එංගලන්තයේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන Ageas Bowl (Rose Bowl) ක්‍රීඩා පිටියේ දුර්වල ස්වභාවය හේතුවෙන් එහි අයිතිය ඇති එංගලන්තයේ පළමු පෙළ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන Hampshire කණ්ඩායමට දඬුවම් ලකුණු ලබා දීමට ක්‍රිකට් විනය කොමිෂන් සභාව (CDC) විසින් පියවර ගෙන තිබෙනවා.
මෙම ක්‍රීඩාංගණයේ දී 2023 තරගවාරය වෙනුවෙන් Essex සහ Hampshire කණ්ඩායම් අතර පසුගිය ජූලි 25-27 දිනවල දී පැවැත්වුණු ක්‍රිකට් තරගය අතරතුර එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසා ක්‍රීඩාංගණය “සාමාන්‍යය තත්වයට වඩා අඩු” (Below Average) මට්ටමේ එකක් ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ අයිතිය ඇති Hampshire කණ්ඩායමට ද 2023 තරග වාරයෙන් ලකුණු තුනක් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
- 17 හැවිරිදි Gaurගේ පන්දු හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්!
- හිරු නොබසින අධිරාජ්‍ය දණ ගැස් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ක්‍රිකට් වංශ කතාව අලුත් කරයි
- ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එංගලන්ත සංචාරයට පෙර
එමෙන්ම මේ නිසා Hampshire කණ්ඩායමට 2024 තරග වාරය වෙනුවෙන් අත්හිටවූ දඬුවම් ලකුණු 20ක් සහ බ්‍රිතාන්‍ය පවුම් 5000ක දඩයක් නියම කර ඇති අතර, අදාළ කාලය තුළ නැවතත් එවැනි වරදක් සිදු වුවහොත් එම දඬුවම් Hampshire වෙත බලපැවැත්වෙනු ඇති.
Essex සහ Hampshire අතර පැවැත්වුණු මෙම තරගයෙන් Essex කණ්ඩායම විසින් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙම තරගයේ එකඳු ඉනිමක හෝ ලකුණු 200 සීමාව ඉක්මවා යාමට කණ්ඩායම් සමත් වුනේ නැහැ.
ප්‍රාන්ත තරගවල දී සෑම සත්කාරක කණ්ඩායමක් ම උපරිම මට්ටමේ තනණතීරු සකස් කළ යුතු බවට එංගලන්තය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නීති පනවා තිබෙනවා. ඒ අනුවයි Rose Bowl ක්‍රීඩාංගණයට සහ Hampshire කණ්ඩායම වෙත මෙම ගැටලුව පැන නැගී තිබෙන්නේ.
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<