2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවා.
දකුණු අප්‍රිකාව මීට පෙර 2009 සහ 2014 වසර ද්විත්වයේ දී අවසන් පූර්ව තරගවලට පිවිසයත් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි මේ. ඇෆ්ගනිස්තානය මෙම වටයට පිවිසියේ පළමු වරටයි.
Trinidad හී Brian Lara ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසියත් ඔවුන්ට සිතූ සේ යමක් කර ගැනීමට හැකි වූයේ නැහැ.
ඔවුන්ගේ ඉනිම පන්දු 71කට පමණක් සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූවා. එහි දී විශ්මිත පන්දු යැවීමක නිරත වූ Tabraiz Shamsi පන්දු 11ක දී ලකුණු 6ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තා.
නමුත් ඇෆ්ගනිස්තාන ඉනිම විනාශ කිරීමේ පළමු වෙඩිමුරය පත්තු කිරීමේ ගෞරවය හිමි වෙන්නේ Marco Jansen වෙතයි. ඔහු ආරම්භක පන්දු වාරයේ සිට ම ඔවුන් වෙත පීඩනය එල්ල කරමින් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා. එය ඔහුගේ 12ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.
ඊට අමතර ව Anrich Nortje ලකුණු 7කට කඩුලු 2ක් සහ Kagiso Rabada ලකුණු 14කට කඩුලු 2ක් බැගින් දවා ගනිමින් ඇෆ්ගනිස්තාන ඉනිම අසරණ කළා.
පන්දුවට පහර දීමේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වූයේ Azmatullah Omarzai පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත්තා.
අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් ඊට මෙහායින් තැබුණ අතර ඇෆ්ගනිස්තානුවෝ මෙම ලකුණු ප්‍රමාණය හො ලබා ගත්තේ අතිරේක ලකුණු 13ක් ද සමඟිනුයි.
- ඉන්දියාව අපරාජිත ගමනකින් අවසන් සටනට!
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරගයෙන් පහසු ජයක්
- චමරි ප්රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
ඉතා පහසු ඉලක්කයක් කරා හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ගේ පළමු කඩුල්ල ලකුණු 5 දී අහිමි කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූවා. ඒ Quinton de Kock ලකුණු 5කට දවා ගනිමිනුයි.
නමුත් ඊට පසුව පිටියේ එක් වූ Reeza Hendricks සහ Aiden Markram ගේ නොහික්මුණු ඉනිම් පාලනය කිරීමට ඇෆ්ගනිස්තාන් පන්දු යවන්නන්ට හැකි වූයේ නැහැ. එහි දී Reeza Hendricks පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී 29 ද සහ Aiden Markram පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු සබඳතාව 55ක්. ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Fazalhaq Farooqi සතු වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඇෆ්ගනිස්තානය – සියලුම දෙනා දැවී 56 (11.5) Azmatullah Omarzai 10, Marco Jansen 3/16, Kagiso Rabada 2/14, Anrich Nortje 2/07, Tabraiz Shamsi 3/06
- දකුණු අප්‍රිකාව – කඩුල්ලක් දැවී 60 (8.5) Reeza Hendricks නොදැවී 29, Aiden Markram නොදැවී 23
දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්.
තරගයේ වීරයා – Marco Jansen (දකුණු අප්‍රිකාව)
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<