Home Sinhala ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි!

ශ්‍රී ලංකාව දෙවැනි පරාජයත් ලබයි!

ICC T20 Cricket World Cup 2024

79

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු 2ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද සිදු වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය සතු වූ අතර, තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුනා. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී සදීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වා සමඟින් තරගයට ඉදිරිපත් වී තිබුණා. 

ශ්‍රී ලංකාව: පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ නුවන් තුශාර  

බංග්ලාදේශය: Tanzid Hasan, Soumya Sarkar, Litton Das †, Najmul Hossain Shanto (c), Towhid Hridoy, Shakib Al Hasan, Mahmudullah, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Tanzim Hasan Sakib  

බංග්ලාදේශයේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිමට ලකුණු 21ක් එක් කිරීමට සමත් වූ අතර, මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 10කින් නතර වුනා. මින් පසුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් ද ලකුණු 4කට සිය ඉනිම නිමා කළ අතර, ඉන් පසුව පැතුම් සමඟ කඩුල්ලේ එක් වූ ධනංජය ද සිල්වා ඉනිමේ ලකුණු තත්වය 70ක් කරා රැගෙන ඒමට සමත් වුනා. 

ඉනිමේ තෙවන කඩුල්ල ලෙස ලකුණු 47ක් ලබා සිටි පැතුම් දැවී ගිය අතර, පැතුම්ගේ මෙම ඉනිම සඳහා ඔහුට වැය වුනේ පන්දු 28ක් පමණක් වීම විශේෂත්වයක්. 

ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් සියලු ම පිතිකරුවන් පාහේ ලකුණු අතරට පිවිසීමට විසල් උත්සාහයක නිරත වන අතරේ, පැතුම් පමණක් මෙසේ කිසිඳු පීඩනයකින් තොරව ලකුණු කරා යාම විශේෂ සිදුවීමක්. 

මීට අමතරව චරිත් අසලංක ලකුණු 19කින් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16කින් ශ්‍රී ලංකා ඉනිමට දායකත්වය ලබා දුන් අතර, මේත් සමඟින් නියමිත පන්දුවාර 20 අවසන් වන විට ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු 9ක් දැවී ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Mustafizur Rahman සහ Rishad Hossain කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශයට ද අදාළ ඉලක්කය හඹා යාම එතරම් පහසු නොවන බව පෙනෙන්නට තිබුණා. 

බංගලි ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 28ක් තුළ දවා ගැනීමට නුවන් තුෂාර සහ ධනංජය ද සිල්වා විසින් සමත් වූ නමුත්, මේ අවස්ථාවේ කඩුල්ලේ එක් වූ Towhid Hridoy සහ Litton Das විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක වටිනා සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. මෙහි දී Hridoyගේ පිත්තෙන් පන්දු 20ක් තුළ ලකුණු 40ක් වාර්තා වීම තරගයේ තීරණය වෙනස් කිරීමේ ප්‍රධානතම සාධකය වූ බව වටහාගත හැකි. 

එම සබඳතාව බිඳ දැමීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාව තරගයට අවතීර්ණ වීමට සමත් වුනත්, ඒ වන විට බංග්ලාදේශයට හඹා යෑමට ඉතිරිව තිබූ අඩු ලකුණු ප්‍රමාණය නිසා ජයග්‍රහණයක් කරා යාමට ඔවුන්ට හැකි වුනේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර විසින් ලකුණු 18කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර, වනිඳු හසරංග කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

Result


Bangladesh
125/8 (19)

Sri Lanka
124/9 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Najmul Hossain Shanto b Mustafizur Rahman 47 28 7 1 167.86
Kusal Mendis b Taskin Ahamed 10 8 2 0 125.00
Kamindu Mendis c Tanzim Hasan Sakib b Mustafizur Rahman 4 5 1 0 80.00
Dhananjaya de Silva st Liton Das b Rishad Hossain 21 26 1 0 80.77
Charith Asalanka c Shakib Al Hasan b Rishad Hossain 19 21 0 1 90.48
Wanidu Hasaranga c Soumya Sarkar b Rishad Hossain 0 1 0 0 0.00
Angelo Mathews c Mustafizur Rahman b Tanzim Hasan Sakib 16 19 1 0 84.21
Dasun Shanaka c Liton Das b Taskin Ahamed 3 7 0 0 42.86
Maheesh Theekshana c Tanzim Hasan Sakib b Mustafizur Rahman 0 3 0 0 0.00
Matheesha Pathirana not out 0 1 0 0 0.00
Nuwan Thushara not out 0 1 0 0 0.00


Extras 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0)
Total 124/9 (20 Overs, RR: 6.2)
Bowling O M R W Econ
Tanzim Hasan Sakib 4 0 24 1 6.00
Shakib Al Hasan 3 0 30 0 10.00
Taskin Ahamed 4 0 25 2 6.25
Mustafizur Rahman 4 0 17 3 4.25
Rishad Hossain 4 0 22 3 5.50
Mahmudullah 1 0 4 0 4.00


Batsmen R B 4s 6s SR
Tanzid Hasan b Nuwan Thushara 3 6 0 0 50.00
Soumya Sarkar c Wanidu Hasaranga b Dhananjaya de Silva 0 2 0 0 0.00
Liton Das lbw b Wanidu Hasaranga 36 38 2 1 94.74
Najmul Hossain Shanto c Charith Asalanka b Nuwan Thushara 7 13 0 0 53.85
Towhid Hridoy lbw b Wanidu Hasaranga 40 20 1 4 200.00
Shakib Al Hasan c Maheesh Theekshana b Matheesha Pathirana 8 14 0 0 57.14
Mahmudullah not out 16 13 0 1 123.08
Rishad Hossain b Nuwan Thushara 1 3 0 0 33.33
Taskin Ahamed lbw b Nuwan Thushara 0 1 0 0 0.00
Tanzim Hasan Sakib not out 1 4 0 0 25.00


Extras 13 (b 0 , lb 1 , nb 0, w 12, pen 0)
Total 125/8 (19 Overs, RR: 6.58)
Bowling O M R W Econ
Dhananjaya de Silva 2 0 11 1 5.50
Nuwan Thushara 4 0 18 4 4.50
Maheesh Theekshana 4 0 25 0 6.25
Wanidu Hasaranga 4 0 32 2 8.00
Matheesha Pathirana 4 0 27 1 6.75
Dasun Shanaka 1 0 11 0 11.00



තරගයේ වීරයා – Rishad Hossain 

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<