පසුගිය අඟහරුවාදා (20) රාත්‍රියේ සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හට ගත් ගින්න නිසා එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉදිරි තරගවලට බලපෑමක් එල්ල නොවන බව Cricbuzz වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.
පසුගිය අඟහරුවාදා සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු තරගය නිමා වීමෙන් පසු ආසන්න වශයෙන් පැය හයක පමණ කාලයකට පසුව හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දකුණු කෙළවරේ නැවතුම්පොලේ සිට මීටර කිහිපයක් ඈතින් ගින්නක් හට ගෙන තිබෙනවා.
එමෙන්ම පසුව මෙම ගිනි දැල් ක්‍රීඩා පිටියෙන් පිටත පිහිටි ගස් කිහිපයක් වෙත ද ඇදී ගොස් තිබූ බව සමාජ මාධ්‍ය වල තිබූ වීඩියෝ පට මඟින් දැක ගැනීමට ලැබුණා.
Developing Sad Story !!
It appears a fire 🔥 has broken out at some section of Harare Sports Club or nearer to !!
I hope the fire will be contained before any significant damage as we are in the midst of World Cup Qualifiers!! 🙂🙂 pic.twitter.com/VuZIQKFsNA
— Don Conrado Sol 🇿🇼👉🇿🇦👴 (@haploz99) June 20, 2023
කෙසේ වෙතත් මෙම සිදුවීම වූ වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන බටයන් විසින් එම ගින්න නිවා දැමීමට සමත් වී තිබෙනවා.
ඒ අනුව ඊයේ ICCයේ විශේෂ කණ්ඩායමක් මඟින් ක්‍රීඩාංගණය පරීක්ෂා කර ඇති අතර ක්‍රීඩාංගණයට ගින්නෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බව සහ මෙම සිදුවීම ප්‍රේක්ෂක ආරක්ෂාවට අවදානමක් ඇති නොකරනු ඇති බවටත් ඔවුන් විසින් සෑහීමකට පත් වී තිබෙනවා.
- පාකිස්තානයේ අලුත් වගකීම් වලින් වෙනස් කතාවක්
- පාකිස්තානයේ ඉල්ලීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
- ලෝක ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ වෙනසක්
- නවසීලන්ත ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි
- පාකිස්තාන ක්‍රිකට් සභාපතිගෙන් විශේෂ තීරණයක්
එමෙන්ම සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ද ඊයේ දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ ක්‍රීඩාංගණයට ගින්නෙන් කිසිදු හානියක් සිදු වී නොමැති බවයි.
එම නිසා අද (22) නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර හරාරේ හිදි පැවැත්වීමට නියමිත තරගය කිසිදු බාධාවකින් තොර ව පැවැත්විය හැකි බව ද ඔවුන් අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම ඉතා හොඳ මට්ටමේ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් යුතු ව ක්‍රිකට් තරග පැවැත්වෙන සහ ක්‍රීඩකයින්ට පවා හොඳ වාතාවරණයක් නිර්මාණය කරන ක්‍රීඩාංගණයක් ලෙස හරාරේ ක්‍රීඩාංගණය ප්‍රසිද්ධියක් උසුලනවා.
නෙදර්ලන්තය සහ සිම්බාබ්වේ තරගය නිමා වීමෙන් පසුව නෙදර්ලන්තය කණ්ඩායම් සාමාජිකයකු වන Max O’Dowd විසින් සටහන් කළ Twitter සටහනක් ඒ සඳහා හොඳම උදාහරණය ලෙස සටහන් කළ හැකියි.
Not the result we wanted, fair play to @ZimCricketv for a dominating chase. Just want to say thank you to Castle Corner for singing my favourite song! Best crowd in the world ❤️
— Maxwell O’Dowd (@Maxiboi23) June 20, 2023
“මගේ ප්‍රියතම ගීතය ගායනා කිරීම වෙනුවෙන් Castle Corner (හරාරේ ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාර අන්තයක්) වෙත ස්තුතිවන්ත විය යුතුයි! ලෝකයේ හොඳම ප්‍රේක්ෂකයින්!”
😂😂 don’t know the words but the vibe is 🤙🏼 https://t.co/DmlVuAoGX8
— Maxwell O’Dowd (@Maxiboi23) June 20, 2023
ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<