T20 ලෝක කුසලානය අබියස මහීෂ් පන්දු යවන්නන් අතරේ ඉදිරියට!

90

ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඊයේ (28) දිනයෙන් යාවත්කාලීන වුනා.

මෙහි දී එක්දින ශ්‍රේණිගත කිරීම් හි මීට පෙර එකොළොස් වැනි ස්ථානයේ රැඳුණු පැතුම් නිස්සංක ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 8 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, චරිත් අසලංක ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින පන්දු යවන්නන් අතරේ මෙතෙක් කල් 12 වැනි ස්ථානයේ රැඳුණු මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් පහතට වැටී තිබෙනවා.

එක්දින පන්දු යවන්නන් අතර මහීෂ් එක් ස්ථානයක් පහතට වැටුනත් විස්සයි විස්ස පන්දු යවන්නන් අතරේ එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් මහීෂ් සිව් වැනි ස්ථානයට පත් වන අතරේ, වනිඳු සුපුරුදු පරිදි දෙවැනි ස්ථානය රැක ගැනීමට සමත් වී තිබීම එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් කොළ එළි දල්වනවා.

කෙසේ වෙතත් විස්සයි විස්ස පිතිකරුවන් අතර නම් ශ්‍රී ලාංකික පිතිකරුවකු ලබා ඇති ඉහළම ස්ථානය ලෙස සටහන් වන්නේ කුසල් මෙන්ඩිස්ගේ 21ක් වැනි ස්ථානයයි.

මේ අතර වනිඳු හසරංග තවදුරටත් විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය රැක ගැනීමට සමත් වී තිබීමත් මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<