ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට

167

ICCය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ICC සාමාජික කොන්දේසි කඩ කිරීම සහ අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම් යන හේතු මූලික කර ගනිමින් පසුගිය නොවැම්බර් මාසයේ දී ICCය විසින් SLC වෙත මෙම තහනම පැනවූවා.

කෙසේ වෙතත් ICCය විසින් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි තත්වය පිළිබඳ සෑහීමකට පත් වන බවත්, තවදුරටත් ඔවුන් ICC නියාමනයන් බිඳ නොදමන බවත් සඳහන් කරමින් ICCය විසින් මෙම තහනම ඉවත් කර තිබෙනවා.

මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නුදුරේ දී ම නිකුත් වනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා X (Twitter) ඔස්සේ සඳහන් කර සිටින්නේ.

ICC තහනම ඉවත් කිරීම පිළිබඳ තවත් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<