ඊසාන දිග ඉන්දියාවේ මනිපුර් ප්‍රදේශයේ දී පසුගිය මැයි මාසයේ දී සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සමස්ත ඉන්දියාව ම කැලඹීමට පත් වී තිබෙනවා.
පසුගිය බදාදා (19) දිනයේ පටන් twitter හරහා ඉතා ඉක්මනින් හුවමාරු වීමට පටන් ගත් මෙම වීඩියෝවේ පිරිමි සමූහයක් විසින් නිරුවත් කාන්තාවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් ඇදගෙන යන දර්ශනයක් අඩංගු වී ඇති අතර, විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි ඉන් එක් කාන්තාවක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර, වීඩියෝවේ සටහන් නොවූව ද තවත් කාන්තාවක් ද බලහත්කාරයෙන් නිරුවත් කර ඇති බව වාර්තා වනවා.
මනිපුර් ප්‍රදේශයේ ජීවත් වන Meitei සහ Kuki නම් ජනවර්ග ද්විත්වය අතර කලක පටන් පවත්නා ගැටුමක එක් අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හඳුන්වා දිය හැකි අතර, මෙවැනි ගැටුම්වල දී ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස භාවිත කෙරෙන බව ද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධ බවට සාක්ෂි සහිතව (වීඩියෝ පටය නිසා) ඔප්පු වී ඇති අයගෙන් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් අයෙකු පමණයි.
අතිශය සංවේදී දර්ශන සහිත මෙම කෙටි වීඩියෝ පටය මුලු ලෝකයේ ම ඇස් නැවතත් ඉන්දියාව දෙසට හැරවීමට සමත් වී ඇති අතර, මෙහි දී ප්‍රසිද්ධ ඉන්දීය තරු විසින් ද මෙම සිදුවීම දරුණු ලෙස විවේචන කරමින් අදහස් දැක්වීමට පෙරමුණ ගෙන තිබෙනවා.
- නිදි පෙති සමඟ ජීවත් වූ අතීතය ගැන De Villiers හෙළි කරයි
- හැමදේම වෙනස් වුනේ උඩපන්දු නිසා!
- Kohli කවුද මට?
- “එදා මගේ බිරිඳ නොහිටියා නම්..!”
- Kohli කවුද මට?
ඒ අතරින් ඉන්දීය ක්‍රීඩා තරු නියෝජනය කරමින් ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් දක්වමින් මෙම සිදුවීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කිරමින් හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු සහ වත්මන් ඉන්දීය රාජ්‍ය සභා නියෝජිතයෙකු වන Harbhajan Singh විසින් පවසා සිටියේ, මෙම සිදුවීමට සම්බන්ධ වූ අයට උපරිම දඬුවම් (මරණ දණ්ඩනය) ලබා දිය යුතු බවයි.
“මම තරහින් ඉන්නවා කිව්වොත් ඒක අවතක්සේරු කිරීමක්. මම පුදුම කේන්තියකින් ඉන්නේ. මනිපුර් වල සිදු වුනු දේ ගැන මම ලැජ්ජා වෙනවා.
මේ දරුණු අපරාධය කළ අයව නීතිය ඉදිරියට ගෙනැවිත් මරණ දණ්ඩනය ලබා දිය නොහැකි නම් අපි අපිවම මිනිසුන් ලෙස හඳුන්වා දීම නතර කළ යුතුයි.
මේ සිදුවීම මාව පීඩාවට පත් කළා. ඇති කියන්නේ ඇති. රජය තීරණයක් ගත යුතුයි.”
If I say I am angry, it’s an understatement. I am numb with rage. I am ashamed today after what happened in Manipur. If the perpetrators of this ghastly crime aren’t brought to the book and handed capital punishment, we should stop calling ourselves human. It makes me sick that…
— Harbhajan Turbanator (@harbhajan_singh) July 20, 2023
ඉන්දියාවෙන් කාලයෙන් කාලයට මෙවැනි අතිශය සංවේදී මට්ටමේ ලිංගික හිරිහැර කිරීම් සම්බන්ධ සිදුවීම් වාර්තා වන අතර, එවැනි ක්‍රියාවලට එරෙහිව රටක් ලෙස නැගී සිටිය යුතු බවයි Harbhajan Singh විසින් අවධාරණය කරන්නේ.
දිනෙන් දින උණුසුම් වන විට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<