2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 22 වැනි තරගයෙන් කැනඩාවට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් ලබා ගැනීමට පාකිස්තානය ඊයේ (11) සමත් වුනා.
තරගාවලියේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානය විසින් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව කැනඩාව තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළා.
මෙහි දී කැනඩාව වෙනුවෙන් ආරම්භක පිතිකරු Aaron Johnson පන්දු 44ක් තුළ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ නමුත් අනෙක් පිතිකරුවන් සියලුම දෙනා පාහේ පාකිස්තාන පන්දු බළඇණිය ඉදිරියේ අන්ත අසරණ වුනා.
මෙහි දී පාකිස්තානය වෙනුවෙන් Mohammad Aamir සහ Haris Rauf යුගලය කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ කැනඩා ඉනිම ලකුණු 106කට සීමා වුනා.
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
- 2024 LPL තරගාවලියට විදෙස් ක්රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
- ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු අප්රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් ලබයි!
- විශ්මි සහ කවීෂා විශ්මිත මෙහෙයුමක!
තරගාවලියේ පළමු ජය සොයමින් සිටි පාකිස්තානය විසින් කැනඩාවෙන් ලද ඉලක්කය ඉවසිලිවන්ත ලෙස හඹා යමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී පාකිස්තාන ආරම්භක පිතිකරු Mohammad Rizwan පන්දු 53ක් තුළ නොදැවුණු ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව නායක Babar Azamගේ පිත්තෙන් ඉනිමට ලකුණු 33ක් එක් වුනා.
කැනඩාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Dilon Heyliger කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- කැනඩාව – 106/7 (20) Aaron Johnson 52, Mohammad Aamir 2/13, Haris Rauf 2/26
- පාකිස්තානය – 107/3 (17.3) Mohammad Rizwan 53, Babar Azam 33, Dilon Heyliger 2/18
තරගයේ වීරයා – Mohammad Aamir
මෙම ජයත් සමඟින් පාකිස්තානය A කාණ්ඩයේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට ළඟා වීමට සමත් වූ අතර, තරගාවලියේ ඉදිරි තරගවල දී ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ මෙන්ම දැනට දෙවැනි ස්ථානයේ රැඳෙනා ඇමරිකා එක්සත් ජනපදයේ තරග ප්‍රතිඵල ද පාකිස්තානයේ ඉදිරි ගමන පිළිබඳ තීරණය කරනු ඇති.
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<