ඉන්දියාවට පහසු ජයක්

ICC Men's T20 World Cup 2024

177
India Cricket

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ අයර්ලන්තය අතර පැවැත්වුණු තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (05) දිනයේ සමත් වුනා. 

තරගාවලියේ 08 වැනි තරගය ලෙස ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක් හිදි ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දියාව සතු වූ අතර, ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 16ක් තුළ සියලු දෙනාම දැවී යමින් ලකුණු 96ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Gareth Delany ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා. 

පන්දු යැවීමේ දී Hardik Pandya කඩුලු 3ක් දවා ගන්නා අතරේ Arshdeep Singh සහ Jasprit Bumrah අතරේ කඩුලු 2 බැගිනුත් බෙදී ගියා. 

අයර්ලන්තයෙන් ලද පහසු ඉලක්කය හඹා යාම සඳහා ඉන්දීය නායක Rohit Sharma සහ හිටපු නායක Virat Kohli පිටියට පිවිසි නමුත්, Kohliට නම් ඊයේ දිනය එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. කෙසේ වෙතත් ඉනිමේ අංක තුන පිතිකරු ලෙස උසස් වීමක් ලබමින් පිටියට පිවිසි Rishabh Pant නායක Rohit සමඟ එක් වී ලකුණු 54ක සබඳතාවක් පිහිටුවීමට සමත් වීමත් සමඟ ඉන්දියාවේ ජය තහවුරු වුනා. 

මෙහි දී Rohit ලකුණු 52ක් සහ Pant ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා. 

  • අයර්ලන්තය – 96/10 (16) Gareth Delany 26, Josh Little 14, Hardik Pandya 3/27, Jasprit Bumrah 2/6 
  • ඉන්දියාව – 97/2 (12.2) Rohit Sharma 52, Rishabh Pant 36, Ben White 1/6 

තරගයේ වීරයා – Jasprit Bumrah  

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<