ආරම්භක පිතිකරුවන් වූ Rahmanullah Gurbaz සහ Ibrahim Zadran විසින් පළමු කඩුල්ලට එක් කළ ශතක සබඳතාවත් සහ Fazalhaq Farooqi සහ Rashid Khan ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ නවසීලන්තයට එරෙහි ව ලකුණු 84ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වූවා.
මෙම ජයග්‍රහණයත් සමඟින් ඇෆ්ගනිස්තානය C කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පිවිසෙන්නේ ලකුණු ලබා ගැනීමේ දළ වේගය 5.225ක ඉහළ අගයක් රඳවා ගනිමිනුයි. ඔවුන් මෙම තරගයට පෙර තමන් සහභාගී වූ පළමු තරගයෙන් උගන්ඩාව ලකුණු 125කින් පරාජය පත් කළා.
නවසීලන්තය මෙම තරගාවලියේ දී සහභාගී වූ පළමු තරගයයි මේ.
Guyana හී Providence ක්‍රීඩාංගණයේ දී අද (08) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලද ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණ් දැවී ලකුණු 159ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්තයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 75ක් පමණයි.
එය නවසීලන්ත විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය ලැයිස්තුවේ 2 වැනි තැනට පත් ඉනිම බවට පත් වූවා. එහි පළමු අසුනේ රැදී තිබෙන්නේ 2014 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉදිරියේ ලකුණු 60කට දැවී ගිය අවස්ථාවයි.
ඇෆ්ගනිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ Rahmanullah Gurbaz සහ Ibrahim Zadran එක් ව ආරම්භක කඩුල්ලට ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වූවා. එහෙත් ඒ සඳහා ඔවුන්ට පන්දු 87ක් වැය කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ ඉඩ සැලසුවා. ආරම්භය එසේ වූවත් ඉතිරි පන්දු 33 දී ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ ලකුණු 56ක් ලබා ගනිමින් තරගකාරී ලකුණු පුවරුව නිර්මාණය කිරීමට සමත් වීම කැපී පෙණුනා.
එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ Rahmanullah Gurbaz. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේ මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයත් තම ලකුණු අතරට එක් කර ගනිමිනුයි. එය ඔහුගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.
ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය Ibrahim Zadran පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. ඊට අමතර ව Azmatullah Omarzai පන්දු 13ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 22ක් ලබා ගත් අතර අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සඛ්‍යාවක් කරා පැමිණිමට නවසීලන්ත පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.
කඩුලු දවා ගැනීමේ දී ද Trent Boult සහ Matt Henry කඩුලු ද්විත්වය බැගින් ලබා ගත් අතර Lockie Ferguson ට කඩුල්ලක් හිමි වුනා.
- නවීඩ් නවාස් නැවතත් බංග්ලාදේශයට!
- මතක සැමරුම් රැසක් එක් කළ පැතුම්ගේ 50
- T20 ලෝක කුසලානයේ දී අපිට හමුවෙන ප්‍රතිවාදීන්
- ක්‍රීඩකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු ලබයි
- ලෝක කුසලාන වරම් නොලද පිතිකරුවන් දස්කම් අතරට!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ඉනිම 16 වැනි පන්දු වාරයේ දී අවසන් කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූවා. නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවේ සිට ම ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට ලක් කරමින් පන්දු යැවූ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් අතුරින් Fazalhaq Farooqi සහ Rashid Khan කඩුලු 4ක් බැගින් දවා ගැනීමට සමත් වූවා. ඔවුන් දෙදෙනා ම ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 17ක් බැගින් පමණයි.
ඊට අමතර ව Mohammad Nabi ද ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තා.
නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Glenn Phillips. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.
ඊට අමතර ව Matt Henry පන්දු 17කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට පැමිණිමට ඉඩ ලැබුණේ නැහැ. තරගය අවසන් වන විට නවසීලන්තය අතිරේක ලකුණු 10ක් ද සමඟින් ලබා ගත්තේ ලකුණු 75ක් පමණයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඇෆ්ගනිස්තානය – කඩුලු 6ක් දැවී 159 (20.0) Rahmanullah Gurbaz 80, Ibrahim Zadran 44, Azmatullah Omarzai 22, Trent Boult 2/22, Matt Henry 2/37
නවසීලන්තය – සියලුම දෙනා දැවී 75 (15.2) Glenn Phillips 18, Fazalhaq Farooqi 4/17, Mohammad Nabi 2/16, Rashid Khan 4/17
ඇෆ්ගනිස්තානයට ලකුණු 84ක ජයක්.
තරගයේ වීරයා – Rahmanullah Gurbaz (ඇෆ්ගනිස්තානය)
ICC Men’s T20 World Cup ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<