පාන්ඩ්‍යාගෙන් අමුතු ආකාරයේ ජය සැමරුමක්

394
Hardik Pandya

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය ඊයේ (26) පැවැත්වුණු අතර එහි දී Hardik Pandya පන්දු 21ක් තුල ලකුණු 61ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. 

එහි දී Pandya සිය අර්ධ ශතක සැමරුම සිදු කළ ආකාරය ගැන බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර එය Black Lives Matter විරෝධතා මාලාවට සහය දැක්වීමක් වශයෙන් එක් දණහිස බිම තබා කළ සැමරුමකි. IPL තරගාවලිය තුල එවැන්නක් කළ පළමු ක්‍රීඩකයා ඔහුයි.

එම අවස්ථාවේ දී මුම්බායි වැඩ බලන නායකයා ලෙස වැඩ කටයුතු කළ Kieron Pollard ද ක්‍රීඩාගාරයේ සිට සිය අසුනෙන් නැගිට අත්පොළසන් දෙනු දක්නට ලැබුණි. කෙසේ නමුත් බෙන් ස්ටොක්ස් දියත් කළ දක්ෂ පිතිප්‍රහාරය නිසාවෙන් මුම්බායි කණ්ඩායමට කඩුල්ලක පරාජයක් ලබා ගැනීමට සිදුවුවත් තවමත් IPL ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

තවත් ක්‍රිකට් පුවත්

තරගය නිමා වූ පසු සිය නිල Twitter සහ Instagram ගිණුම් හරහා අර්ධ ශතකය ලබාගෙන ජය සැමරූ ආකාරයේ පින්තූරයක් පළ කරමින් “BlackLivesMatter” ලෙස සටහන් කර තිබුණි.

ඇමරිකානු පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික ඇමරිකානුවා මරා දැමීමෙන් අනතුරුව ලොව පුරා ජාතිවාදය පිළිබඳව දැඩි කතා බහක් ඇති විය. ඒත් සමඟම ලොව පුරා ක්‍රියාත්මක Black Lives Matter විරෝධතා මාලාවට සහය දැක්වීමක් වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ නිල ඇඳුමේ Black Lives Matter ලාංඡනය ප්‍රදර්ශනය කළේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දීයි.

Alisha Hosannah විසින් නිර්මාණය කරන ලද මෙම Black Lives Matter ලාංඡනය ICC ද අනුමත කර තිබීම විශේෂත්වයක්. මෙම ලාංඡනය එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සියල්ලම සිය ජර්සිවල පැලඳ ක්‍රීඩා කිරීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.  

එසේම Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කරනු ලබන කොදෙව් ක්‍රීඩක Jason Holder පසුගිය දිනක පැවති තරගයක් අවසන් වීමෙන් පසුව පවසා සිටියේ Black Lives Matter විරෝධතා මාලාව වෙනුවෙන් IPL තරගාවලිය තුල කිසිවක් සිදු නොකර තිබීම කනගාටුවට කරුණක් බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<