Gujarat Titans සුපිරි පිතිකරුවාට තරගාවලිය අහිමි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

5665
Kane Williamson

තරගාවලියේ ආරම්භක තරගයේ දී ම සිදු වූ ආබාධයක් නිසා Gujarat Titans නියෝජනය කරන නවසීලන්ත ක්‍රීඩක Kane Williamsonට තරගාවලියේ ඉතිරි තරග අහිමි වන බව කණ්ඩායම් බලධාරීන් තහවුරු කර තිබෙනවා.

“Kane Williamsonට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අහිමි වෙනවා කියලා කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කරන්න වෙනවා. අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා වගේම ඉක්මනින් ආයෙත් ක්‍රීඩා පිටියේ දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා,” යැයි කණ්ඩායම් බලධාරීන් ප්‍රකාශ කළා.

මෙම ආබාධයෙන් පසු Williamson නැවතත් සිය මව් රට වන නවසීලන්තයට පිටත් වීමට නියමිත බව ද කණ්ඩායම තහවුරු කර සිටියා.

Williamsonගේ ඉවත් වීමත් සමඟ කණ්ඩායම ක්‍රීඩකයෙකු ආදේශ කිරීම පිළිබඳ තීරණය කර අවසන් වන බව ද වාර්තා වන අතර ආදේශ කරන ක්‍රීඩකයා පිළිබඳ කණ්ඩායම ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතයි.

චෙන්නායි කණ්ඩායම සමඟ මෙවර තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ දී පන්දුවක් රැකීමට ගොස් Williamson දණහිසේ ආබාධයකට ලක් වනු දක්නට ලැබුණා.

හයේ පහරක් නවතාලීමට යාමේ දී එම ආබාධය සිදු වූ අතර පසුව ඔහු සඳහා අතිරේක ක්‍රීඩකයෙකුව සිට B. Sai Sudharsan ආදේශ කිරීමට කණ්ඩායම තීරණය කළේ ආදේශක ක්‍රීඩක නීතිය යටතේයි.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<