2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදිමින් ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය ඊයේ (13) සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය නෙදර්ලන්තය සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.
මෙහි දී බංග්ලාදේශය වෙනුවෙන් Shakib Al Hasan විසින් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 46ක් තුළ ලකුණු 64ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් වර්ණවත් වුනා.
මීට අමතරව Tanzim Hasan ලකුණු 35කින් සහ Mahmudullah ලකුණු 25කින් ඉනිමට දායක වුනා.
නෙදර්ලන්තය වෙනුවෙන් Paul Van Meekeren සහ Aryan Dutt කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාවට දෙවැනි පුහුණු තරගයෙනුත් පහසු ජයක්
- ශ්‍රී ලංකාවට පළමු පුහුණු තරගයෙන් පහසු ජයක්
- චමරි ප්රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
- කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
බංග්ලාදේශයෙන් ලද ඉලක්කය සඳහා නෙදර්ලන්ත පිතිකරුවන් පිටියට පිවිසුණු අතර ඔවුන්ගේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනා ම සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඉනිම් ආරම්භ කළත්, ඔවුන් කිසිවකු හෝ දීර්ඝ ඉනිමක් දියත් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත් වුනේ නැහැ.
මෙහි දී නෙදර්ලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Sybrand Engelbrecht ලකුණු 33කින් ඉනිමට දායක වූ අතර, Vikramjit Singh ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Rishad Hossain කඩුලු 3ක් බිඳ හෙළන අතරේ Taskin Ahmed කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
- බංග්ලාදේශය – 159/5 (20) Shakib Al Hasan 64, Tanzid Hasan 35, Paul Van Meekeren 2/15, Aryan Dutt 2/17
- නෙදර්ලන්තය – 134/8 (20) Sybrand Engelbrecht 33, Vikramjit Singh 26, Rishad Hossain 3/33, Taskin Ahmed 2/30
බංග්ලාදේශයට ලකුණු 25ක ජයක්.
තරගයේ වීරයා – Shakib Al Hasan
බංග්ලාදේශය ලද මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරගාවලියේ D කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමට ද සිදු වුනා.
දැනට පවතින තත්වය අනුව නෙදර්ලන්තය, නේපාලය සහ බංග්ලාදේශය අතර තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා විශාල සටනක් නිර්මාණය වී තිබෙනවා, එමෙන්ම එහි වැඩි වාසි බංග්ලාදේශය සතු වනවා.
2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<