2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කැනඩාව සහ අයර්ලන්තය අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 12ක ජයක් ලබා ගැනීමට කැනඩාව ඊයේ (07) සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය අයර්ලන්තය සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් කැනඩාව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.
මෙහි දී කැනඩා පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී කැනඩා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Nicholas Kirton පන්දු 35කින් ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා. අයර්ලන්තය වෙනුවෙන් Barry McCarthy සහ Craig Young කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- සොනාල් විශිෂ්ට ශතකයකින් දිනය සරසයි!
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
කැනඩාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ඉනිමේ කඩුලු 6ක් ලකුණු 59ක් තුළ දැවී යාමත් සමඟ ඔවුන්ට තරගයේ ජයග්‍රහණය පිළිබඳ ඇති බලාපොරොත්තු විශාල වශයෙන් බොඳ වී ගියා. නමුත් Mark Adair විසින් ලබාගත් වේගවත් ලකුණු 34 සහ George Dockrellගේ ලකුණු 30 නිසා අයර්ලන්තය නැවත හිස එසවීමට සමත් වුනත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ අදාළ ඉලක්කය වෙත යාමට හැකි වුනේ නැහැ. මෙහි දී Jeremy Gordon සහ Dilon Heyliger කැනඩාව වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වූ අතර, අයර්ලන්ත ඉනිම ලකුණු 125කට සීමා වුනේ කැනඩාවට ලකුණු 12ක ජයක් හිමි කර දෙමිනුයි.
- කැනඩාව – 137/7 (20) Nicholas Kirton 49, Shreyas Movva 37, Barry McCarthy 2/24, Craig Young 2/32
- අයර්ලන්තය – 125/7 (20) Mark Adair 34, George Dockrell 30, Jeremy Gordon 2/16, Dilon Heyliger 2/18
තරගයේ වීරයා – Nicholas Kirton
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<