2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Punjab Kings සමඟ පැවති තරගයේ දී රඳවා ගත් අඩු පන්දුවාර වේගය නිසා Gujarat Titans නායක Hardik Pandyaට දඩයක් පැනවීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
මෙය මෙම තරග වාරයේ නායකයෙකු අඩු පන්දුවාර වේගයට හසු වූ තෙවැනි අවස්ථාව වන අතර මීට පෙර RCB නායක Faf du Plessis සහ RR නායක Sanju Samson අඩු පන්දුවාර වේගය නිසා දඬුවම් ලැබුවා. එමෙන්ම මෙම සිදුවීම් ත්‍රිත්වය අඛණ්ඩ තරග තුනක දී සිදු වීම විශේෂත්වයක්.
“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Punjab Kings සමඟ පැවති තරගයේ රඳාවා ගත් අඩු පන්දුවාර වේගය නිසා Gujarat Titans නායක Hardik Pandyaට දඩයක් පැනවීමට තීරණය කර තිබෙනවා. මෙය ඔහු එම සිදුවීමට අදාළ තරගාවලි ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කළ පළමු අවස්ථාව නිසා ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් පැනවීමට කටයුතු කරනවා,” යැයි තරග සංවිධායකයින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.
Shubman Gill වාර්තා කළ සටන්කාමී ඉනිම නිසා Punjab Kings පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට තරගාවලියේ වර්තමාන ශූරයින් වන Gujarat Titans ක්‍රීඩකයින්ට පසුගිය දා හැකියාව ලැබුණා.
- Dhoniගේ සුවිශේෂී වාර්තාවක් බිඳ වැටෙයි
- Pooran තරග වාරයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි
- LSG වේගපන්දු යවන්නාට තරවටු කරයි
- තරගයේ පරාජයට Dhawan පිතිකරුවන්ට දොස් පවරයි
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Punjab Kings ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 153ක් පමණයි.
දෙවැනි අදියරේ දී සම්පූර්ණ ආධිපත්‍ය රඳවා ගැනීමට Gujarat Titans ක්‍රීඩකයින්ට හැකි වූවත්, අවසන් පන්දුවාරයේ දී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වෙමින් තරගය දෙපිලටම විවර කරන්න Sam Curranට හැකි වුනා.
නමුත් තරගයේ ජයග්‍රහණයට අවසන් පන්දු දෙක තුළ ලකුණු 4ක් අවශ්‍ය වූ අවස්ථාවේ හතරේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට Rahul Tewatiaට හැකි වුනා.
මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
Hindustan times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<