වසර ගණනාවක් මෙරට මීටර් 100 ඉසව්වේ ජාතික ශූරයා වූ කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන් හට වසර හතරක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනය තීරණය කර තිබෙනවා.
මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු ශූරයෙකු ද වන හිමාෂ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ දී ලබා දුන් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක ද්‍රව්‍ය අඩංගු වී තිබෙන නිසා ඔහුට තාවකාලික තරග තහනමක් පැනවීමට තීරණය කර තිබුණා.
එම සිදුවීම සම්බන්ධයෙන් හිමාෂට එරෙහි විනය පරීක්ෂණයක් මෙම වසරේ ජුනි 03 වැනිදා පවත්වා තිබූ අතර එම පරීක්ෂණයේ දී හිමාෂ වැරදිකරු බවට තීරණය කර තිබෙනවා.
- සුමේධ සහ සාරංගිගේ පදක්කම් සිහින බොඳ වෙයි
- යුපුන් මීටර් 100 අවසන් පූර්ව වටයට
- කාලිංග සහ නිලානි 7 වැනි ස්ථානයට
- කාලිංග මීටර් 400 අවසන් පූර්ව වටයට
- සාරංගි අවසන් වටයට යද්දී ගයන්තිකා මූලික වටයේ හත්වැනි තැනට
එලෙස වැරදිකරු බවට තහවුරු වීම නිසාවෙන් ලෝක තහනම් උත්තේජක මර්දන ආයතනයේ සහ ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ නීතීන්ට අනුව 2021 ඔක්තෝබර් 26 සිට 2025 ඔක්තෝබර් 25 දක්වා වසර 4ක තරග තහනමක් ඔහුට පැනවීමට තීරණය කර තිබෙනවා.
හිමාෂට එම කාලසීමාව තුළ මලල ක්‍රීඩාවට අදාළ කිසිදු තරගයකට සහභාගී වීම හෝ පුහුණුවීම් කටයුතු සිදු කිරීම තහනම් වනවා.
>> හිමාෂගේ තහනම පිළිබඳ මාධ්‍ය නිවේදනය <<
කෙසේ නමුත් හිමාෂට මෙම තීරණයට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඇති අතර ඔහු දින 14ක් තුළ එම අභියාචනාව යොමු කළ යුතුයි.
මීටර් 100 ඉසව්වේ දිගු කලක් ශ්‍රී ලංකා ආධිපත්‍ය හිමි කරගෙන සිටි හිමාෂ 2016 වසරේ දකුණු ආසියානු ශූරයා වීමට සමත් වූ අතර යුපුන් අබේකෝන්ට පෙර දකුණු ආසියානු වාර්තාවට ද හිමිවුනේ ඔහුටයි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<