T20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව පෑ අභිමන්

ICC Men's T20 World Cup

99

විස්සයි විස්ස ලෝක කුසලාන ආරම්භක තරගාවලියේ සිට ම සහභාගී වු කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. එම සුවිශේෂීත්වය තවත් තීව්‍ර වන්නේ ලෝක කුසලාන වාර්තා කිහිපයක් ද ඔවුන් සන්තකව තිබෙන බැවිනුයි.

මේ ඒ පිළිබඳ ව තැබෙන සටහනක්.

51: එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වී ඇත්තේ ශ්‍රී ලංකාවයි.

32: නිමා වූ ලෝක කුසලාන තරගාවලියන් හී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ ද ශ්‍රී ලංකාවටයි.

260/6 (20.0): 2007 වසරේ මංගල ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහිව වාර්තා කළ මෙම ඉනිම ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයයි.

39/10 (10.3): ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් අඩු ම ලකුණු ප්‍රමාණයකින් දවා ගත් කණ්ඩායම සතු වාර්තාව ද හිමි වෙන්නේ ශ්‍රී ලංකාවටයි. ඒ 2014 වසරේ දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතාවයි.

79: කණ්ඩායම් 2ක් එක් ව ලෝක කුසලාන ඉතිහාසයේ ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට ද ශ්‍රී ලංකාව එක් වෙනවා. 2014 වසරේ දී  නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 39කට දැවී ගිය පසු ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබා ගන්නා ලද අතර ඒ අනුව ඔවුන් එහි පළමු අසුන වෙන් කර ගන්නවා.

90: ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පන්දු ප්‍රමාණයක් ඉතිරි ව ජයග්‍රහණයක් වාර්තා කළ කණ්ඩායම බවට පත් වෙන්නේ ද ශ්‍රී ලංකාවයි. ඒ පෙර කී තරගයේ දී ශ්‍රී ලංකාව ප්‍රතිවාදී ඉලක්කය පන්දු වාර 5කින් සපුරා ගනිමිනුයි.

172: ලෝක කුසලාන ඉතිහාසයේ ඉහළ ම පරතරයකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වෙන්නෙ ද ශ්‍රී ලංකාවයි. 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබා ගන්නා ලද අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කෙන්යානුවන් ලකුණු 88කට සීමා කරමින් ඔවුන් එම වාර්තාවට හිමිකම් කියනවා.

123: සිවු වැනි කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාව එක් කිරීමේ ගෞරවය හිමි කර ගන්නේ පැතුම් නිස්සංක සහ වනිඳු හසරංග යි. ඔවුන් දෙදෙනා මෙම දක්ෂතාව සිදු කරන්නේ අයර්ලන්තයට එරෙහි ව 2021 තරගාවලියේදීයි.

6/08 (4.0): ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව අජන්ත මෙන්ඩිස් සතු වෙනවා. ඔහු 2012 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව සිදු කරනවා.

16: එක් තරග වාරයක දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය වනිඳු හසරංග සතු වෙනවා. ඔහු 2021 තරග වාරයේ තරග 8කට සහභාගී වෙමින් මෙම දක්ෂතාවේ නිරත වෙනවා.

9: ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරග වාරයක දී වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායකත්වය දුන් කඩුලු රකින්නන්ගේ ලැයිස්තුවේ 7 දෙනෙක් එක ම දක්ෂතාව සිදු කරමින් රැදී සිටින අතර එහි කුමාර සංගක්කාරට ද ස්ථානයක් හිමිව තිබෙනවා.

9: එක් තරග වාරයක් තුළ වැඩිම උඩ පන්දු රැක ගත් ක්‍රීඩක ලැයිස්තුවේ පළමු ස්ථානය දසුන් ශානක සතු කර ගන්නවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ නිමා වූ තරගාවලියේදීයි.

එකී වාර්තාවන්ට අමතර ව ලෝක කුසලාන තරගවල දී ශ්‍රී ලංකා ඉතිහාසයට එක් වූ වාර්තා කිහිපයක් ද ඔබගේ අවදානයට යොමු කරමු.

එක් වූ වාර්තා ක

1016: ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලෙසින් ගෞරවයට පත් වෙන්නේ මහේල ජයවර්ධන. ඔහු තරග 31ක ඉනිම් 31කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1016ක් ලබා ගන්නවා.

100: ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිමක දී වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානය ද මහේල ජයවර්ධන සතු වෙනවා. ඔහු 2010 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 100ක් ලබා ගන්නවා.

50s: ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ ද පළමු ස්ථානය වෙන් වෙන්නේ ද මහේල ජයවර්ධනටයි. ඔහු අර්ධ ශතක7ක් ලබා ගනිමින් ‍මෙම ලැයිස්තුව හා එක් වෙනවා.

21: ලෝක කුසලාන ඉනිමක දී වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගැනීමට මහේල ජයවර්ධන සමත් වෙනවා. ඔහු මංගල ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කරනවා.

0s: ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වැඩිම වාර ගණනක් ලකුණු නොලබා දැවී ගිය පිතිකරු ලෙසින් අවස්ථා 5ක දී දැවී ගිය තිලකරත්න ඩිල්ශාන් ඉදිරියෙන් සිටිනවා.

6s: තරග 31ක දී හයේ පහර 25ක් එල්ල කිරීමට සමත් වූ මහේල ජයවර්ධන, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙනවා.

5x6s: ඇන්ජලෝ මැතිව්ස් ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ මෙරට ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසු වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2016 වසරේ දී එංගලන්තය හා සමඟ තරගයේ දී හයේ පහර 5ක් එල්ල කරමිනුයි.

317: එක් තරග වාරයක දී වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර පෙරමුණේ සිටීමට තිලකරත්න ඩිල්ශාන් සමත් වෙනවා. ඔහු 2009 එංගලන්ත තරග වාරයේ දී තරග 7ක ඉනිම් 7ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 317ක් ලබා ගනිමින් මෙම අසුන වෙන් කර ගෙන සිටිනවා.

166: ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාව එක් කිරීමේ ගෞරවය හිමි කර ගන්නේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යි. ඔවුන් දෙදෙනා මෙම දක්ෂතාව සිදු කරන්නේ 2 වැනි කඩුල්ල සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව 2010 තරගාවලියේදීයි.

38: ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් විසින් ලබා ගන්නා ලද වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාව ලසිත් මාලිංග සතු වෙනවා. ඔහු තරග 31ක දී කඩුලු 38ක් ලබා ගනිමින් මෙම වාර්තාව හා එක් වෙනවා.

0/64 (4.0): ලෝක කුසලාන ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරයකට ලක් වූ පන්දු යවන්නන් අතුරින් පළමු ස්ථානය හිමි වෙන්නේ සනත් ජයසූරියටයි. ඔහු 2007 වසරේ දී පාකිස්තාන කණ්ඩායම හමුවේ මේ ප්‍රහාරයට ලක් වෙනවා.

26: මෙරට කඩුලු රකින්නන් අතුරින් කුමාර් සංගක්කාර වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වූ කඩුලු රකින්නා ලෙසින් ලෝක කුසලාන ඉතිහාසයට එක් වෙනවා. ඔහු උඩ පන්දු 12ක් සහ කඩුලු බිඳ දැමීම් 14ක් සිදු කරමින් මෙම අසුනට හිමිකම් කියනවා.

13: වැඩිම උඩ පන්දු රැකගත් මෙරට ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය මහේල ජයවර්ධන සතු වෙනවා.

ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<