ඉන්දියාවට තවත් ජයක්

ICC T20 Cricket World Cup 2024

70
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 43 වැනි තරගය ලෙස ඊයේ (20) රාත්‍රියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 47ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දියාව විසින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 181ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Suryakumar Yadav පන්දු 28කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ පහර 3ක් ද සමඟයි.

මීට අමතරව Hardik Pandyaගේ පිත්තෙන් ලකුණු 32ක් වාර්තා වුනා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ නායක Rashid Khan සහ Fazalhaq Farooqi කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඉන්දියාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගන් පිතිකරුවන්ට සිය බලාපොරොත්තු ඒ අයුරින් ම ඉටු කර ගැනීමට හැකි වුනේ නැහැ.

මෙම තරගයේ දී ඇෆ්ගන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Azmatullah Omarzai ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූ අතර, තවත් පිතිකරුවන් පස් දෙනෙකු ද ලකුණු දහයේ සීමාව ඉක්මවා ගියා. නමුත් ඔවුන් කිසිවකු හෝ දීර්ඝ ඉනිම් වෙත යාමට අපොහොසත් වුනා.

ඉන්දියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Arshdeep Singh සහ Jasprit Bumrah කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • ඉන්දියාව – 181/8 (20) Suryakumar Yadav 53, Hardik Pandya 32, Rashid Khan 3/26, Fazalhaq Farooqi 3/33
  • ඇෆ්ගනිස්තානය – 134/10 (20) Azmatullah Omarzai 26, Najibullah Zadran 19, Jasprit Bumrah 3/7, Arshdeep Singh 3/36

තරගයේ වීරයා – Suryakumar Yadav

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<