සුපිරි 6 වටයේ අපේ ප්‍රතිවාදීන්

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය

1941

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග හෙට (29) සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මෙම වටයට පිවිසෙන්නේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීමේ දල වේගය ගණනය කිරීමේ දී ලකුණු 2.698ක ඉහළ අගයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ සිටිමින් වීම විශේෂත්වයක්.

B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය අවසන් කරන ලද අතර සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ද මෙම වටයට පිවිසෙන්නේ A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමිනුයි.

මෙම සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A කාණ්ඩයෙන් මෙම වටයට සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි.

සුපිරි 6 වටයේ තරගාවලියට පිවිසෙද්දි එක් එක් කණ්ඩායම් ලබා සිටින ප්‍රසාද ලකුණු

  Teams M W L T N/R PT NRR
1 ශ්‍රී ලංකාව 2 2 0 0 0 4 2.698
2 සිම්බාබ්වේ 2 2 0 0 0 4 0.982
3 ස්කොට්ලන්තය 2 1 1 0 0 2 -0.060
4 නෙදර්ලන්තය 2 1 1 0 0 2 -0.739
5 බටහිර ඉන්දීය කොදෙව් 2 0 2 0 0 0 -0.350
6 ඕමාන් 2 0 2 0 0 0 -3.042

නෙදර්ලන්තය 

ජුනි 30 වැනිදා Bulawayo Queens Sports Club ක්‍රීඩාංගණයේ දී

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

ඔවුන් එම තරගයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 374ක් ලබා ගන්නා ලද අතර එය නෙදර්ලන්ත එක්දින තරග දිවියේ ඉහළ ම ඉනිම බවට ද වාර්තා වෙනවා.

මෙම වටයේ දී ඔවුන් තරගාවලියට පිවිසෙන්නේ ලකුණු -0.739ක් ලබා ගනිමින් සිව්වැනි ස්ථානයේ සිටිමිනුයි.

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර මෙතෙක් එක්දින තරග 3ක දී එකිනෙකා හමු වී ඇති අතර එම තරග ත්‍රිත්වයේ ම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වෙනවා.

දෙරට ක්‍රීඩකයෝ පළමු වරට එකිනෙකා හමු වෙන්නේ 2002 වසරේ දී ICC ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් මෙරට දී. එම තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයග්‍රහණයක් හිමි වෙනවා.

අනතුරුව ඔවුනොවුන් නැවත හමුවෙන්නේ 2006 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එරට සංචාරයක දීයි. තරග 2කින් යුත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2-0ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නවා

නෙදර්ලන්තය මෙතෙක් එක්දින තරග 110කට මුහුණ දී ඇති අතර ඉන් තරග 37ක් ජයග්‍රහණය කරද්දී තරග 67ක් පරාජය වී තිබෙනවා. ලකුණු සම වීමෙන් අවසන් වූ තරග 2ක් සහ නොවිසඳුණ තරග 4ක් ද ඊට අයත්.

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ ගොදුර බවට පත් වූයේ නෙදර්ලන්තයයි.

ශ්‍රී ලංකාවට එරෙහිව නෙදර්ලන්තය

  • ඉනිමක වැඩිම ලකුණු – 258/10 (49) Amstelveen
  • ඉනිමක අඩුම ලකුණු – 86/10 (29.3) ආර්. ප්‍රේමදාස 2002
  • හොඳම පිතිකරණය -‍ Tim de Leede51 (42) Amstelveen 2006
  • හොඳම පන්දු යැවීම – Darron Reekers3/54 (10.0) Amstelveen 2006

නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව

  • ඉනිමක වැඩිම ලකුණු – 443/9 (50) Amstelveen2006
  • ඉනිමක අඩුම ලකුණු – 292/10 (50) ආර්. ප්‍රේමදාස 2002
  • හොඳම පිතිකරණය – සනත් ජයසූරිය 157 (104) Amstelveen2006
  • හොඳම පන්දු යැවීම – මුත්තයියා මුරලිදරන් 4/15 (5.3) ආර්. ප්‍රේමදාස 2002

නෙදර්ලන්ත සංචිතය: Scott Edwards (නායකයා සහ කඩුලු රකින්නා), Wesley Barresi, Noah Croes, Bas de Leede, Aryan Dutt, Clayton Floyd, Vivian Kingma, Ryan Klein, Michael Levitt, Teja Nidamanuru, Max O’Dowd, Saqib Zulfiqar, Shariz Ahmad, Logan van Beek, Vikramjit Singh

සිම්බාබ්වේ

ජූලි 02 වැනිදා Bulawayo Queens Sports Club ක්‍රීඩාංගණයේ දී

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පිවිසෙමිනුයි.

මේ දක්වා දෙරට අතර එක්දින තරග 60ක් පවත්වා ඇති අතර ඉන් තරග 12ක් සිම්බාබ්වේ ජය ලබද්දී තරග 46ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙනවා. ඉතිරි තරග 2 ඉතිහාසයට එක් වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.

දෙරට අතර පැවති අවසන් තරග 5 දී ශ්‍රී ලංකාව තරග 3ක දී ද සිම්බාබ්වේ තරග 2ක දී ද ජයග්‍රහණය ලබා තිබෙනවා. ඔවුනොවුන් අවසන් වරට 2022 වසරේ දී මෙරට දී හමු වී ඇති අතර තරග 3කින් යුත් එම තරගාවලියේ 2-1කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ සේ ම ලෝක එක්දින තරග ඉතිහාසයේ ද ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමේ වාර්තාවට ගොදුරු වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ

  • ඉනිමක වැඩිම ලකුණු – 322/4 (47.4) ගාල්ල 2017
  • ඉනිමක අඩුම ලකුණු – 35/10 (18.0) Harare2004
  • හොඳම පිතිකරණය -‍ Alistair Campbell131* (115) Harare 1994
  • හොඳම පන්දු යැවීම – Paul Strang4/32 (10.0) Sharjah 1998

සිම්බාබ්වේට එරෙහිව ශ්‍රී ලංකාව

  • ඉනිමක වැඩිම ලකුණු – 327/6 (50) පල්ලෙකැලේ 2011
  • ඉනිමක අඩුම ලකුණු – 152/10 (48.5) Harare2008
  • හොඳම පිතිකරණය – තිලකරත්න ඩිල්ශාන් 144 (131) පල්ලෙකැලේ 2011
  • හොඳම පන්දු යැවීම – චමින්ද වාස් 8/19 (8.0) SSC 2001

සිම්බාබ්වේ සංචිතය: Craig Ervine (නායක), Ryan Burl, Tendai Chatara, Brad Evans, Joylord Gumbie (කඩුලු රකින්නා), Luke Jongwe, Innocent Kaia, Wessly Madhevere, Tadiwanashe Marumani, Wellington Masakadza, Nyasha Mayavo, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Sean Williams.

බටහිර ඉන්දීය කොදෙව්

ජූලි 07 වැනිදා Harare Sports Club ක්‍රීඩාංගණයේ දී

ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනියා වෙමින් සුපිරි 6 වටය සඳහා එක් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සුපිරි 6 වටයේ දී කොදෙව්වන් තරගාවලිය හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්දින තරග ඉතිහාසයේ අවස්ථා 63ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 31ක දී ජයග්‍රහණ කොදෙව්වන් සතු කර ගන්නා ලද අතර තරග 29ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙනවා. ඉතිරි තරග 3 නිමා වෙන්නේ නොවිසඳුණ තරග ලෙසයි.

දෙරට කණ්ඩායම් අතර අවසන් වරට පැවති තරග 5 දී ශ්‍රී ලංකාව තරග 2ක් ද සහ බටහිර ඉන්දීය කොදෙව්වන් තරග 2ක් ද බැගින් ජයග්‍රහණය කර තිබෙනවා. දෙරට ක්‍රීඩකයෝ අවසන් වරට හමුව ඇත්තේ 2021 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙ කොදෙව් සංචාරයේ දී වන අතර තරග 3කින් යුත් එම තරගාවලියේ දී මෙරට ක්‍රීඩකයෝ 3-0ක පරාජයක් ලබනවා.

කොදෙව්වන් 1975 සහ 1979 දී ලෝක ශූරයන් වී ඇති අතර 1983 වසරේ දී අනු ශූරයන් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වෝ

  • ඉනිමක වැඩිම ලකුණු – 360/4 (50) Karachi1987
  • ඉනිමක අඩුම ලකුණු – 80/10 (30.4) Brabourne2006
  • හොඳම පිතිකරණය – Viv Richards181 (125) Karachi 1987
  • හොඳම පන්දු යැවීම – Courtney Walsh5/01 (4.3) Sharjah

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව

  • ඉනිමක වැඩිම ලකුණු – 345/8 (50) Basseterre2016
  • ඉනිමක අඩුම ලකුණු – 55/10 (28.3) Sharjah1986
  • හොඳම පිතිකරණය – අවිශ්ක ගුණවර්ධන 132 (146) Nairobi 2000
  • හොඳම පන්දු යැවීම – ෆර්වීස් මහරූෆ් 6/14 (9.0) Brabourne2006

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය: Shai Hope (නායක), Rovman Powell, Shamarh Brooks, Yannic Cariah, Keacy Carty, Johnson Charles (කඩුලු රකින්නා), Roston Chase, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Keemo Paul, Nicholas Pooran (කඩුලු රකින්නා) Romario Shepherd.

මෙම තරගාවලියේ දී  ලංකාව මුහුණ දෙන්නේ අවස්ථා 2ක දී ලෝක ශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් සමගින් සේ ම, ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට පාර සැකසූ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ එක්දින තරගයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තැබීමට ගොදුරු වූ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිවයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 වටයේ තරගාවලියේ සියලු තොරතුරු සැනෙකින් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<