අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය (IAAF – International Association of Athletics) විසින් නව නාමය හා නව ලාංඡනය එළිදක්වා ඇත. මෙම එලිදැක්වීම පසුගිය 8 වැනිදා මොනාකෝ හි පැවති 271 වැනි කවුන්සල රැස්වීමේ දී සිදු විය.
ඒ අනුව නව නාමය ‘ලෝක මලල ක්‍රීඩා – World Athletics’ වන අතර එය ලෝක ක්‍රීඩාව සඳහා නව සුබවාදී මුහුණතක් අරමුණු කර ගත් මලල ක්‍රීඩා සංවිධානයේ නව පාලන ප්‍රතිපත්තියට අනුව සකසා ඇත. මෙම නව සන්නාමය සඳහා කවුන්සලයේ අනුමැතිය ලැබී ඇත. මෙය ලෝක ක්‍රීඩාවේ නව මංපෙත් විවර කරනු ඇතැයි විශ්වාසය පලකර ඇත. මෙම නව පියවර මගින් ලොව වැඩිම පිරිසක් සහභාගි වන මලල ක්‍රීඩාව සාර්ථකව ලොව පුරා ව්‍යාප්ත කිරීම මලල ක්‍රීඩා සංගමයේ මෙම නව පාලන ක්‍රියාවලියේ අරමුණ වී ඇත.
IAAF unveils new name and logo. pic.twitter.com/Fz4lNjhutW
— IAAF (@iaaforg) June 9, 2019
“මම හිතන්නේ අපේ මේ නව සන්නාමය නව පරම්පරාවට මලල ක්‍රීඩාව ගෙන යාමට උදව්වක් වේවි.” IAAF සභාපති වන සෙබෙස්තියන් කෝඒ පැවසීය.
“අපි නව සන්නාමයක් හැදුවා. ඩිජිටල් මාධ්‍යයෙන් සාමාන්‍ය ජීවිතයට අමතන්න පුළුවන් විදිහේ. මේක ක්‍රීඩාවේ ආකල්ප වෙනස් කරයි. ඒත් එක්කම ලෝකයේම අවධානය මලල ක්‍රීඩාවට ගෙන ඒවි.”
“IAAF නාමය වසර 100ක් තරම් පරණයි. ඒක මලල ක්‍රීඩාවෙන් පිටත් තම නාමය ව්‍යාප්ත කරලා තියනවා.” IAAF හි ප්‍රධාන විධායක නිලධාරි ජෝන් රිද්ජන් පවසා සිටියා.
මලල ක්‍රීඩා සංගමයේ මේ නව සන්නාමය මෙම වසරේ ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත 2019 ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී නිල වශයෙන් භාවිතයට ගනු ඇත.
මෙම නිල ලාංඡනය මූලික වශයෙන් කොටස් තුනකින් සමන්විත වේ.
W අක්ෂරය මගින් ලෝකය (world) නිරූපණය කරන අතර එය මලල ක්‍රීඩකයෙකු තම ජයග්‍රහණය සැමරීම ද නිරූපණය වේ. A අක්ෂරය මගින් මලල ක්‍රීඩාව (Athletics) නියෝජනය වේ. එමගින් මලල ක්‍රීඩකයෙකු තම ඉදිරියේ ඇති අභියෝගය පිළිබඳව අවධානය යොමු කිරීම ද නිරූපණය වේ. මෙම අක්ෂර දෙකට ඉහළින් ඇති වෘත්ත කොටස මගින් සියලුම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටින බව නිරූපණය වේ.
මෙම නිල ලාංඡනයේ උඩු අතට හැරී ඇති මලල ක්‍රීඩා ධාවන පථයක්ද ඇති අතර සීමාවන් ඉක්මවා ක්‍රීඩාවට දක්වන කැපවීම එමගින් නිරූපණය වේ. මෙම ලාංඡනයේ ඇති රටා මගින් මලල ක්‍රීඩාවේ ඇති ශක්තීන් නිරූපණය කරන අතර මලල ක්‍රීඩාවේ සිව් අංශයන් වන දිවීම, පැනීම, වීසිකිරීම හා ඇවිදීම යන ඉසව් ද නිරූපණය වේ.
2018 වසරේ ජනවාරි මාසයෙ සිට මෙම මලල ක්‍රීඩා ප්‍රතිසංවිධානය ආරම්භ වූ අතර එහි එක් පියවරක් ලෙස මෙම නව සන්නාමය සඳහා ලොව ප්‍රසිද්ධ සන්නාම නිපැයුම්කරුවන් හා වෙළඳ ඒජන්සි 5ක් සම්බන්ධ කරගෙන අදහස් විමසා තිබුණි. එම අදහස් හා නිර්මාණ අභ්‍යන්තර කමිටුවක් මගින් ඇගයීමකට ලක්කර තේරීමක් සිදුකර ඇත. පසුව අවසන් නිර්මාණය එළිදැක්වීමට පෙර සාමාජික සම්මේලන, අනුග්රාහකයන්, මලල ක්‍රීඩකයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසා ඇත.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<