තිසර සහ උදාන PSL 2021 Player Draft හී ඉහළම කාණ්ඩයට

5803
Thisara & Udana

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩකයන් වන තිසර පෙරේරා සහ ඉසුරු උදාන 2021 Pakistan Super Leagueයේ ක්‍රීඩකයන් තෝරා ගැනීමට සඳහා වන Player Draft හී ඉහළම වටිනාකමින් යුත් ක්‍රීඩකයන්ගේ කාණ්ඩයට (Platinum category) ඇතුළත් කර ඇත.

එම කාණ්ඩය සඳහා ඔවුන් දෙදෙනා ඇතුළුව විදෙස් ක්‍රීඩකයන් 25 දෙනෙකු ඇතුළත්ව ඇති අතර එම ක්‍රීඩක ලැයිස්තුව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද (05) මාධ්‍ය වෙත යොමු කර තිබුණි.

එම කාණ්ඩය සඳහා බටහිර ඉන්දීය සුපිරි පිතිකරු Chris Gayle, දශකයේ පන්දුවාර විස්ස ක්‍රීඩකයා වූ Rashid Khan, එංගලන්ත පිතිකරු Dawid Malan සහ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Dale Steyn වැනි පන්දුවාර විස්ස තරග පිටියේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව තිබුණි.

එමෙන්ම මීට පෙර Pakistan Super League තරගාවලිය නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් වන Dwayne Bravo, Carlos Brathwaite, Lendl Simmons සහ Evin Lewis යන ක්‍රීඩකයන් ද මෙවර Player Draft හී Platinum කාණ්ඩයට එක්කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Platinum කාණ්ඩයට ඇතුළත් වූ තිසර පෙරේරා මීට පෙර Quetta Gladiators සහ Multan Sultans යන කණ්ඩායම් නියෝජනය කරමින් Pakistan Super League තරගාවලිය ක්‍රීඩා කර ඇති අතර ලීග් තරග පිටියෙහි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ඔහු 2020 Lanka Premier League තරගාවලියේ Jaffna Stallions කණ්ඩායමේ නායකත්වය දරමින් ශූරතාවය දිනා ගැනීමට ද සමත් විය.

එමෙන්ම එම කාණ්ඩයට ඇතුළත් වන අනෙකුත් ලාංකීය ක්‍රීඩකයා වන ඉසුරු උදාන මෙම පන්දුවාර 20 ලීග් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන අතර ඔහු නිමා වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් විය.

2021 Pakistan Super League තරගාවලිය පෙබරවාරි- මාර්තු කාලසීමාවේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් කණ්ඩායම් ගත කිරීම ජනවාරි මස 10 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<