Home Sinhala ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්!

ශ්‍රී ලංකාවෙන් අසාර්ථක ආරම්භයක්!

ICC Men's T20 World Cup 2024

88
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ඔවුන්ට දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් උරුම වුනා.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක් හිදි පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග හට හිමි වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි. කෙසේ වෙතත් වනිඳුගේ තීරණය කෙතරම් සාර්ථක එකක් ද යන්නට ගැටලු මතු කරමින් ශ්‍රී ලංකා ඉනිමේ සියලු පිතිකරුවන් පන්දුවාර 19 එක් පන්දුවක් තුළ ලකුණු 77කට දැවී ගියේ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ අවම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද අලුත් කරවමිනුයි.

මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුට ඒ සඳහා පන්දු 30ක් වැය වුනා. ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වුනේ ඇන්ජලෝ මැතිව්ස් (16) සහ කමිඳු මෙන්ඩිස් (11) පමණයි.

තරගය පැවැත්වුණු ක්‍රීඩා පිටිය කිසිදු ලෙසකින් පිතිකරුවන්ට වාසි දායක එකක් නොවූ අතර, එහි උපරිම ප්‍රයෝජන ලබා ගත් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Anrich Nortje ලකුණු 7ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය ඉතා පහසු මට්ටමේ එකක් වුනත්, පිටියේ පැවති තත්වය සමඟ එය හඹා යාම දකුණු අප්‍රිකාවට ද එතරම් ම පහසු කටයුත්තක් වුනේ නැහැ.

අප්‍රිකානුවන් අදාළ ඉලක්කය හඹා යාම වෙනුවෙන් පන්දුවාර 16 පන්දු දෙකක් සහ කඩුලු 4ක් වැය කළ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Quinton de Kock විසින් සිය ලකුණු 20 වෙනුවෙන් පන්දු 27ක් වැය කිරීම විශේෂත්වයක්.

Result


Sri Lanka
77/10 (19.1)

South Africa
80/4 (16.2)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Heinrich Klaasen b Ottneil Baartman 3 8 0 0 37.50
Kusal Mendis c Glenton Stuurman b Anrich Nortje 19 30 1 0 63.33
Kamindu Mendis c Reeza Hendricks b Anrich Nortje 11 15 1 0 73.33
Wanidu Hasaranga st Quinton de Kock b Keshav Maharaj 0 2 0 0 0.00
Sadeera Samarawickrama b Keshav Maharaj 0 1 0 0 0.00
Charith Asalanka c Reeza Hendricks b Anrich Nortje 6 9 0 0 66.67
Angelo Mathews c Ottneil Baartman b Anrich Nortje 16 15 0 2 106.67
Dasun Shanaka b Kagiso Rabada 9 10 0 1 90.00
Maheesh Theekshana not out 7 16 1 0 43.75
Matheesha Pathirana c Aiden Markram b Kagiso Rabada 0 4 0 0 0.00
Nuwan Thushara run out (Marco Jansen) 0 4 0 0 0.00


Extras 6 (b 0 , lb 3 , nb 0, w 3, pen 0)
Total 77/10 (19.1 Overs, RR: 4.02)
Bowling O M R W Econ
Marco Jansen 3.1 0 15 0 4.84
Kagiso Rabada 4 1 21 2 5.25
Ottneil Baartman 4 1 9 1 2.25
Keshav Maharaj 4 0 22 2 5.50
Anrich Nortje 4 0 7 4 1.75


Batsmen R B 4s 6s SR
Quinton de Kock c & b Wanidu Hasaranga 20 27 0 1 74.07
Reeza Hendricks c Kusal Mendis b Nuwan Thushara 4 2 1 0 200.00
Aiden Markram c Kusal Mendis b Dasun Shanaka 12 14 0 1 85.71
Glenton Stuurman c Charith Asalanka b Wanidu Hasaranga 13 28 0 0 46.43
Heinrich Klaasen not out 19 22 1 1 86.36
David Miller not out 6 6 1 0 100.00


Extras 6 (b 0 , lb 3 , nb 1, w 2, pen 0)
Total 80/4 (16.2 Overs, RR: 4.9)
Bowling O M R W Econ
Angelo Mathews 3 0 16 0 5.33
Nuwan Thushara 3 0 18 1 6.00
Dasun Shanaka 3 1 6 1 2.00
Matheesha Pathirana 3 0 12 0 4.00
Wanidu Hasaranga 3.2 0 22 2 6.88
Maheesh Theekshana 1 0 3 0 3.00



මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගන්නා අතරේ, දසුන් ශානක සහ නුවන් තුෂාර අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

තරගයේ වීරයා – Anrich Nortje

මෙම පරාජය තරගාවලියේ ආරම්භයේ දී ම ලකුණු සටහනේ ශ්‍රී ලංකාවේ දළ ලකුණු වේගය අවදානමකට හෙළූ අතර, මේ වන විට එහි අගය සටහන් වී ඇත්තේ -1.048ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය එළඹෙන 08 වැනි දා බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිත අතර, ඇමරිකාවේ Dallas හි පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.00ට ආරම්භ වනු ඇති.

2024 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<