මෙම මාසයේ දී ආරම්භ වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ Mumbai Indians කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉන්දීය නායිකා Harmanpreet Kaurට හිමිව තිබෙනවා.
Mumbai Indians ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ලබා ගත් වටිනාම ක්‍රීඩිකාව Harmanpreet Kaur වූ අතර ඇයට අමතරව එම කණ්ඩායමට විදෙස් ක්‍රීඩිකාවන් වන Nat Sciver-Brunt, Hayley Matthews සහ Amelia Kerr ඇතුළත්.
“ජාතික කණ්ඩායමේ නායිකාව ලෙස ඇය සිය කණ්ඩායම ඉතාමත් විශේෂ ජයග්‍රහණ රැසකට මෙහෙයවලා තියෙනවා. අපේ පුහුණුකරුවන් සමඟ එකතු වෙලා ඇය කණ්ඩායම හොඳින් මෙහෙයවයි කියලා මම හිතනවා,” යැයි කණ්ඩායමේ හිමිකරු වෙන Nita Ambani ප්‍රකාශ කර තිබෙනවා.
ක්‍රීඩිකා වෙන්දේසියේ දී Mumbai Indians කණ්ඩායම විසින් Harmanpreetව ඉන්දීය රුපියල් කෝටි 1.8ක මුදලකට මිල දී ගත් අතර එය වෙන්දේසියේ ක්‍රීඩිකාවකට හිමි වූ තෙවැනි ඉහළම වටිනාකම වීම විශේෂත්වයක්.
- “ICC එක තියෙන්නේ ඉන්දියාව යටතේ” – Abdur Rehman
- ළමා අපචාර චෝදනා ලද ක්‍රීඩකයාගේ ගුවන් තහනම ඉවතට
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 2024 ලෝක කුසලානය අවිනිශ්චිතයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ගෝලීය විකාශන අයිතියට ලංසු කැඳවයි
- සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් පෙරළිකාර ජයක්
ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරමින් කණ්ඩායම අවසන් විස්සයි විස්ස තරගාවලි තුනේම පිළිමළුන් පිටුදැකීමේ වටයට රැගෙන ඒමට සමත් වූ අතර 2020 ලෝක කුසලානයේ දී ඔවුන් අනුශූරතාව දිනා ගත්තා.
අවසන් වරට පැවති 2023 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේ පන්දු 34ක් තුළ ලකුණු 52ක් ලබා ගනිමින් අගනා ඉනිමක් ක්‍රීඩා කිරීමට Kaurට හැකි වූවත්, අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසු වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වුනා.
එමෙන්ම ලොව විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 150ක් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ද ඇය වීම විශේෂත්වයක්.
Kaur තරගාවලියේ දී Edwards, Goswami, සහ Devika Palshikar යන පුහුණුකාර මණ්ඩලය සමඟ වැඩ කිරීමට නියමිත අතර එම කණ්ඩායම සඳහා ඉන්දීය නියෝජනය කරන ක්‍රීඩිකාවන් ලෙස Pooja Vastrakar, Yastika Bhatia සහ Amanjot Kaur ඇතුළත් වෙනවා.
කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කරමින් Mumbai Indians සහ Gujarat Giants කණ්ඩායම් මාර්තු 04 වැනිදා තරග වැදීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<