එංගලන්තය වැස්සට අභියෝග කරමින් ජය සොයා යයි

ICC T20 Cricket World Cup 2024

64
ICC T20 Cricket World Cup 2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 34 වැනි තරගයෙන් නැමීබියාවට එරෙහිව Duckworth-Lewis න්‍යාය අනුව ලකුණු 41ක ජයක් ලබා ගැනීමට එංගලන්තය ඊයේ (15) සමත් වුනා.

මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 10කට සීමා වූ අතර, තරගාවලියේ සුපිරි අට වටයට පිවිසීමට නම් එංගලන්තයට තරගයේ ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වුනා.

එවන් වටපිටාවක් තුළ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය නැමිබීයාව සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් එංගලන්තය පළමුව පන්දුව පහර දුන්නා.

මෙහි දී එංගලන්ත ඉනිමේ අංක හතර පිතිකරු වූ Harry Brook පන්දු 20කින් ලකුණු 47ක් ලබමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වීමට සමත් වූ අතර, Jonny Bairstow විසින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව එංගලන්තය නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 122ක් ලබා ගැනීමට සමත් වූ අතර, නැමීබියාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Ruben Trumpelmann කඩුලු 2ක් දවා ගත්තා.

එංගලන්තයෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා ගිය නැමීබියාව නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 3ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 84ක් පමණයි.

මෙහි දී නැමීබියාව වෙනුවෙන් Michael Van Lingen ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වූ අතර, තම අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළ David Wiese පන්දු 12කින් ලකුණු 27ක් ලබා ගත්තා.

  • එංගලන්තය – 122/5 (10) Harry Brook 47*, Jonny Bairstow 31, Ruben Trumpelmann 2/31
  • නැමීබියාව – 84/3 (10) Michael Van Lingen 33, David Wiese 27, Jofra Archer 1/15

තරගයේ වීරයා – Harry Brook

2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<