Home Sinhala ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුව පියවරකින් ඉදිරියට

ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුව පියවරකින් ඉදිරියට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

549

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (1) ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බ්‍රිස්බේන් හි Gabba ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ තරග දෙකක් ජයග්‍රහණය කරමින් පළමු කාණ්ඩයේ දැනට තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටිනවා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායක Mohammad Nabi පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර චාමික කරුණාරත්න වෙනුවට ආබාධයකින් සුවය ලබා සිටින වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් මේ තරගයට කැඳවා තිබුණා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara, Kasun Rajitha

ඇෆ්ගනිස්තානය – Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Usman Ghani, Najibullah Zadran, Mohammad Nabi (c), Gulbadin Naib, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb Ur Rahman, Fareed Ahmad Malik, Fazalhaq Farooqi

ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු ලෙස Gurbaz සහ Ghani පිටියට අවතීර්ණ වුනේ Hazratullah Zazai ආබාධයකට ලක්ව තරගාවලියෙන් ඉවත්ව යාම නිසයි. කෙසේ නමුත් නවක ආරම්භක පිතිකරුවන් දෙදෙනා පන්දු 37ක් තුල ලකුණු 42ක සබඳතාවයක් ගොඩනැංවූවා.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 16ක් අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටි නමුත් අවසන් පන්දුවාර 4 තුල ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 31ක් පමණයි. එහි දී ශ්‍රී ලංකාව පෙර තරගවල දී දියත් කළ පන්දු යැවීමේ සැලසුමට වඩා තරමක වෙනස් සැලසුමක් භාවිතා කරමින් හසරංග හට අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නා.

ආරම්භක පිතිකරුවන් වූ Gurbaz සහ Ghani පිළිවෙළින් ලබා ගත් ලකුණු 28 සහ ලකුණු 27 හැරෙන්නට ඔවුන්ගේ එකඳු පිතිකරුවෙක් හට හෝ එම ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

අවසානයේ දී ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 144කට සීමා වුනු අතර පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු 8න් කඩුලු 5ක් දවා ගැනීමට හසරංග (කඩුලු 3) සහ කුමාර (කඩුලු 2) සමත් වුනා.

තරමක වැඩි ඉපිලීමක් සහ වේගවත් මේ තණතීරුව මත ලකුණු 145ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සබඳතාවය යම් මටට්මකට මෙල්ල කිරීමට Farooqi සමත් වුවත්, මෙන්ඩිස් සහ ධනංජය එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරන්නට සමත් වුනා.

අනතුරුව අසලංක සහ භානුක පිළිවෙලින් ලකුණු 19ක් සහ ලකුණු 18ක් ලබාගෙන ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කළ අතර තෙවැනි පන්දුවාරයේ සිට ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 42ක දී නොදැවී ලකුණු 66*ක් ලබා ගත්තා. 4 පහර 6කින් සහ 6 පහර 2කින් වර්ණවත් වුනු ධනංජය සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය ලබා ගත්තා.

පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ දී ශ්‍රී ලංකාව සිය ජයග්‍රහණය තහවුරු කර ගත් අතර පන්දු යැවීමේ දී Mujeeb Ur Rahman සහ Rashid කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ශ්‍රී ලංකාව ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟම පළමු කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනේ ප්‍රසාද ලකුණු 4ක් ද සමඟයි.

මේ ලද ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට හැකියාව ලැබුනත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයේ ඉදිරි තරගවල ප්‍රතිඵල ද එයට විශාල බලපෑමක් එල්ල කරනවා.

කෙසේ නමුත් ඇෆ්ගනිස්ථානයට තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට යන්නට සිදු වුනා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Afghanistan
144/8 (20)

Sri Lanka
148/4 (18.3)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Lahiru Kumara 28 24 2 2 116.67
Usman Ghani c Dasun Shanaka b Wanidu Hasaranga 27 27 2 1 100.00
Ibrahim Zadran c Bhanuka Rajapaksa b Lahiru Kumara 22 18 1 1 122.22
Najibullah Zadran c Wanidu Hasaranga b Dhananjaya de Silva 18 16 0 0 112.50
Gulbadin Naib run out (Pathum Nissanka) 12 14 0 0 85.71
Mohammad Nabi c Dasun Shanaka b Kasun Rajitha 13 8 1 0 162.50
Rashid Khan b Wanidu Hasaranga 9 8 1 0 112.50
Azmatullah Omarzai not out 3 4 0 0 75.00
Mujeeb ur Rahman st Kusal Mendis b Wanidu Hasaranga 1 2 0 0 50.00


Extras 11 (b 3 , lb 1 , nb 1, w 6, pen 0)
Total 144/8 (20 Overs, RR: 7.2)
Bowling O M R W Econ
Kasun Rajitha 4 0 31 1 7.75
pramod madushan 3 0 24 0 8.00
Lahiru Kumara 4 0 30 2 7.50
Maheesh Theekshana 4 0 33 0 8.25
Wanidu Hasaranga 4 0 13 3 3.25
Dhananjaya de Silva 1 0 9 1 9.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Mujeeb ur Rahman 10 10 2 0 100.00
Kusal Mendis c Rahmanullah Gurbaz b Rashid Khan 25 27 2 1 92.59
Dhananjaya de Silva not out 66 42 6 2 157.14
Charith Asalanka c Azmatullah Omarzai b Rashid Khan 19 18 1 0 105.56
Bhanuka Rajapaksa c Rahmanullah Gurbaz b Mujeeb ur Rahman 18 14 3 0 128.57
Dasun Shanaka not out 0 0 0 0 0.00


Extras 10 (b 1 , lb 0 , nb 0, w 9, pen 0)
Total 148/4 (18.3 Overs, RR: 8)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 3.3 1 22 0 6.67
Mujeeb ur Rahman 4 0 24 2 6.00
Fareed Ahmad 2 0 25 0 12.50
Rashid Khan 4 0 31 2 7.75
Azmatullah Omarzai 2 0 17 0 8.50
Mohammad Nabi 2 0 16 0 8.00
Gulbadin Naib 1 0 12 0 12.00