ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට

ICC Champions Trophy

4
ICC Champions Trophy

9 වැනි වරටත් පැවැති ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වරටත් කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. 2002 වසරේ සම ශූරයන් ලෙසත් සහ 2013 වසරේ ශූරයනුත් වූ ඔවුන් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී 2000 වසරේ දී ශූරයන් වූ නවසීලන්තයට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කිව්වා.

ඉන්දීය කණ්ඩායම

 

Rohit Sharma (c), Shubman Gill, Virat Kohli, Shreyas Iyer, Axar Patel, KL Rahul (wk), Hardik Pandya, Ravindra Jadeja, Mohammed Shami, Kuldeep Yadav, Varun Chakaravarthy

නවසීලන්ත කණ්ඩායම

 

Will Young, Rachin Ravindra, Kane Williamson, Daryl Mitchell, Tom Latham (wk), Glenn Phillips, Michael Bracewell, Mitchell Santner (c), Nathan Smith, Kyle Jamieson, William ORourke.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් එක් කර ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගන්නවා. එහි ප්‍රතිඵලය වන්නේ පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 251ක් ලබා ගැනීමයි.

එහි දී Daryl Mitchell සහ Michael Bracewell අර්ධ ශතක ඉනිම් ගොඩ නගමින් නවසීලන්ත ලකුණු පුවරුවට වැඩි දායකත්වයක් දක්වනවා. Daryl Mitchell පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ද සහ Michael Bracewell පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Kuldeep Yadav සහ Varun Chakravarthy කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර Ravindra Jadeja සහ Mohammed Shami විසින් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී තවත් පන්දුවාරයක් ඉතිරි ව තිබිය දී ලකුණු 254ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කරනවා. මෙම ඉනිම ආරම්භ කළ නායක Rohit Sharma පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ද සමඟින් ලකුණු 76ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර එම ඉනිම වෙනුවෙන් ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වෙනවා.

Rohit Sharma සමග ඉනිම ආරම්භ කළ Shubman Gill දෙදෙනා පන්දු 110ක දී එක් කළ ලකුණු 105ක පළමු කඩුල්ලේ සබඳතාව ඉන්දීය ජයග්‍රහණයේ පළමු අඩිතාලම වුනා. අනතුරු ව Shreyas Iyer සහ Axar Patel එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 61ක සබඳතාවක් ද එක් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමීමේ දී Shreyas Iyer පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ද සහ Shubman Gill පන්දු 50කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත් අතර ඉනිම අවසන් වන විට KL Rahul පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Michael Bracewell සහ Mitchell Santner කඩුලු 2ක් බැගින් දවා ගත් අතර Kyle Jamieson සහ Rachin Ravindra ද කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නවසීලන්තය – කඩුලු 7ක් දැවී 251 (50.0)Rachin Ravindra37, Daryl Mitchell 63, Glenn Phillips 34, Michael Bracewell නොදැවී 53, Varun Chakravarthy 2/45, Kuldeep Yadav 2/40
  • ඉන්දියාව – කඩුලු 6ක් දැවී 254 (49.0)Rohit Sharma76, Shubman Gill 31, Shreyas Iyer 48, Axar Patel 29, KL Rahul 34, Mitchell Santner 2/46, Michael Bracewell 2/28

ඉන්දියාවට කඩුලු 4ක ජයක්.

  • තරගයේ වීරයා – Rohit Sharma(ඉන්දියාව)
  • තරගාවලියේ වීරයා – Rachin Ravindra(නවසීලන්තය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<