahuhu 3/15, Eden Carson 2/34
නවසීලන්තයට ලකුණු 58ක ජයක්.
9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<