ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මේ මස 19 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා පාකිස්තානයේ දී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 9 වැනි වරටයි.
පාකිස්තානය ආසන්නත ම තරග ජයග්‍රාහකයන් ලෙසින් මෙවර තරගාවලියට එක් වෙන අතර වැඩිම වාර ප්‍රමාණයක් කුසලානය හිමිකර ගත් කණ්ඩායම් ලෙසින් ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව තරගාවලියට එක් වෙනවා.
2002 වසරේ දී ඉන්දියාව සමඟින් සම ශූරයන් වූ ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියට එක්වීමට අවසරයක් නැහැ. ඒ ඔවුන් නිමා වූ 2023 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ සුදුසුකම් ලබා ගැනීමේ සීමාවේ නොසිටි බැවිනුයි. ඔවුන්ට මෙම තරගාවලියේ සහභාගීත්වය අහිමි වු පළමු අවස්ථාව මෙයයි.
කෙසේ වෙතත් මෙවර මෙම තරගාවලිය පවත්වන්නේ 2017 වසරට පසුවයි.
1998 – 2017 ශූරයන්ගේ කුසලානය බෙදී ගිය ආකාරය
සත්කාරකත්වය | ජයග්‍රහණය | අනු ශූරතාව | තරගාවලියේ වීරයා | වසර | |
1 | බංග්ලාදේශය | දකුණු අප්‍රිකාව | බ. ඉ. කොදෙව් | Jacques Kallis (SA) | 1998 |
2 | කෙන්යාව | නවසීලන්තය | ඉන්දියාව | – | 2000 |
3 | ශ්‍රී ලංකාව | ඉන්දියාව – ශ්‍රී ලංකාව සම ශූරයන් | – | 2002 | |
4 | එංගලන්තය | බ. ඉ. කොදෙව් | එංගලන්තය | R Sarwan (WI) | 2004 |
5 | ඉන්දියාව | ඕස්ට්‍රේලියාව | බ. ඉ. කොදෙව් | Chris Gayle (WI) | 2006 |
6 | දකුණු අප්‍රිකාව | ඕස්ට්‍රේලියාව | නවසීලන්තය | R Ponting (AUS) | 2009 |
7 | එංගලන්තය | ඉන්දියාව | එංගලන්තය | S Dhawan (IND) | 2013 |
8 | එංගලන්තය | පාකිස්තානය | ඉන්දියාව | Hasan Ali (PAK) | 2017 |
1 වැනි තරගාවලිය: 1998 බංග්ලාදේශය
1998 වසරේ දී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා එවකට ටෙස්ට් වරම් හිමි ව තිබූ කණ්ඩායම් එක් කර ගන්නවා. ඒ අනුව ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ යන රටවල් ඒ සඳහා සහභාගී වෙනවා.
මංගල තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළ දකුණු අප්‍රිකානුවෝ ශූරයන් වන අතර අනුශූරතාව බටහිර ඉන්දීය කොදෙව්වෝ සතු වෙනවා. දකුණු අප්‍රිකානුවෝ මෙම ජයග්‍රහණය ලබා ගන්නේ අපරාජිතව සිටිමිනුයි.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Philo Wallace. ඔහු තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 221ක් ලබා ගන්නවා. වැඩිම කඩුලුලාභියා වෙන්නේ දකුණු අප්‍රිකාවේ Jacques Kallis. ඔහු තරග 3ක දී කඩුලු 8ක් ලබා ගන්නා ලද අතර ඊට අමතර ව පිතිකරුවෙක් ලෙසින් තරග 3ක දී ශතකයක් සමඟින් ලකුණු 164ක් ලබා ගත් අතර ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙනවා.
2 වැනි තරගාවලිය: 2000 කෙන්යාව
ඊට වසර 2කට පසුව 2000 වසරේ දී කෙන්යාවේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා සත්කාරක කෙන්යාව සහ පෙර වසරේ සත්කාරකයන් වූ බංග්ලාදේශය ද එක් කර ගන්නවා. ඒ අනුව එවර තරගාවලියට එක් වූ කණ්ඩායම් ප්‍රමාණය 11ක්.
තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය තේරී පත් වූ අතර ඔවුන් අතර පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණ්‍යක් ලබා ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ ඒ වසරේ ශූරයන් බවට පත් වුනා.
ඉන්දීය කණ්ඩායමේ Sourav Ganguly තරග 4ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 348ක් ලබා ගන්නා ලද අතර ඔහු තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ තරග 4ක දී කඩුලු 8ක් දවා ගත් ඉන්දියාවේ Venkatesh Prasad.
මෙම තරගාවලියේ දී තරගාවලියේ වීරයා ලෙසින් කුසලානයක් පිරි නොනැමුණ අතර අවසන් මහා තරගයේ වීරයා ලෙසින් පන්දු 113ක දී ශතයක් ලබා ගත් නවසීලන්තයේ Chris Cairns සම්මාන ලැබුවා.
3 වැනි තරගාවලිය: 2002 ශ්‍රී ලංකාව
මෙම තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලත් අනෙක් රටවල් 10 ද සමඟින් 2001 වසරේ දී කැනඩාවේ දී පැවැති ICC කුසලාන ශූරයන් වූ නෙදර්ලන්ත කණ්ඩායම ද එක් කර ගන්නවා. ඒ අනුව මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් ඇතුලත් වූ අතර තරගාවලිය කණ්ඩායම් 3කින් සමන්විත කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙනවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල් කාණ්ඩ පළමු වැනියන් වෙමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. තරගාවලියේ අවසන් පූර්ව වටය ක්‍රියාත්මක වෙන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතරත් සහ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතරත්.
එම තරග ජයග්‍රහණය කළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්ත ද එම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙන අතර කණ්ඩායම් ද්විත්වය සම ශූරයන් ලෙසින් නම් කෙරෙනවා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ තරග 5ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 271ක් ලැබූ ඉන්දියාවේ Virender Sehwag වන අතර තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා වූයේ තරග 5ක දී කඩුලු 10ක් ලැබූ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්.
4 වැනි තරගාවලිය: 2004 එංගලන්තය
මෙවර තරගාවලිය සඳහා පළමු වරට ඇමෙරිකාව තරගාවලියට එක් වෙනවා. ඔවුන් මේ සඳහා එකතු වෙන්නේ 2004 වසරේ පැවැති ICC Six Nations Challenge තරගාවලියේ ශූරයන් ලෙසිනුයි. ඒ අනුව පෙර තරගාවලියට එක් වූ නෙදර්ලන්තය මෙවර තරගාවලියට එක් විමේ අවස්ථාව අහිමි වෙනවා.
තරගාවලිය නැවත වතාවක් කාණ්ඩ 4ක් යටතේ පැවැති අතර ඒ අනුව ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.
එම වටයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කළ එංගලන්තය ද සහ පාකිස්තානය පරාජය බටහිර ඉන්දීය කොදෙව්වෝ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා. පැවැති අවසන් මහා තරගයේ දී කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව්වෝ 2004 වසරේ ශූරයන්ගේ කුසලානයට හිමිකම් කියන අතර අවසන් මහා තරගයේ වීරයා ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Ian Bradshaw නම් කෙරෙනවා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලෙසින් තරග 4ක දී ශතකයක් සහ අර්ධ ශතකයක 2ක් සමඟින් ලකුණු 261ක් ලැබූ එංගලන්තයේ Marcus Trescothick ද සහ වැඩිම කඩුලුලාභී පන්දුයවන්නා ලෙසින් තරග 4ක දී කඩුලු 9ක් ලැබූ එංගලන්තයේ Andrew Flintoff පත් වෙනවා.
තරගාවලියේ වීරයා බවට නම් කෙරෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Ramnaresh Sarwan.
- සංගාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Masters සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ දීර්ඝ තරග සංචාරයකට සැරසෙයි
- ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දු- පාකිස්තානුවෝ එක්වෙති!
- දිමුත් – Crowe සහ කුරේ
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
5 වැනි තරගාවලිය: 2006 ඉන්දියාව
මෙවර තරගාවලිය සඳහා එක් කර ගන්නේ කණ්ඩායම් 10ක් පමණයි. ඒ අනුව ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, නවසීලන්තය, එංගලන්තය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ සත්කාරකයක් ලෙසින් ඉන්දියාව ද එක් වෙනවා.
තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන රටවල් වෙන ම ම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකට එක් වූ අතර එහි දී පළමු ස්ථාන ද්විත්වයට පත් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වෝ සුපිරි 8 වටයට එක් වෙනවා.
ඒ අනුව පැවැති තරගාවලිය කාණ්ඩ 2කින් යුතු වූ අතර එහි දී පළමු ස්ථාන ද්විත්වයට පත් කණ්ඩායම් අවසන් පූර්ව වටයට රැගෙන ආවා. එම වටයේ දී නවසීලන්තය පරාජය කළ ඕස්ට්‍රේලියාව ද සහ දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
ඒ අනුව පැවැති අවසන් මහා තරගයෙන් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයග්‍රාහකයන් වෙමින් පළමු වරට ශූරයන්ගේ කුසලානය දිනා ගත්තා. අවසන් මහා තරගයේ වීරයා ඕස්ට්‍රේලියාවේ Shane Watson.
තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Chris Gayle. ඔහු තරග 8ක දී ශතකය 3ක් සමඟින් ලකුණු 474ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.
තරගාවලියෙ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ තරගාවලියේ තරග 7ක දී කඩුලු 13ක් දවා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Jerome Taylor.
6 වැනි තරගාවලිය: 2009 දකුණු අප්‍රිකාව
මෙවර තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ව තිබුණත් එරටේ පැවැති ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයක් හේතුවෙන් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය කෙරෙනවා.
ඒ අනුව පැවැති තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සත්කාරක දකුණු අප්‍රිකාව යන රටවල කණ්ඩායම් 8ක් පමණයි.
තරගාවලිය සුපුරු ලෙසින් කාණ්ඩ 2ක් යටතේ පැවැති අතර එහි දී A කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය ද, B කාණ්ඩයෙන් නවසීලන්තය සහ එංගලන්තය ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.
ඒ අනුව පැවැති එම වටය අවසානයේ දී ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එම තරගයේ දී නැවත වතාවක් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වෙන අතර ඔවුන් ශූරයන්ගේ කුසලාන තරගමාලාවන් හී පිට පිට අවස්ථා 2ක දී ශූරයන් බවට පත් එක ම කණ්ඩායම බවට පත් වුනා.
අවසන් මහා තරගයේ වීරයා බවට පත් විමට ඕස්ට්‍රේලියාවේ Shane Watson සමත් වෙනවා. තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නෙ තරග 5ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලබා ගත් ඕස්ට්‍රේලියාවේ Ricky Ponting වන අතර වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ තරග 3ක දී කඩුලු 11ක් දවා ගත් දකුණු අප්‍රිකාවේ Wayne Parnell.
7 වැනි තරගාවලිය: 2013 එංගලන්තය
මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නේ පෙර තරගාවලියට එක් වූ රටවල් ම පමණක් වන අතර තරගාවලියට සුපුරුදු ලෙසින් ම කාණ්ඩ 2ක් යටතේ පැවැත්වුනා. එහි දී A කාණ්ඩයෙන් එංගලන්තය සහ ශ්‍රී ලංකාව ද, B කාණ්ඩයෙන් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ද අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
එම වටයේ දී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව පරාජයට පත් කරන එංගලන්තය සහ ඉන්දියාව අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා. පැවැති එම තරගයෙන් ලකුණු 5ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ එවර ශූරයන් බවට පත් වුනා.
අවසන් මහා තරගයේ වීරයා බවට ඉන්දියාවේ Ravindra Jadeja පත් වෙන අතර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙස තරග 5ක දී ලකුණු 363ක් ලබා ගත් Shikhar Dhawan පත් වෙන අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් තරග 5ක දී කඩුලු 12ක් දවා ගත් ඉන්දියාවේ Ravindra Jadeja පත් වෙනවා.
8 වැනි තරගාවලිය: 2017 එංගලන්තය
මෙවර තරගාවලිය සඳහා 2006 වසරට පසුව බංග්ලාදේශය ඇතුලත් වෙන අතර ඒ හේතුවෙන් පෙර තරගාවලියට එක් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට තම ස්ථානය අහිමි වෙනවා.
ඒ අනුව පැවැති තරගාවලියේ A කාණ්ඩයෙන් එංගලන්තය සහ බංග්ලාදේශය ද B කාණ්ඩයෙන් ඉන්දියාව සහ පාකිස්තානය ද අවසන් පූර්ව වටයට එක් විමට සුදුසුකම් ලබා ගන්නවා. ඒ අනුව පැවැති අවසන් තරගයේ දී ඉන්දියාව පරාජය කරමින් ලකුණු 180ක ජයග්‍රහණයක් ලබා ගැනිමට පාකිස්තානය සමත් වෙනවා.
අවසන් මහා තරගයේ වීරයා ලෙසින් පාකිස්තානයේ Fakhar Zaman සම්මාන දිනා ගන්නා ලද අතර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා ලෙසින් තරග 5ක දී ලකුණු 338ක් ලබා ගත් ඉන්දියාවේ Shikhar Dhawan ද වැඩිම කඩුලුලාභියා ලෙසින් තරග 5ක දී කඩුලු 13ක් දවා ගත් පාකිස්තානයේ Hasan Ali ද පත් වෙනවා.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සුවිශේෂී කඩඉම්
347/4 (50.0): 2004 වසරේ දී නවසීලන්ත කණ්ඩායම ඇමෙරිකා කණ්ඩායමට එරෙහි ව The Oval ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව තරගමාලාවේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
65/10 (24.0): 2004 වසරේ දී ඇමෙරිකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ Southampton ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව තරගමාලාවේ කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.
643: 2017 වසරේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් ව The Oval ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව මෙම තරගමාලාවේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
131: 2004 වසරේ දී ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව එක් ව Southampton ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව තරගමාලාවේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.
210: 2004 වසරේ දී නවසීලන්තය විසින් ඇමෙරිකාවට එරෙහි ව The Oval ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ජයග්‍රහණය මෙම තරගමාලාවේ කණ්ඩායමක් විසින් ලබා ගත් වැඩිම ලකුණු පරතරයකින් යුත් ජයග්‍රහණයයි.
5: 2013 වසරේ දී ඉන්දියාව විසින් එංගලන්තයට එරෙහි ව Birmingham ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ජයග්‍රහණය මෙම තරගමාලාවේ කණ්ඩායමක් විසින් ලබා ගත් අඩු ම ලකුණු පරතරයකින් යුත් ජයග්‍රහණයයි.
791: මෙම තරගමාලාවේ පිතිකරුවෙක් විසින් මෙතෙක් ලබා ඇති වැඩි ම ලකුණු සංඛ්‍යාවේ එකතුව වන්නේ බටහිර ඉන්දීක කොදෙව් රාජ්‍යයේ Chris Gayle තරග 17ක දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.
Player | Mat | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | Chris Gayle (WI) | 17 | 17 | 2 | 791 | 133* | 52.73 | 3 | 1 | 101 | 15 |
2 | මහේල ජයවර්ධන (SL) | 22 | 21 | 3 | 742 | 84* | 41.22 | 0 | 5 | 79 | 6 |
3 | Shikhar Dhawan (IND) | 10 | 10 | 1 | 701 | 125 | 77.88 | 3 | 3 | 79 | 8 |
4 | කුමාර් සංගක්කාර (SL) | 22 | 21 | 3 | 683 | 134* | 37.94 | 1 | 4 | 68 | 0 |
5 | Sourav Ganguly (IND) | 13 | 11 | 2 | 665 | 141* | 73.88 | 3 | 3 | 66 | 17 |
145*: 2004 වසරේ දී නවසීලන්තයේ Nathan Astle විසින් ඇමෙරිකා කණ්ඩායමට එරෙහි ව The Oval ක්‍රීඩාංගණයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව මෙම තරගමාලාවේ මෙතෙක් පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
28: මෙම තරගමාලාවේ පන්දු යවන්නෙක් විසින් මෙතෙක් ලබා ඇති වැඩි ම කඩුලු සංඛ්‍යාවේ එකතුව වන්නේ නවසීලන්තයේ Kyle Mills තරග 15ක දී පෑ මෙම දක්ෂතාවයි.
Player | Mat | Inns | O | M | Runs | Wkts | Best | 4 | 5 | |
1 | Kyle Mills (NZ) | 15 | 15 | 112.3 | 7 | 483 | 28 | 4/30 | 2 | – |
2 | ලසිත් මාලිංග (SL) | 16 | 16 | 144.0 | 9 | 766 | 25 | 4/34 | 2 | – |
3 | මුත්තයියා මුරලිදරන් (SL) | 17 | 15 | 134.1 | 11 | 484 | 24 | 4/15 | 2 | – |
4 | Brett Lee (AUS) | 16 | 15 | 123.1 | 6 | 591 | 22 | 3/38 | – | – |
5 | Glenn McGrath (AUS) | 12 | 12 | 102.0 | 13 | 412 | 21 | 5/37 | – | 1 |
6/14 (9.0): 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ ෆර්වීස් මහරූෆ් විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව Brabourne හී දී පෑ මේ දක්ෂතාව මෙතෙක් මෙම තරගමාලාවේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාවයි.
33: මෙම තරගමාලාවේ කඩුලු රකින්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාවේ හිමිකාරීත්වය කුමාර් සංගක්කාර සතු වෙනවා.
15: මෙම තරගමාලිවේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැක ගත් ක්‍රීඩකයා වෙන්නේ මහේල ජයවර්ධන.
252*: 2009 වසරේ දී ඕස්ට්‍රේලියාවේ Shane Watson සහ Ricky Ponting එක් ව Centurion ක්‍රීඩාංගණයේ දී 2 වැනි කඩුල්ලට එක් කළ මෙම ලකුණු සංඛ්‍යාව මෙම තරගමාලාවේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<