හැව්ලොක් ක්‍රීඩා සමාජ. CR&FC කණ්ඩායම, මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජ A කණ්ඩායම ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය අවසානයේ සිය කාණ්ඩවල පළමු ස්ථානයන් දිනා ගන්නට සමත් වුනා. තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි. යුද හමුදා A, නාවික හමුදා A, ගුවන් හමුදා A හා CH&FC A යන කණ්ඩායම් සිය කාණ්ඩවල දෙවන ස්ථානයට පත් වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණා.
ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා
ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ මාධ්‍ය හමුවක් …
2019/20 අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියට කණ්ඩායම් 16ක් එක්වුණු අතර තරග 24ක් පැවැත්වීමට නියමිතව තිබුණා.
පීටර්සන් රග්බි පාපන්දු ක්‍රීඩා සමාජය, මැලේ සී. සී ක්‍රීඩා සමාජය, ගාලු රග්බි පාපන්දු ක්‍රීඩා සමාජය A කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට අමතරව මෙම තරගාවලියට එක්වුණු කණ්ඩායම්.
ප්‍රබල ක්‍රීඩා සමාජ කණ්ඩායම සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 50 සීමාව ඉක්මවා ගිය අවස්ථා හයක් වාර්තා වුනා. CH කණ්ඩායම දෙවතාවක්, පොලිස් A, හැව්ලොක්, CR හා යුද හමුදාව එක වතාව බැගින් ලකුණු 50 සීමාව ඉක්මවා ගියා.
A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට පැවැත්වුණු තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය CH&FC පරාජය කළ අතර යොවුන් CR&FC කණ්ඩායම මුළු ලකුණු 31+65+27ක් බැගින් වාර්තා කළේ B කාණ්ඩයේ සිය ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා නොදෙමින්.
A කාණ්ඩය
- CH&FC ‘A’ 50 – 00 පීටර්සන් ක්‍රීඩා සමාජය
- හැව්ලොක් 42 – 00 යුද හමුදා’B’
- CH&FC ‘A’ 56 – 07 යුද හමුදා ‘B’
- හැව්ලොක් 62 – 07 පීටර්සන් ක්‍රීඩා සමාජය
- යුධ හමුදා ‘B’ 54 – 00 පීටර්සන් ක්‍රීඩා සමාජය
- CH&FC ‘A’ 10 – 33 හැව්ලොක්
B කාණ්ඩය
- ගුවන් හමුදා ‘A’ 48 – 12 ගාලු රග්බි ක්‍රීඩා සමාජය
- CR&FC 31 – 00 පොලිස් ‘B’
- ගුවන් හමුදා ‘A’ 43 – 17 පොලිස් ‘B’
- CR&FC 65 – 00 ගාලු රග්බි ක්‍රීඩා සමාජය
- පොලිස් ‘B’ 48 – 00 ගාලු රග්බි ක්‍රීඩා සමාජය
- ගුවන් හමුදා ‘A’ 00 – 27 CR&FC
මහනුවර ක්‍රීඩා සමාජය හිටපු CR නායක කවිඳු පෙරේරා සිය කණ්ඩායමට එකතු කර තිබුණු අතර කවිඳුගෙන් සවිමත් වූ මහනුවර කණ්ඩායම පහසුවෙන් C කාණ්ඩයේ පළමු ස්ථානයට පත් විය.
මේ අතර පොලිස් A කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට යුද හමුදා කණ්ඩායම සමත් වූ නමුත් අවසන් මොහොත තෙක් තරගය අත් නොහැරී පොලිස් A කණ්ඩායම ලකුණු 21-14ක් ලෙස තරගය ජය ගත්තේ D කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින්.
C කාණ්ඩය
- නාවික හමුදා A 47 – 05 ගුවන් හමුදා ‘B’
- මහනුවර 40 – 05 CH&FC ‘B’
- නාවික හමුදා A 40 – 12 CH&FC ‘B’
- මහනුවර 28 – 12 ගුවන් හමුදා ‘B’
- CH&FC ‘B’ 24 -12 ගුවන් හමුදා ‘B’
- නාවික හමුදා A 07 – 29 මහනුවර
D කාණ්ඩය
- පොලිස් ‘A’ 59 – 00 මැලේ CC ක්‍රීඩා සමාජය
- යුද හමුදා ‘A’ 21 – 12 නාවික හමුදා ‘B’
- පොලිස් ‘A’ 33 – 17 නාවික හමුදා ‘B’
- යුද හමුදා ‘A’ 42 – 07 මැලේ CC ක්‍රීඩා සමාජය
- නාවික හමුදා ‘B’ 19 – 17 මැලේ CC ක්‍රීඩා සමාජය
- පොලිස් ‘A’ 21 – 14 යුද හමුදා ‘A’
දෙවන දිනය අද (29) බඳුන හා පලිහ අර්ධ අවසාන පූර්ව තරග සමඟින් ආරම්භ වන අතර ඊයේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් ඒ සඳහා ක්‍රීඩා කරනු ඇත.
- යුද හමුදා ‘B’ හා මැලේ CC ක්‍රීඩා සමාජය
- CH&FC ‘B’ හා ගාලු RFC ක්‍රීඩා සමාජය
- නාවික හමුදා ‘B’ හා පීටර්සන් RFC ක්‍රීඩා සමාජය
- පොලිස් ‘B’ හා ගුවන් හමුදා ‘B’
කුසලාන හා පලඟ ශූරතා සඳහා කාණ්ඩවල ජයග්‍රාහකයින් හා දෙවන ස්ථානවල සිටින කණ්ඩායම් ක්‍රීඩා කරනු ඇත.
- හැව්ලොක් හා යුද හමුදා ‘A’
- මහනුවර හා ගුවන් හමුදා ‘A’
- පොලිස් ‘A’ හා CH&FC ‘A’
- CR&FC හා නාවික හමුදා A
දෙවන දිනයේ දී එක් කාන්තා රග්බි තරගයක් ක්‍රීඩා කරන අතර ThePapare.com ඔස්සේ උදෑසන 8.45 සිට ඔබට සජීවීව තරගාවලිය නැරඹිය හැකියි.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<