විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ දී මෙවර සත්කාරකත්වය දරණ ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රීඩකයෝ සමත් වූවා.
පළමු වරට ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙමින් සුපිරි 8 වටයට පිවිසි ඇමෙරිකාව මෙම වටයේ ලත් 2 වැනි පරාජයයි මේ. බටහිර ඉන්දීය කෙදෙව්වෝ පළමු වටය අපරාජිතව අවසන් කළ අතර සුපිරි 8 වටයේ සහභාගී වූ පළමු තරගයේ දී එංගලන්තය වෙතින් පරාජය වූවා. මේ ඔවුන් සහභාගී වූ 2 වැනි තරගයයි.
Barbados හී Kensington Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇමෙරිකානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 128ක් ලබා ගත්තා. එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී 11 වැනි පන්දුවාරයේ දී සපුරා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වීම කැපී පෙණුනා.
ඇමෙරිකානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Andries Gous. ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. ඔහු සහ Nitish Kumar 2 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ද එක් වූවා.
Nitish Kumar පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.
ඇමෙරිකානු ඉනිම කඩා වැටීමේ දී 14 වැනි පන්දුවාරය යැවූ Roston Chase පිට පිට පන්දු 2ක දී ලබා ගත් කඩුලු 2ත් සමඟින් ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව Andre Russell කඩුලු 3ක් ද, Alzarri Joseph කඩුලු 2ක් ද සහ Gudakesh Motie කඩුල්ලක් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරයි
- වැස්ස ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඈත් කරයි
- පන්දු යවන්නන්ට නතු වූ තරගයේ ජය ඉන්දියාවට!
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ පළමු කඩුල්ලට ම ලකුණු 65ක සබඳතාවක් එක් වූවා. එම කඩුලු සබඳතාව බිඳී යන්නේ Johnson Charles ගේ දැවී යෑමත් සමඟයි. ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත්තා.
තරගය ජයග්රහණයෙන් කෙළවර වෙද්දී ආරම්භක පිතිකරු Shai Hope පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 82ක් ලබා තිබුණා. ඔහු තම අර්ධ ශතකය පන්දු 26ක දී වාර්තා කරන ලද අතර වාර්තා කරන ලද මෙම ඉනිම ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඔහුත් සමඟින් අනෙක් අන්තයේ රැදී සිටි Nicholas Pooran පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Harmeet Singh සතු වුනා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු Power Play අවස්ථාවේ දී ලකුණු 58ක් ලබා ගත් අතර එතැන් සිට වූ ලකුණු 70 පන්දු 29ක දී රැස් කිරීමට ඔවුන් සමත් වීම කැපී පෙණුනා.
තරගයේ කෙටි ලකුණු පුවරුව..,
ඇමෙරිකාව – සියලුම දෙනා දැවී 128 (19.5) Andries Gous 29, Nitish Kumar 20, Milind Kumar 19, Andre Russell 3/31, Alzarri Joseph 2/31, Roston Chase 3/19
බටහිර ඉන්දීය කොදෙව් – කඩුල්ලක් දැවී 130 (10.5) Shai Hope නොදැවී 82, Nicholas Pooran නොදැවී 27
බටහිර ඉන්දීය කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්.
- තරගයේ වීරයා – Roston Chase (බටහිර ඉන්දීය කොදෙව්)
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<