ඉන්දියා ඕස්ට්‍රේලියා තරගාවලිය ප්‍රේක්ෂකයින්ට විවෘත වෙයි!

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය

398

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ තරග ප්‍රේක්ෂකයින් හට ද විවෘත වන බව වාර්තා වෙනවා. මෙලෙස ක්‍රිකට් තරග නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වන්නේ පසුගිය මාර්තු මාසයෙන් පසුව වීම විශේෂත්වයක්.

SCG ක්‍රීඩා පිටියේ හා කැන්බරා ක්‍රීඩා පිටියේ සීමිත පන්දුවාර තරග පැවැත්වෙන අතර එළඹෙන වසරේ ජනවාරි 7 වැනිදා වසරේ පළමු ටෙස්ට් තරගය ද SCG හිදී පැවැත්වීමට නියමිතයි. එම ටෙස්ට් තරගයට හා සීමිත පන්දුවාර තරගවලට ක්‍රීඩාංගණ ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සහභාගී කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අවසන් එක්දින තරගය හා පළමු විස්සයි විස්ස තරගය පැවැත්වෙන කැන්බරා හි Manuka Oval ක්‍රීඩාංගණයේ එම තරග සඳහා ප්‍රේක්ෂකයින් 6000කට ආසන වෙන් වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙන ගැබා ක්‍රීඩාංගණය එහි ධාරිතාවයෙන් 75%කට හා මෙල්බර්න් හිදී පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරග ප්‍රේක්ෂකයින්ගෙන් 25% ප්‍රමාණයකටත් විවර වන අතර අනෙක් ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂක ධාරිතාවයන් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. 

මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයට 25,000ක පමණ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සහභාගී කර ගැනීමට මුලදී සැලසුම් කර තිබුණා.

නොවැම්බර් 27 වැනිදා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස තරගාවලියත් ආරම්භ වීමට නියමිතයි. එම තරගාවලියටත් ප්‍රේක්ෂකයින් සහභාගී කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<