18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දහවල් කාලයේ පැවති තරගවල දී මීටර 400 රිදී පදක්කම් ලාභී ඩිලිෂි කුමාරසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනයේ පළමු පදක්කම දිනා දීමට සමත් විය.
ශ්‍රී ලංකා කනිෂ්ඨයින් ජපානයේ දී විශිෂ්ට දස්කම් දක්වයි
18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අද (7) ජපානයේ ගිෆු හි නාගාරගාව ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ අතර එය අද සිට පුරා දින 4ක් එනම් ලබන 10 වැනිදා දක්වා ජපානයේ දී පැවැත්වේ.
බාලිකා මීටර 800 ඉසව්ව 2:04.53ක කාලයකින් නිමා කරමින් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ද, ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික වාර්තාවක් ද පිහිටුවමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය. ඇය ඊයේ දිනයේ දී ද පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ මීටර් 400 බාලිකා තරග ඉසව්ව සඳහා සහභාගී වෙමිනි. එහි දී ඇය විසින් තත්පර 54.03ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
මීටර් 3000 බාලිකා බාධක දිවීමේ ඉසව්ව නියෝජන කළ 17 හැවිරිදි පාරමී වසන්ති ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට අද සමත් විය. ඇයගේ හොඳම පෞද්ගලික කාලය ලෙස 10:21.54කින් ඉසව්ව අවසන් කළ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සයවැනි පදක්කම දිනා දීමට සමත් විය.
තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා දෙන්නට ඊයේ දිනයේ දී අරුණ දර්ශණට හැකි වූයේ මීටර් 400 බාලක ඉසව්ව නියෝජනය කරමිනි.
අමාෂා සහ පසිඳු තවත් පදක්කම් දෙකක් දිනා ගන්නට සැරසේ
18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ තෙවන දිනය වූ අද දිනයේ (9) ශ්‍රී ලංකා තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ හර්ෂ කරුණාරත්න හට අවාසනාවන්ත ලෙස පිරිමි මීටර 800 ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට ඒමට තිබූ අවස්ථාව ඇහිරී ගියේය.
තරගාවලියේ ආරම්භක දිනය වූ පසුගිය 7 වැනිදා හා ඊයේ (08) දිනයේ දී ශ්‍රී ලංකාවට ඉතාමත් යහපත් හා සුබදායී දිනයක් බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම හා පදක්කම් කිහිපයක්ම දිනා ගැනීමට සමත් වීම නිසාවෙනි.
යොවුන් මැදි දුර ධාවකයෙක් වන හර්ෂ කරුණාරත්න මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වූ අතර එම තරග ඉසව්ව ඔහු විසින් අවසන් කළේ තෙවැන්නා ලෙසයි.
එහි දී හර්ෂ මිනිත්තු 1:55.06ක කාලයක් තුල සිය ඉසව්ව අවසන් කළ අතර එහි පළමු හා දෙවන ස්ථාන දිනා ගත්තේ ජපානයේ ෆුකී ටොරිල් (1:54.99) හා ඉරාකයේ මොහොමඩ් (1:55.05) රහීම් විසිනි. එම තරග ඉසව්වේ පළමු හා දෙවන ස්ථාන දිනා ගත් ක්‍රීඩකයින් දෙදෙනා පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩකයින්ගේ නම් අනුපිළිවෙළින් සැකසූ විට හර්ෂට හිමි වූයේ 9 වැනි තැනයි. ඒ නිසා ශ්‍රී ලංකාවට තිබූ තවත් එක පදක්කම් බලාපොරොත්තුවක් සිහිනයක් බවට පත්විය. (අවසන් තරගයට තෝරා ගනු ලබන්නේ ක්‍රීඩකයින් 8 දෙනෙකි)
අමාෂා ද සිල්වා අද දිනයේ දී මීටර 200 කාන්තා සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්වට සහභාගී වෙමින් තත්පර 24.77ක කාලයක් තුල ඇයගේ ඉසව්ව නිමා කළේ අවසන් මහා තරගයේ ඉඩකඩ වෙන්කර ගනිමිනි. අවසන් ක්‍රීඩිකාවන් සියල්ල අනුපිළිවෙළින් සැකසූ විට අමාෂා 5 වැනි ස්ථානයේ සිටියි. එම තරග ඉසව්වේ අවසන් තරගය හෙට (10) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.30ට පැවැත්වේ.
ශ්‍රී ලංකා යෞවනයෝ ආසියාවේ දැවැන්තයින් හමුවේ රන් රිදී දිනති
ජපානයේ ගීෆූ නුවර දී පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ අද (08) දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.
එසේම ඊයේ දිනයේ දී මීටර 400 පිරිමි තරග ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන් පසිඳු කොඩිකාර මීටර 400 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්ව සඳහා අද සහභාගී විය. එහි දී තත්පර 55.35ක කාලයකින් සිය ඉසව්වට තිත තැබූ පසිඳු අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගන්නා ලදි. ඔහු ද අවසන් තරගයට තේරී පත්වූ ක්‍රීඩකයින් සියල්ල අනුපිළිවෙළින් සැකසූ විට 5 වැනි ස්ථානයේ සිටියි. එම තරග ඉසව්වේ අවසන් මහා තරගයත් හෙට (10) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10.05ට පැවැත්වේ.
රටවල් 35ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ අද (9) දිනය අවසන් වන විට එකඳු පදක්කමක් හෝ දිනා ගැනීමට සමත්ව සිටියේ රටවල් 14ක් පමණි. ඒ අතරින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් 3ක් හා එක් ලෝකඩ පදක්කමක් ඇතුළුව සමස්ත පදක්කම් 6ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම 18 වැනි කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ සමස්ත පදක්කම් සටහනේ 6 වන තැන දිනා සිටියි. එහි පළමු ස්ථානය චීනය (රන් 10, රිදී 8, ලෝකඩ 2), දෙවන ස්ථානය ජපානය (රන් 8, රිදී 13, ලෝකඩ 9), තෙවන ස්ථානය චින තායිපේ (රන් 3, රිදී 1, ලෝකඩ 9) දිනා සිටියි. අසල්වාසී ඉන්දියාව මේ වන විට එහි 5 වැනි තැන දිනාගෙන ඇත.
තරගාවලියේ වාර්තා වන පුවත් ඔබ වෙත එසැණින් රැගෙන ඒමට ThePapare.com සූදානම්. මේ තරගාවලිය ලබන 10 වැනිදා දක්වා ජපානයේ දී ජපානයේ ගිෆු හි නාගාරගාව ක්‍රීඩා පිටියේ පැවැත්වේ.
10th June 2018 | |||
10.05am | Pasindu Kodikara | Men’s 400m Hurdles | Final |
10.15am | Tharindu Dasun | Men’s High Jump | Final |
10.30am | Amasha De Silva | Women’s 200m | Final |
10.50am | Aruna Darshana | Men’s 200m | Final |
12.55pm | Men’s 4X400m | Semi Final | |
12.55pm | Women’s 4X400m | Final | |
1.10pm | Men’s 4X400m | Final |
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<