පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව එම තරගාවලිය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට බොහෝ ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2023 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත නිසා එයට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ නිල කාලසටහන තවමත් නිකුත් කර නැහැ.
- ඉන්දීය නායිකාව බංග්ලාදේශයේ දී යකා නටයි
- නායිකාව නිසා ඉන්දියාවට අමතර හිසරදයක්
- ඉන්දීය ක්රිකට් නායිකාවට ICCයෙන් දඬුවම්
- ඉන්දීය නායිකාවට ආසියානු ක්‍රීඩා උලෙළේ ආරම්භය මඟ හැරේ
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.
“අපි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කළා, මම හිතනවා තරගාවලියේ සැලසුම් කළ පරිදි පවත්වයි කියලා. අපි ගොඩක් සතුටු වෙනවා ආසියානු රටවල් වලට සහය දෙන්න ලැබෙන එකට,” යැයි ඔහු ප්‍රකාශ කළා.
පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ ටෙස්ට් සංචාරයක නිරතව සිටින අතර එම තරගාවලියෙන් පසු නායක Babar Azam ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම නියමිතයි.
දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
Cricket Pakistan ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<